Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Raffealla Fernando

බොලිවුඩය දික්විජය කළ රැෆෙලගෙන් ෆෙලා

Raffealla Fernando Celibritie Calendar හෙවත් RFCC කිවූ පමණින් මෙරට ඡායාරූපකරණ

කර්මාන්තය තුළත්, මෝස්තර නිර්මාණ කර්මාන්තය තුළත්, විලාසිතා නිර්මාණ කර්මාන්තය තුළත් මෙන්ම වයවසායිකයන් අතරේත් තම නාමය හා ව්‍යාපාරික සන්නාමය ක්ෂණිකව සිහිගැන්වීමට සමර්ථ වූත් අදාළ කර්මාන්තයන්හි නියැලෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඇගයීමට බඳුන් වෙමින් මව්බිමේ කීර්තිමත්භාවය වර්ධනය කිරීමට වෙරදරන ඇයගේ වෘත්තීය හා ආද්‍යාත්මීය ජීවිතයේ හරස්කඩක්ගෙ නහැරපෑමට ලත් වෑයමකි මේ.

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කොහොමද…?

A). මම හරිම සංවේදී, හරිම සරළ, අළුත් දේවල් අත්හදා බලමින් ඒ ඔස්සේ ලැබෙන අත්දැකීම් තුළින් අළුත් දේවල්

ඉගෙනගන්න කැමති, උත්සාහවන්ත, දෛර්‍යවන්ත, විවේකය ප්‍රියකරන, නිර්මාණකරණයට ප්‍රියකරන,

සංචාරයට ප්‍රියකරන, අභියෝග ජයගනිමින් සිහින හඹායන්න කැමති කෙනෙක්.

Q). ඔබ ජීවිතය දකින්නෙ කොහොමද…?

A). මම ජීවිතය කියන දේ දකින්නෙ මට තිබෙන වටිනාම දේ විදිහට. නිරෝගී ශරීරයක් හා මනසක් සහිතව උප්පත්තිය ලබන්නෙ අපි විසින්ම පෙර රැස්කරගත්ත පුන්‍ය ශක්තීන්ට අනුකූලව කියලා මම තරයේ විශ්වාස කරනවා. ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය මූලික සම්පත් කිහිපය සපයාගන්න පුළුවන් හැමකෙනෙක්ම හුඟක්වා සනාවන්තයි. ජීවිතය තුළ අතීතයේ ලැබුණු නොලැබුණු, වර්ථමානයේ ලැබෙන නොලැබෙන හා අනාගතයේ ලැබීමට නියමිත නොලැබීමට නියමිත දේවල් පිළිබඳව මම බලන්න කැමති ඉතාමත්ම ධනවාදීව. තාවකාලික ජීවිතයක් තුළ ගතවෙන හැම මොහොතක්ම සවිඤ්ඤාණකව හා සබුද්දිකව විඳින්න පුළුවන්නම් ඒක මම

සළකන්නෙ විශාලතම ජයග්‍රහණය හැටියටයි. අපි මැරෙන්න කළින් ජීවත්වෙන්න ඕනෙ.

Q). ඔබේ ආගම හෝ දර්ශනය කුමක්ද? ඒ තුළින් ඔබ ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ දේවල් කුමක්ද…?

A). මම කතෝලික ලබ්ධිකයෙක්. ඉවසීම හා ධණාත්මක චින්තනය තමයි ඉගෙනගත්ත වටිනාම දේවල්. ඒ වගේම අවබෝධකරගත්ත වටිනාම දේ තමයි කිසිම දෙයක ස්ථිර නිමාවක් නැතිබවත් වෙනසකට භාජනය වෙලා නැවතත් ආරම්භ වෙන බවත් කියන දේ. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් හැකි සෑම විටකම යාඤ්ඤා කරනවා. ඊට අමතරව මම බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ විපස්සනා භාවනාව පුරුදු කරනවා. ඒ වගේම හින්දු ධර්මයේ ඉගැන්වෙන සත්චක්‍රයන් හා නාඩි අවධිකිරීමේ ප්‍රාණයාම අභ්‍යාසයන්වලත් නිරතවෙනවා. මම පවතින හැම ආගමකටම හා දර්ශනයකටම ගරු කරනවා. මම විශ්වාස කරන විදිහට ආගම අදහන ආකාරය

හෝ දර්ශනය පිළිපදින ආකාරය පුද්ගලබද්ධ කාරණාවන්. නමුත් ආද්‍යාත්මීය සංවර්ධනය කියන්නෙ

පුද්ගලත්වයෙන් ඔබ්බට ගියපු විශ්වීය ප්‍රඤ්ඤාවත් සමඟින් සම්බන්ධ වුණු සාර්වාත්‍රික කාරණාවක්.

Q). ඔබ කලාව හා නිර්මානශීලීත්වය නිර්වචනය කරගන්නේ කොහොමද…?

A). මම හඳුනාගත්තු විදිහට කලාව කියන්නෙ පුද්ගලබද්ධ වියුක්ත පරිකල්පනයේ හා හැඟීම් ප්‍රකාශනයේ දිගුවක්. ඒ වගේම නිර්මාණශීලීත්වය කියන්නෙ කලාවේ යෙදීමට ඇති ශක්‍යතාවයයි.

Q). ආරම්භයේ සිට වර්ථමානය දක්වා ඔබේ වෘතීය ගමන්මග පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත්කරමු

A). මේ ගතවෙමින් තියෙන්නෙ මගේ නිර්මාණ ජීවිතයේ පහළොස්වන වසරයි. මම පාසල් යන කාලවකවානුවේ ඉඳන්ම ඡායාරූපකරණය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූවා. නමුත් මට අවශ්‍යතාවය තිබුණෙ විලාසිතා නිරූපණ ශිල්පිනියක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ඉතින් මම විලාසිතා නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විලාසිතා නිර්මාණ කර්මාන්තයට අවතීර්ණ උනා. නමුත් මම උපාධිය හදාරමින් සිටින අතරවාරයේ හැකි පමණින් ඡායාරූපකරණයේ යෙදුණා. ප්‍රමුඛ පෙළේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරික සන්නාමයන් රැසක් එක්ක මට වෘත්තීමය ලෙසින් විලාසිතා නිර්මාණ ශිල්පයේ යෙදෙන්න අවස්ථාව උදාවුණා. ඒ ආකාරයෙන් වර්ෂ තුනක් පමණ ගතවීමෙන් අනතුරුව මම නැවතත් වෘත්තීමය ඡායාරූපකරණය පිළිබඳ අවධානය යොමුකරන්න පටන්ගත්තා. මට මුලින්ම අවස්ථාව උදාවුණේ විලාසිතා ඡායාරූපකරණයේ යෙදෙන්න. සුළු කාලයකට පසුව එක්තරා රූපවාහිනී නාළිකාවක් හරහා

මට ඉඩ ප්‍රස්ථාව සැලසුනා කලාශිල්පීන් ඡායාරූපකරණයට ලක්කිරීමට. ඒ තුළින් ලබාගත් අත්දැකීම් හමුවේ 2013 වර්ෂයේදී මම කලාශිල්පීන් ඡායාරූපකරණයට නැගූ කැලැන්ඩරයක්නිර්මාණය කිරීමට තීරණය කළා. මම නොහිතපු නොපැතපු විදිහට ඡායාරූපකරණ කර්මාන්තය වෙතින්

කලාශිල්පීන් වෙතින් හා ප්‍රේක්ෂකයන් වෙතින් අතිවිශාල ධණාත්මක ප්‍රතිචාරයන් ගොන්නක් ඒ වෙනුවෙන්හිමිවුණා. එය මාව නොකඩවාම ඒ කර්ත්ව්‍යයේ යෙදීමට විශාල ලෙස උනන්දු කළා.

අඛණ්ඩව එ කර්ත්ව්‍යය සිදුකරගෙන යාම ඔස්සේ ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය,එක්සත් රාජධානිය, සිංගප්පූරුව ආදී රටවල් කිහිපයකම වෘත්තීය ඡායාරූපකරණ ශිල්පිනියක් හා වෘත්තීය විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු සිදුකිරීමට අවැසි වාතාවරණය ගොඩනැගුණා. වර්ථමානය වනවිට මම ඡායාරූප ශිල්පිනියන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, විලාසිතා නිර්මාණ ශිල්පියක්, මනාලියන්හැඩගැන්වීම සම්බන්ධයෙන් උපදේශකවරියකු, වෘත්තීය උපදේශකවරියකු, නිර්මාණ අද්‍යයක්ෂකවරියක් හා වයවසායිකාවක් යන වෘත්තීන් නියෝජනය කරනවා.

Q). ඔබේ වෘත්තීය ජීවිතය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳ කෙටි ආවර්ජනයක් ඉදිරිපත්කරමු.

ශ්‍රී ලංකාව වැනි ඡායාරූපකරණ හා විලාසිතා නිර්මාණකරණ කර්මාන්තයන්හි සැළකියයුතු අභිවර්දනයක්ද ක්නට නොලැබෙන රටක වසර පහළොවක් පමණ අඛණ්ඩව ප්‍රාමාණිකව නිශ්චිත මෙන්ම ගුණාත්මකව උසස් සේවාධායකයන් සමූහයක් සමඟින් වෘත්තීමය සම්බන්ධතාවයන් කළමනාකරණය කරගෙන යාමම ඉතා විශාල ජයග්‍රහණයක් ලෙස මම දකිනවා.

ඡායාරූපකරණය යටතේ 2013 වර්ෂයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති International

Photography Awards හි එම වසරේ හොඳම ඡායාරූප ශිල්පියා ලෙසින් මාව ඇගයීමට පාත්‍ර වීමත්, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍යෝක් නුවර පැවති International Achievers Awards හි විශේෂ ජූරි සම්මානයක්හි මි වීමත්, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති Bafta Awards හි ලෝක ශ්‍රේණිගත කිරීම්හි අටවන ස්ථානය ලෙසින් සනිටුහන් වීමත් මෙන්ම බොලිවුඩ් සිනමා කර්මාන්තයේ දැවැන්ත වාණිජ සිනමාපට නිර්මාණකරුවෙක් වන රෝහිත් ශෙට්ටි විසින් අද්‍යයක්ෂණය කරනුලැබූ " සර්කස්" සිනමාපටයේ ප්‍රවර්ධන යාන්ත්‍රණයට සම්බන්ධ වීමට මං සැලසීමත් වෘත්තීය ජීවිතයේදී මා ලැබූ විශාලතම ජයග්‍රහණයන් ලෙස හඳුන්වන්න පුළුවන්.

Q). ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ මුහුණදුන් විශාලතම අභියෝගය සහ එය ජයගත් ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත්කරමු.

A). තරුණ වයසෙදි මට අනතුරකට මුහුණදීමට සිදුවුණා. ඉන් අනතුරුව මට වසර එකහමාරක පමණ කාලයක්ග තවනතුරු එක් අංශයක් අප්‍රාණික ලෙසින් ජීවත් වීමට සිදුවුණා. එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වූවාත්ඉ න් පසුව නැවතත් වෘත්තීය මට්ටමින් කරළියට පැමිණීම වෙනුවෙන් තවත් වසර එකහමාරක් පමණ කායිකවත්, මානසිකවත්, වෘත්තීයවත් විශාල අරගලයක් සිදුකිරීමට මා හට සිදුවුණා. එනමුත් ඒ සියල්ල අවසානයේ පෙර මා විසින් ගොඩනගාගෙන සිටි වෘත්තීය සාර්ථකත්වයද අභිබවමින් දැවැන්ත සාර්ථකත්වයක්අ තකරගැනීමට වර්ථමානය වනවිට මට අවකාශය උදාවීම පිළිබඳව මම මාගේ ඉවසීමත්, අවබෝධයත්, දරාගැනීමත්, කැපවීමත්, උත්සාහයත් සම්බන්ධයෙන් මහත් ආඩම්බරයට පත්වනවා.

Q). ඔබේ ජීවිත අත්දැකීම් තුළින් පුද්ගලයෙකුට තමන්ගේ සහජ දක්ෂතාවයන් හඳුනාගැනීමට සිදුකළ යුත්තේ

කුමක්ද යන්න පිළිබඳව අදහසක් හෝ අදහස් ඉදිරිපත්කරමු.

A). මගේ අත්දැකීම් අනුව මම විශ්වාස කරන ආකාරයට පරිණත වයසට එළඹුණු පුද්ගලයෙක් වශයෙන් තම හෘදසාක්ෂියට අවංකව සවන්දීම ඉතාමත්ම වැදගත් වෙනවා. හෘදසාක්ෂිය වෙතින් පුද්ගල අභ්‍යන්තරයේ සාරය නිරූපණය කෙරෙනවා. හැඟීම්, දැනුම, ආකල්ප හා කුසලතා ආදිය ගැබ් වී තිබෙන්නේ ඒ තුළයි. ළාබාල වයසේදීනම් එම කාරණාවන් පිළිබඳ හඳුනාගැනීමක් තම සමීපතමයින් විසින් සිදුකරගත හැකිනම් එය ඉතාමත්ම වටිනවා. එසේ හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා පාදක කොටගෙන යොමුවිය යුත්තේ විනෝදාංශ සඳහාද වෘත්තීන් සඳහාද යන්න නිවැරැදිව තීරණය කළයුතු වනවා.

Q). විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින පුරුෂාධිපත්‍යීය සංස්කෘතික වටපිටාව හමුවේ රංගන, නිරූපණ, නර්තන, නිවේදන, පූරක ආදී වෘත්තීන් තුළ කාන්තාවන් හට මුහුණදීමට සිදුවෙන අභියෝගයන් පිළිබඳව ඔබේ අදහස ඉදිරිපත්කරමු.

A). මගේ අවබෝධයේ හැටියට කාලාන්තරයකට කළින් පුරුෂ මූලික සංස්කෘතික වටපිටාවක් පැවතුණත් එය ක්‍රමයෙන් විකරණය වෙමින් පුරුෂ මූලික සංස්කෘතික වටපිටාවක් බවට පරිණාමය වෙලා තියෙනවා.

කෙසේවෙතත් කලාව තුළට ලිංගභේදය කියන කාරණාව රිංගවන්නට උත්සාහ දැරීම පිලිබඳව මම

හෙළාදකිනවා. ඒ වගේම කලාවේ උපයෝගීතාවය හෙවත් නිර්මාණශීලීත්වය යන කාරණාවන් කිසිසේත්ම ලිංගභේදය මත රඳාපවතින්නෙ නැහැ යන්න මගේ අත්දැකීමයි. එය සෘජුවම තීරණය වන්නේ හැඟීම් හා පරිකල්පන ධාරිතාවය මත පමණයි.

පුරුෂයින්ට හෝ වේවා කාන්තාවන්ට හෝ වේවා මෙම කර්මාන්තයන් තුළ සක්‍රීයව නැගීසිටිද්දී මුහුණදීමට සිදුවෙන අභියෝගයන් බොහෝවිට එකහා සමානයි. එනමුත් කාන්තාවක් එලෙස සක්‍රීයව නැගීසිටීමක්සි දුකිරීමට වෙරදැරීමේදී ඉහත සඳහන් කළ සංස්කෘතික වටපිටාව හමුවේ ඇය දෙස බලන කෝණය සාපේක්ෂව වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා. එය ඇයට යම් ආකාරයක අභියෝගයක් සේ පෙනෙන්නට පුළුවන්.

Q). ඔබ පෞද්ගලික ජීවිතය තුළ මෙන්ම වෘත්තීය ජීවිතය තුළත් ඉතා සාර්ථක කාන්තාවක් වශයෙන්සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීමට පුද්ගලයෙකු සතුව අනිවාර්යයෙන්ම තිබියයුතු ගුණාංගයන් වශයෙන්ඳුනාගත්තේ මොනවාද…?

A). මගේ විශ්වාසය අනුව සාර්ථකත්වය හිමිකරගැනීමේ මූලික සිද්ධාන්තය තමයි ආත්ම විශ්වාසය. එය ගොඩනගාගැනීමටනම් පළමුව තමන් විසින් තමන් හට දක්වන ආදරය කැපීපෙනෙන ලෙස වර්ධනය කරගතයුතු වනවා. එසේ සිදුකරගත් විට තමා මෙන් වූ ලෝකයාටත් කැපීපෙනෙන ලෙස ආදරය කිරීමට පුරුදු වෙනවා. එවිට මුදිතාව උපේක්ෂාව වැනි උතුම් ගුණාංගයන් ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. උපරිම වූ ආත්ම විශ්වාසය විසින් දැඩි අධිෂ්ඨානශීලීත්වයක් පුද්ගලයා තුළ ගොඩනංවනවා. එය සාර්ථකත්වය තමන් කරා ගෙන්වීමට සමත් වෙනවා.

Q). ඔබ වෘත්තීය වශයෙන් නියැලෙන කර්මාන්තයන් තුළට වෘතිකයන් ලෙස එක්වීමට කැමැත්තෙන් සිටින නවකයින් හට ලබාදීමට ඇති පණිවිඩය කුමක්ද…?

A). තමන්ගේ ආත්මය කෙරෙහි අවංක වීමත් වෘත්තීය කෙරෙහි අවංක වීමත් තමන්ට හා වෘතියට ආදරය කිරීමත්නිරන්තරයෙන් නව අත්හදා බැලීම් සිදුකරමින් ඒ තුළින් නවමු දෑ ඉගෙනගැනීමත් නිර්මාණශීලිත්වය වර්ධනය කරගැනීමත් තරඟකාරී නොවීමත් යන කාරණාවන් කිහිපය පිළිපැදීමට හැකිනම් මේ කර්මාන්තයන් තුළ ජයග්‍රාහී දීර්ඝ ගමනක් යාමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

Q). ඔබේ නවමු ව්‍යාපාර සන්නාමය පිළිබඳ විස්තරයක් ඉදිරිපත්කරමු

A). මගේ නවමු විලාසිතා සන්නාමය " Fella " යනුවෙන් තමයි නම්කරලා තියෙන්නෙ. ඉන්දියාවෙ දිල්ලි නුවර " Global India Culture Week 4.0 " හි ප්‍රථම වරට එළිදැක්වීමට භාග්‍යය උදාවීම සුවිශේෂී කාරණාවක්ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාවෙත් උත්කර්ෂවත් අන්දමින් එළිදැක්වීමට

අවශ්‍ය සියළු කටයුතු සූදානම් කෙරෙමින් තියෙන බව ඉතාමත්ම සතුටින් කියන්න ඕනෙ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරය තුළත් මාත් සමඟින් ගැවසෙන බොහෝ පුද්ගලයන් මම ඇඳුම් පැළඳුම්ආ යිත්තම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශංසා කරනවා. එම කාරණාව මට Fella වෙනුවෙන් විලාසිතා නිර්මානකරණයේදී විශාල උත්තේජනයක් සැපයූවා. මා විසින් නිර්මාණය කරන ලද විලාසිතාවන් බොහෝමයක් Fella හි අන්තර්ගතයි.

දැරියහැකි මුදලකට ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ ඇඳුම්, පැළඳුම්, ආයිත්තම් ආදිය පාරිභෝගික ප්‍රජාව හමුවට පැමිණවීම තමයි මගේ මූලික අභිමතාර්ථය වෙන්නෙ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවසායික සංවර්ධනයත් සමඟින් දුෂ්කරතා මද්‍යයේ දිවිගෙවන කාන්තාවන් හට රැකියා අවස්ථාවන් උත්පාදනය කරදෙන්න සහ ඔවුන්ගේ ළමයින්ගේ අද්‍යාපනික හා වෘත්තීය හීන සැබෑකරගන්න පිටිවහලක් සපයන්න.

සැකසුම : හිරාන් ගමගේ

Sign up for our newsletter