Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

රනීත කේක් සහ අතුරුපස නිවැරැදිව  සාදාගන්නා අයුරු අපි”ට කියා දෙන 

CHARUNI PERERA

Hello Charuni, කොහොමද? අපි ඔබ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතියි. ඉතින් ,ඔබ කවුද, ඔබේ වෘත්තිය කුමක්ද සහ ඔබේ පවුල් පසුබිම ගැන විස්තර ටිකක් අපට කියන්න පුළුවන්ද?

ආයුබෝවන්!  මම හොදින්, ස්තූතියි! මම බොහෝ මාර්ගයන් හී ගමන් ගන්නා බැවින් පිළිතුරු දීමට තරමක් අපහසු ප්‍රශ්නයක්!

වටිනාකම් හෝ ගුණාංග සමඟ මා ගැන විස්තර කරන්නේ නම්, මම ශක්තිමත් , ඕනෑම දෙයකට ඔරොත්තු දෙන, විමසිලිමත්, දැඩි ලෙස පක්ෂපාතී සහ අවශ්‍ය වූ විට ඝෝෂාකාරී වන කෙනෙක් කියලා කියන්නට පුලුවන් .. සම්මත පිළිතුරක් ලබා දෙන්නේ නම්, මම 1994 දී ලන්ඩනයේ උපත ලබා, මා සහා මගේ සහෝදරයා අපගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සහ සංස්කෘතිය ඉගෙන ගැනීමට කාලය පැමිණ ඇති බව මගේ දෙමාපියන් තීරණය කොට, ඔවුන් අපව ලංකාවට ගෙන යන විට මට වයස අවුරුදු 7 කි. ලංකාවෙහි වසර 10 ක්  ජීවත් වූ අතර ලයිසියම් ඉන්ටර්නැෂනල් හි අධ්‍යාපනය ලැබ, එම කාලය තුළ මම වඩාත් චතුර ලෙස භාෂාව කතා කිරීමට ඉගෙනගෙන, මගේ උරුමය වැළඳ ගත් අතර, වඩාත්ම වැදගත් දෙය නම් 2008 දී මගේ සැමියා බුද්ධික මුණගැසීමයි. මගේ පවුල නැවත එක්සත් රාජධානියට ගියේ 2012 දී ය. ඉන් මගේ විශ්ව විද්‍යාල උපාධිය ආරම්භ කළ අතර ඉතිරිය ඉතිහාසයයි. ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන කුඩා දරුවෙකු ලෙස බුදුදහම පිළිබඳ වැඩිදුර ඉගෙනීමට මගේ දෙමාපියන් මාව දහම් පාසලකට ඇතුළත් කිරීමේදී අභිධර්මය මගේ අවධානයට ලක් වූවා., මා මනෝවිද්‍යාවට දැඩිලෙස බැදී ගිය නිසා මිනිස් හැසිරීම් වඩාත් ස්විස්තරාත්මකව තේරුම් ගැනීමට මට පුලුවන් වුණා .. ඉන් අනතුරුව මම ශ්‍රී ලංකාවේ සිසුන්ට අභිධර්මය ඉගැන්වීම සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේදී මනෝවිද්‍යාවේ මාවත අනුගමනය කළා.සායනිකව මම මනෝචිකිත්සකවරියක්, හෝ වඩාත් නිශ්චිතව කිවහොත්, NHS හී වාචිකව කරනු ලබන ප්‍රතිකාර සේවා කණ්ඩායම් සාමජිකවරියක ලෙස සේවය කරනවා. වසර 10 ක් මුළුල්ලේ NHS සඳහා සේවය කරමින් සිටින අතර එය අභියෝගාත්මක නමුත් ඒ සමඟම ප්‍රතිලාභදායකයි. බුද්ධික සහ මම හර්ට්ෆර්ඩ්ෂයර් සිට ලන්ඩනයට ගොස් දැන් මර්සිසයිඩ්, විර්රල් හි දැන් අවුරුදු 5 තිස්සේ පදිංචිව සිටිනවා.,. රිය පැදවීම, සංචාරය කිරීම සහ නව ස්ථාන ගවේෂණය කිරීම, සංගීතය, කියවීම සහ නව අවන්හල්වල ආහාර ගැනීම අපි දෙන්නම කැමතියි . එය මගේ එදිනෙදා ජීවිතයේ සාරාංශයයි! මින් අන්තුරුව බේකිං පැමිණෙන්නේ මෙහිදීය.

2. ඔබට බේකිං කිරීම යනු වඩාත්ම විනෝදාංශයක්ද නැතිනම් වෘත්තියක් ද?

එය තනිකරම විනෝදාස්වාදයකි, කිසිදා වෘත්තියක් නොවේ. ඇණවුම් භාර ගත්තද මම කිසි විටෙකත් වෘත්තීය බේකරිකරුවෙකු ලෙස සලකන්නේ නැ. එය මගේ නිස්කලංකත්වය අත්විදීමට සහ මගේම සිතුවිලි තුල අතරමං වීමට යොදා ගන්නා මගේ කාලයයි. මම කෑමට ප්‍රිය කරන දේ මම බේක් කරනවා, තමුන්ගේ ඇණවුම් කල කේක් එක අතට ගන්නා විට ඒ අයගේ මුහුණුවල ඇති උද්යෝගය දැකීමෙන් මම සතුටක් ලබනවා. මට වඩාත්ම වැදගත් දෙය නම් මගේ නිර්මාණයෙහි අන්තර්ගත රසයයි. කේක් වල පෙනුම වැදගත් වුවත්, කේක් වල රසය අපගේ මතකයේ පවතින බව මම විශ්වාස කරනවා. කාල සීමාවන්හී ඇති ඉඩ මදි කම් නිසාවෙන් වසර ගණනාවක් පුරා බොහෝ ඇණවුම් භාර නොගත් අතර, එහි ඇති වූ අවාසිය නම් මගේ නිර්මාණයන්හී පරිපූර්ණත්වයට පත්වීම සඳහා මට එතරම් පුහුණුවීමට කාලය නොලැබීමයි. නමුදු රසය කිසි විටෙකත් අඩුවක් නොවීමට මම දැඩිව වගබලාගන්නවා.

3. කේක් සාදන්නෙකු වීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?

මගේ අම්මා. මම හැදී වැඩුණේ මගේ මව  මිතුරන්ට සහ පවුලේ අයට සත්කාරකත්වය සදහා , ඉතා පුළුල් පරාසයක පැතිරුණු ප්‍රධාන සහ අතුරුපස ලබා දීමෙන් සතුටක් ලබන ආකාරය දෙස බලාය. අතුරුපස සෑම විටම මට ඉන් කැපී පෙනුනු අතර, මම සහා මගේ සහෝදරයා අපගේ මව අතුරුපස සාදා අවසන් වූ පසු බඳුනේ පතුලේ රස දිවගා බලන්නට මුලුතැන්ගෙයිහි වාඩි වී සිටිනවා. අවසානයේදී ඇය මෙම ක්‍රියාවලිය සමඟ මා කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගත් අතර මම මුලින්ම ඇගේ මඟ පෙන්වීම යටතේ වයස අවුරුදු 10/11 දී පමණ කේක් එකක් පිළිස්සූ අතර ඉන් මාගැන ගොඩනැගුනු විශ්වාසය නිසා මට වයස අවුරුදු 13 දී අපි එක්ව ඇණවුම් භාර ගැනීමට පටන් ගත්තා. එවකට මගේ ප්‍රධාන කාර්යභාරය වූයේ කේක් අලංකාර කිරීමයි, ඒත් සම්පූර්ණ ක්‍රියාවලියම භාර ගන්න මට ලොකු කාලයක් ගියේ නෑ..

4. ඔබේ බේකිං කෙතරම් පිළිවෙලට සහ සවිස්තරාත්මක දැයි අපි දැකලා තියනවා. ඔබ එම මට්ටමේ නිරවද්‍යතාවය සහ කලාත්මක බව ලබා ගන්නේ කෙසේද? 

පුහුණුවීම් සහ කාලය! මගේ කේක් මා කැමති තරම් පිළිවෙලට හා සවිස්තරාත්මක වීමට නම් මා තව සැලකියයුතු මට්ටමකට පැමිණිය යුතුය. මාගේ බේකිං සීමිත වන තරමටම, එම පරිපූර්ණ නිමාව සහ සුමට දාරයන් ලබා ගැනීමත් සමඟ මම වැඩි වැඩියෙන් වෙහෙසෙනවා. මම හිතන්නේ ටික කාලයක් බේක් නොකර ඉඳලා මම නිර්මාණය කරන කේක් වල ඒක හොඳටම පේනවා. කොහොම වුනත්, මා කලින් කී පරිදි, කේක් වල රසය මෝස්තරයට වඩා පවතිනු ඇතැයි මම සිතමි, එබැවින් මට පරිපූර්ණ දාරයක් නොමැති නම් මම වැඩිය කරදර නොවන්නෙමි. එහෙම කිව්වම, මම රකින ප්‍රමිතියක් තියෙනවා, මම කවදාවත් සතුටු නොවන කේක් එකක් විකුණන්නේ නැහැ. සමහර විට මා විසින් මුළුතැන්ගෙයිහි හොදින්ම සරසා අවසන් කල කේක් ගෙඩියක් මටම තෘප්තියක් මදි බවක් හැගුනු විටදි නැවත අලුතින්ම සරසන ආකාරය බුද්ධිකට පවා ඉතා සුපුරුදු දසුනක්.

5. ඔබ ඕනෑම කේක් වර්ගයක් හෝ රසයක් ගැන විශේෂඥයෙක්ද?

මම යන්නේ වැඩියෙන්ම වැනිලා අයිසිං සහිත සම්භාව්‍ය ශ්‍රී ලාංකේය රිබන් කේක් හෝ චොකලට් අයිසිං සහිත චොකලට් කේක් දෙසටය. මම පෞද්ගලිකව මෙම රස දෙක ආහාරයට ගැනීමට ප්‍රිය කරන බැවින් ඉන් බැහැර වීම මට ඉතා අපහසුය. තවද ඒවා මගේ අම්මා මට මුලින්ම ඉගැන්වූ වට්ටෝරු දෙකයි, එම නිසාවෙන්ම සමහර විට මම ඒවා සමඟ වඩාත් සුවපහසු විය හැකිය.

6. ඔබ නව කේක් නිර්මාණ ඉදිරිපත් කරන්නේ කෙසේද? 

මම මා සමගම වැඩිපුරම අරගල කොට වෙහෙසෙන්නේ  නවතම මෝස්තර බේකිං අංගයන් සදහායි, විශේෂයෙන්ම වැඩිහිටි කේක් ඒ අතර මුල්තැනක් ගනී. එබැවින් හැම විටම පාරිභෝගිකයාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය දේ සම්බන්ධයෙන් මට අදහස් හෝ දළ සටහනක් ලබා දෙන ලෙසයි. ළමයින්ගේ සහ කාටූන් කේක් කිරීම පහසු වන අතර මට ඒවායින් බොහොමයක් නිදහස් දෑතින් කල හැකිය, නමුත් වර්තමානයේ ප්‍රවණතාවක් ඇති වඩාත් සෞන්දර්යාත්මක මෝස්තර සමඟ මම ඇත්තටම අරගල කරනවා.

7. ඔබ මෙතෙක් සාදා ඇති වඩාත්ම අභියෝගාත්මක කේක් එක කුමක්ද? 

සෑම ඇණවුමක්ම වෙනස් අභියෝගයක් වන බැවින් එක් කේක් එකක් සඳහන් කිරීම අපහසුය. කෙසේ වෙතත්, ඇණවුම් භාර ගැනීමේදී මා මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලය ගැන සිතන්නේ නම්, එය අනිවාර්යයෙන්ම 2021 දී මමත් මගේ අම්මාත් භාර ගත් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු තොග ඇණවුමයි. අපට විවිධ සම්ප්‍රදායික කැවිළි, කේක් සහ වෙනත් අතුරුපස වර්ග සාදා, බෙදා හැරීමටද, තැපැල් මාර්ග වලින් යැවීමට සහ පැමිණ රැගෙන යාම් සදහා සුදානම් කිරීමට තිබුණා . සෑම දෙයක්ම නැවුම් ලෙස පිසීම සහ සකස් කිරීම අවශ්‍ය බව මම තරයේ විශ්වාස කිරීම හා ඉල්ලුම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා මට අලුත් අවුරුද්දට පෙර නිදි නැති පැය ගණනක් ගත කිරීමට සිදු වීමෙන්, අවාසනාවන්ත ලෙස අපට ශාරීරික සමබරතාවයන් පවත්වා ගැනීමට නොහැකිව අවසානයේ නව ඇණවුම් ප්‍රතික්ෂේප කිරීමටද සිදු වුණා . මම එම අවස්ථාවේදී මගේ පාඩම ඉගෙන ගත් අතර එතැන් සිට මට ඕනෑම වේලාවක ඇණවුම් කොපමන ගත හැකිද යන්නට සීමාවක් තබා ගැනීමට මම වගබලා ගත්තා .

8. ඔබ නවතම බේකිං ප්‍රවණතා සහ ශිල්පීය ක්‍රම සමඟ යාවත්කාලීනව සිටින්නේ කෙසේද? 

Instagram සහ Tiktok! මම ඒවායේ දිනපතා රීල් නැරඹීම හරහා දැනුවත්භාවයක් ලබා ගන්නවා . මෙයින් අදහස් කරන්නේ මම සෑම විටම ඒවා අනුකරණය කරන බව නොවේ, නමුත් බේකිං ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් වීමට මම කැමතියි.

9. ඔබේ බේකිං වෘත්තියෙහි ඔබේ අනාගත ඉලක්ක සහ සැලසුම් බෙදා ගැනීමට ඔබ කැමතිද?

මට ඇත්තටම ඒ ගැන හරි පැහැදිලි කිරීමක් අපහසුයි. මානසික සෞඛ්‍යය සහ බේකිං ලෝකය එකට එකතු කිරීමට මම කැමතියි නමුත් මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මට තවමත් පැහැදිලි දැක්මක් නැහැ. සමහර විට මම මාව බේකිං චිකිත්සකවරිය ලෙස හඳුන්වනු ඇත! විහිළු පසෙක තබා, මම දැන් මෙම අවකාශයන් දෙකම සමඟ සිටින ස්ථානය ගැන සතුටු වන අතර අනාගතය කුමක් රදවාවිදැයි අපි බලමු.

10. අපි සඟරාව ගැන ඔබ සිතන්නේ කුමක්ද?

අපි සඟරාව මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. එය සියලුම ප්‍රජාව එකමුතු කරන වේදිකාවක් දක්වා වර්ධනය වී ඇති අතර තම සිතැගි, නිර්මාණ, කුසලතා ප්‍රකාශ කිරීමට අවකාශයක් සලසා දෙන තෝතැන්නකි. විවිධ ක්ෂේත්‍ර සහ මාතෘකා ගවේෂණය කරන සඟරාවේ සංකල්පයට මම ඇලුම් කරන අතරම, එය විශිෂ්ට කාර්‍යභාරයක් යැයි මම සිතනවා. වෙනදා වගේම මගේ ලිපි ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරලා සඟරාවට ගැළපෙන විදියට නිර්මාණ කරන්න මේ අවස්ථාව ලබාදුන් ගයාන් ඇතුළු අපි සඟරාවේ මුළු කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා. සුභ පැතුම් අපි සඟරාව!

Sign up for our newsletter