බුදුරජාණන්වහන්සේ විසින් සූත්‍ර තුනකම (අංගුත්තර නිකායෙහි දෙතැනක සහ සංයුත්ත නිකායෙහි එක් තැනක) ආඝාතය පිළිබඳව විස්තර කර තිබේ. එය ඉංග්‍රීසියෙන් resentment ය. ධර්මානුකූලව ආඝාතය මානසික විෂ (mental poison) ලෙස හැඳින්වේ. තව කෙනෙකුට විෂ පොවා ඝාතනය කරන්නට උත්සාහ කරන අය ද විෂ නිසා කරදරයට පත්විය හැකිය. භෞතික විෂ නිසා එසේ විෂ පොවන්නා බේරුනද ආඝාතය හෙවත් මානසික විෂ නිසා අනුන් කෙසේ වෙතත් තමන් නම් විනාශයට පත්වේ.
ආඝාතය ඇතිවන්නේ ආත්මීය ස්වභාවය හෙවත් මමත්වය (ego) සහ ආත්ම අනන්‍යතාවය (self-identity) මුල් කරගත් අවිද්‍යාව (absence of rational awareness) නිසාය.
ආඝාතයෙහි ප්‍රභේද හතරක් තිබේ. එනම් 1. ආත්ම ආඝාතය හෙවත් තමන් කෙරෙහිම පවතින ආඝාතය (self-directed resentment), 2. අනුන් කෙරෙහි ඇති ආඝාතය (resentment directed at others), 3. අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය (resentment toward objects and circumstances) සහ 4. සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය (resentment that arises from ideological or philosophical conflicts) ය. ප්‍රභේද හතර තව දුරටත් පහත විස්තර වේ.
පළමුවෙනි ප්‍රභේදය වන ආත්ම ආඝාතය යනු තමන් විසින්ම තමන් මානසිකව ඝාතනයකට ලක් කර ගැනීමයි. ආත්ම ආඝාතයෙන් පෙළෙන අධිරාජවරුන්, රාජ්‍ය නායකයන්, උගතුන්, ආගමික නායකයන් ඇතුළු සියළු තරාතිරමේ අය ලොව සිටිය අතර අද ද සිටියි. ආත්ම ආඝාතය ඇති තැනැත්තා සාමාන්‍යයෙන් එය දකින්නේ නිපුණත්වයක් (talent) ලෙසය. එය ධර්මානුකූලව තමන්ටත් හොරෙන් තමන්ව රවට්ටා ගන්නා වඤ්චක ධර්ම හෙවත් masquerading tendenciesවල ස්වභාවය නිසා ඇති වේ. ආත්ම ආඝාතයට ප්‍රධානම හේතුව තමන්ගේ ක්‍රියාවන් සහ අසමත්වීම් ය.
දෙවෙනි ප්‍රභේදය හෙවත් අනුන් කෙරෙහි ඇතිවන ආඝාතය ඇතිවන්නේ තමන්ගේ රුචියට ගැලපෙන ලෙස අනුන් නොසිටින විටය. එම තත්ත්වය ඇතිවන්නේ අනුන් සමග ආශ්‍රයේදී ය.
තුන්වෙනි ප්‍රභේදය හෙවත් අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය ඇතමුන් තුළ තිබේ. එයට හේතුව දෙවෙනි ප්‍රභේදය කෙරෙහි බලපාන හේතුවම ය. නිකරුණේ කැලෑ ගිනි තැබීම තුළින් තමන්ට කිසි වරදක් නොකරන ස්වභාවධර්මයෙන් පළිගැනීම තුන්වෙනි ප්‍රභේදයට කදිම උදාහරණයකි.
හතරවෙනි ප්‍රභේදය හෙවත් සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය අද ඉතා ගෝලීය මට්ටමෙන් ඉතා භයානක තත්ත්වයකට පැමිණ තිබේ. තමන්ගේ ආගමික මතවාදය පමණක් සත්‍ය යැයි ප්‍රකාශ කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ ආගමික අන්තවාදය මෙම ප්‍රභේදයට කදිම උදාහරණය කි.
ආඝාතයට විසඳුම ලෙස බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා ඇත්තේ මෛත්‍රීය (loving-kindness), කරුණාව (compassion), සහ ඛන්ති හෙවත් සමාවදීම (forgiveness) ප්‍රගුණ කිරීමත් අවධානයෙන් හෙවත් සති (mindfulness) හැකිතරම් දුරට ක්‍රියාවට සහ චින්තනයට යොදා ගැනීමත් අප කවුරුත් ලෝකයේ අයිතිකරුවන් නොව තාවකාලික නවාතැන්කරුවන් බව අවධාරණය කෙරෙන අනිත්‍යතාව හෙවත් අනිච්ච (impermanence) පිළිබඳ ඉගැන්වීම ආකල්ප ලෙස භාවිත කිරීමත් ය. බුද්ධ වචනයට අනුව විසඳුම හැඳින්වෙන්නේ ‘ආඝාත පටිවිනය’ (anti-resentment training) ලෙසය. නිතරම පච්චවෙක්ඛණ හෙවත් කරන කියන දෑ කෙරෙහි reflection කිරීම අත්‍යවශ්‍ය වේ.
අප මෙලොවට ආවේ අපත් විනාශ වී ලොවත් විනාශ කිරීමට නොව අපත් සුරැකී ලොව ද අනාගත මිනිස් පරපුර සහ ජීවීන් වෙනුවෙන් වඩා සුරක්ෂිත කර නික්ම යාමට ය.
– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි