Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

රති කෙළියට වැට බැඳි හද කෙළිය දූස්රා

රති කෙළියට වැට බැඳි හද කෙළිය… දූස්රා…

චන්න දේශප්‍රියගේ සාඩම්භර දෙවන සිනමා සම්ප්‍රාප්තිය…

වර්ෂ 2019 දී යූ ටර්න් චිත්‍රපටය අද්‍යක්ෂණය තුළින් හෙලවුඩ් සිනමා වංශකතාවේ

අදියුරු භූමිකාවට පිවිසීමට දොරගුළු විවර කොටගත් අන්තර්ජාතික සම්මාන උළෙල

නියෝජනය කරමින් තෙවරක් ඇගයීමට බඳුන් වූ ප්‍රවීණ කැමරා අද්‍යක්ෂකවරයෙකු

වන චන්න දේශප්‍රිය මහතාගේ දෙවන සිනමා නිර්මාණය දූස්රා යි.

තිලක්ෂිණී රත්නායක ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය සම්ප්‍රේෂණය

කරනා ප්‍රදාන රංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන් හුදු නිරූපණය

කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන කාල සීමාව

තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති බව සිනමාපටය

නැරඹීමෙන් අනතුරුව හද කීරිගැසෙන සුළු ඉතා සංකීර්ණ සංවේදී මනෝභාවයන්

ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන් පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්

ප්‍රත්‍යක්ෂ වන්නට ඇත.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් සියළුම දෙනා විසින්ද චිත්‍රපටය

තුළ ඉදිරිපත් කරන්නා වූ යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ

රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා සාධාරණත්වයක් ඉටුකිරීමට

සමර්ථ වී ඇති බවත් පැහැදිලිව පෙනීයයි.

ප්‍රධාන රංගන ධායකත්වය

තිලක්ෂිණී රත්නායක

ලක්ෂාන් අබේනායක

සජිත ඇන්තනී

ශ්‍යාම් ෆර්නෑන්ඩු

ස්ටීව් ඩිලා සිල්වා

වසන්ති රන්වල

ජයනාත් බෝදාහන්දි

රුවන් මදනායක

නදීශානි පේලිආරච්චි

තරිඳු කාවින්ද ගමගේ

රෝහිත් මාන්නගේ

සමන්ත පරණලියනගේ

මෙම අද්විතීය රංගන කෞශල්‍යය රිදී තිරය මත විදහාපෑමට මං සලසා දුන් ප්‍රශස්ථ

සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය

රාමුගත වන ආකයානය තුළ ඊට අදාළ දේශපාලනික සහ මානුශීය සංරචකයන්

සියල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී

ඇති බැව් සිතේ.

හෙලවුඩ් සිනමාපටයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිනමා සංගීතය හා

චිත්‍රපටය තුළ දිගහැරෙන රූප රාමු එකිනෙක මනාව අතිච්චාදනය වී තිබීම තුළින්

ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර ඉතා ශක්තිමත් බැඳීමක් නිර්මාණය කර තිබීම

මඟින් ස්මස්ථ නිර්මාණයේ සාර්ථකත්වය තවදුරටත් ඔපමට්ටම් කිරීම සඳහා විශාල

පිටුවහලක් සපයන බව කිවයුතු විශේෂ කාරණාවකි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු

හානියක් නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම

ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් යමන්ම

සංස්කාරකවරුන් මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් කටයුතුයකාට ඇති බව

සිනමාපටය තියුණු අවධානයයන් නරඹන්නා වූ කා හට

වුවද මැනවින් ප්‍රතයක්ෂ වනු ඇත.

නිෂ්පාදන කාර්ය මණ්ඩලය

තිර රචනය සහ අද්‍යයක්ෂණය | චන්න දේශප්‍රිය

නිෂ්පාදනය | ලක්ෂාන් අබේනායක

මාර්ක් ටෙසියර්

සිනමාකරණය | ධම්මික රත්නායක

සහකාර අධ්‍යක්ෂණය | දමින්ද ඩී. මඩවල

සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර

සංගීතය | චින්තක ජයකොඩි

නිෂ්පාදන කළමනාකරණය | ප්‍රවීන් රණසිංහ

නිෂ්පාදන සැලසුම්කරණය | ප්‍රදීප් චන්ද්‍රසිරි

කලා අධ්‍යක්ෂණය | ලකී විජේවර්ධන

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් පුරා දශක අටකට ආසන්න හෙලවුඩ් සිනමා

වංශකතාව වෙත තිළිණ කරවීම උදෙසා ස්මස්ථ නිෂතපාදන කණ්ඩායම හා රංගන

ශිල්පීන් දරනු ලබන අපමණ වෙහෙස හා කැපවීම සියළුම දේශප්‍රේමී හෙලවුඩ්

සිනමාලෝලීන්ගේ ස්ම්භාවනාවට ලක්විය යුතුය.

ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයකට දර්ශීය උදාහරණයක් වන මෙම සිනමාපටය හෙළවුඩ්

සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් බැවින් සියළු සම්ප්‍රධායික

ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින් යාවත්කාලීන වන

නැවුම් අනාගත ශ්‍රී ලාංකේය සිනමාවක පහස විඳීමට කැමති සියළු දේශානුරාගී

සිනමා ලෝලීන් සඳහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් ඉතා

ප්‍රයමෝදයට පත්වෙමි.

එමෙන්ම තම දෙවන සිනමා අද්‍යක්ෂණය තුළින්ම වර්ෂ 2021 දී මොස්කව් ජාත්‍යන්තර

සිනමා සම්මාන උළෙල, වර්ෂ 2023 දී ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සහ

කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල යන ජාත්‍යන්තර සිනමා උළෙල වලදී

හෙලවුඩ් සිනමා කර්මාන්තය සම්භාවනාවට පාත්‍ර කරන්නට සමත්කම් පෑ ප්‍රවීණ

කැමරා ශිල්පීයෙකු වන චන්න දේශප්‍රිය මහතා හටත් ඔහුයේ සමස්ථ නිෂතපාදන

කණ්ඩායම හටත් මෙම සිනමාපටය සමගින් දීර්ඝ චාරිකාවක් නිම කිරීමටත් නුදුරු

අනාග්‍තයේදී මෙවන් තවත් අපූරු නිර්මාණයකින් අප හමුවට පැමිණීමටත් අවැසි

සියළු හේතු සම්පත් සැලසේවායි මුළු හදවතින්ම පතමි.

අවසන් වදන…..

ශිෂ්ටාචාරගත වීමේදී මිනිසා විසින් නිමවාගන්නා ලද සමාජීය, ආර්ථික, සංස්කෘතික,

දේශපාලනික, ආගමික සහ නීතිය ආදී පරාමිතීන් මද්‍යයේ සොභාදහමේ පදනම

හෙවත් ජීවයේ සංකේතය වන ස්ත්‍රීත්වයෙහි නිර්වචනයන් කවරෙක්ද…?

පිටතින් කෙතරම් රුදුරු පෞර්ෂයක් ලෙස නිරූපණය වන්නෙකුගේ වුවත්

අභ්‍යන්තරයේ අතිශයින් සෞම්‍ය පෞර්ෂයක් සැඟවී තිබිය හැකිද…?

ධනේශ්වර අර්ථ ක්‍රමය තුළ ස්වාධීන ගැහැණියක් හට ස්වකීය පැවැත්ම යෙහෙන්

තහවුරු කරගැනීම උදෙසා හැඟීම් යටපත් කරගෙන තීරණයන්ට එල්බීමට සිදුවීම

සාදාරණීකරණය කළ හැකිද…?

පිළිතුරු දත්තෝ දන්වත්වා…

සැකසුම : හිරාන් ගමගේ

Sign up for our newsletter