Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 වසරේ මාර්තු සිට එක්සත් රාජධානියේ වීසා වෙනස් වෙන්නේ මෙහෙමයි

එක්සත් රාජධානිය වෙත සිදුවන සංක්‍රමණ පාලනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය රජය විසින් පසුගිය දා නව වීසා සීමාවන් කිහිපයක් හඳුන්වා දුන්නා. බ්‍රිතාන්‍යයේ අභිනව ස්වදේශ කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කල නව වීසා කොන්දේසි අනුව අංශ 5ක් යටතේ මෙරටට පැමිණිමට ඇති අවස්ථාවන් සීමා වනු ඇති.

2019 මහමැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලෙස මෙරටට සිදුවන සංක්‍රමණ පාළනය කරන බවට ප්‍රකාශ කල අතර එහෙත් පසුගිය වසර කිහිපය පුරාම එම පොරොන්දුව ඉටු කිරීමට වර්තමාන රජය අපොහොසත් විය. 2022 වසරට අදාළව නිකුත් වූ දත්ත වලට අනුව එම වසරේදී මෙරටට සිදුවූ ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය 745,000 බවට හෙලිදරව් වීමෙන් පසුව රජය විසින් මෙම සීමාවන් කඩිමුඩියේම හඳුන්වා දීමට තිරණය කලේය.

Skilled Visa, Student Visa සහ family visa යටතේ හඳුන්වා දුන් මෙම වෙනස්කම් එළැඹෙන 2024 වසරේ මාර්තු මාසයේ සිට බලපැවැත්වෙනු ඇති. ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් හඳුන්වා දුන් නව නිරණායකයන් යටතේ මෙතෙක් කලක් විදේශීය පුද්ගලයෙකු Skilled Visa යටතේ මෙරටට පැමිණිමේදී අවශ්‍යව තිබූ බ්‍රිතාන්‍යය පවුම් 26,200ක අවම වැටුප පවුම් 38,700 ය දක්වා 50% ට ආසන්න අගයකින් ඉහළ දැමීය. ඒ අනුව ලබන වසරේ මාර්තු සිට රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයකට විදේශීය පුද්ගලයන් බඳවා ගැනීමට මෙරට ආයත වලට නොහැකි වනු ඇති.

ඊට අමතරව දැනට පවතින හිඟ රැකියා ලයිස්තුව සංශෝධනය කරන බවටද ජේම්ස් ප්‍රකාශ කරා. එමගින් දැනට හිඟ රැකියා ලයිස්තුවෙහි පවතින වැටුප් අඩු හිඟ රැකියා විශාල ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇති. එමෙන්ම හිඟ රැකියා වර්ග කිහිපයක්ද ඉවත් කෙරෙනු ඇති. කෙසේ වෙතත් සෞඛ්‍ය, සමාජ සත්කාරක හා රැකවරණ සේවකයන් හෙවත් Care workers සඳහා ඉහත අවම වැටුප් මට්ටම බල නොපානු ඇති. සෞඛ්‍ය සේවාවන්හී පවතින පුරප්පාඩු සලකා බලා එම රැකියාවන් ඉහත අවම වැටුපෙන් නිදහස්බක්රීමට රජය තීරණය කර ඇත.

එහෙත් රැකවරණ සේවකයන් හෙවත් Care workers සඳහා සිය පවුලේ සාමාජිකයන් හෙවත් යැපෙන්නන් රැගෙන ඒම අත්හිටුවා ඇත. එම වීසා කොන්දේසියද එළැඹෙන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත වේ. ජාත්‍යන්තර සිසුන් සඳහාද සිය යැපෙන්නන් රැගෙන ඒම පසුගියදා තහනම් කල අතර එම තහනම එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව මෙරට ජීවත් වන බ්‍රිතාන්‍යය පුරවැසියන් සහ ස්ථිර වීසා හිමි පුද්ගලයන් සඳහා සිය පවුල් වල සාමාජිකයන් මෙරට ගෙන්වීම සඳහා අවශ්‍යව තිබූ අවම ආදායමද පවුම් 18,600 සිට පවුම් 38,700 දක්වා ඉහළ නංවා ඇත. එහි අරමුණ මෙරට ජීවත් වන පුද්ගලයන්ට මුල්‍යමය වශයෙන් සහිය දිය හැකි පුද්ගලයන් පමණක් යැපෙන්නන් වශයෙන් මෙරටට ගෙන්වීම දිරිගැන්වීම වේ.

තිලාන් ජයසේකර

Sign up for our newsletter