Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

අපහාස මැද නැගිටීම

කෙනෙක් ඔයාව ඍජුව හෝ වක්‍රව උදහාසයට‍, අපහාසයට‍, නින්දාව⁣ට ලක් කර තියනවාද? එබඳු අවස්ථාවක ඔබගේ ප්‍රතික්‍රියාව කුමක් විය යුතුද? 

බෞද්ධ දර්ශනයට අනුව ගත්තත්‍,  කම්පා නොවිය යුතු එක ධර්මතාවක් විදියට නින්දා‍ව‍ විග්‍රහ කරලා තියනවා. සැබැවින්ම සත් සිතින් කරන ලද ක්‍රියාවක් උනද‍, තවත් කෙනෙකුගේ දෝෂාරෝපණයට‍, විචාරයට හේතුවක් වෙන්නට පුලුවන්.

නමුත්, අවැඩක් යැයි සම්මත දෙයකට වඩා‍, කිසියම් සුබවාදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් නියැලුණු උත්සාහයක් හෝ ඊට අවංකවම දායකවූවකු දෝෂාරෝපණයට‍ ලක් කිරීම සදාචාරාත්මක නොමැති බව නම් අවිවාදයෙන් පිලිගන්න පුලුවන්.

වයසින් මුහුකුරා යත්ම‍, අත්දැකීම් වලින් පෝෂණය වෙත්ම‍, ජීවිතය පිළිබඳ සැබෑ අවබෝධයට ළඟාවෙන්න පහසු වෙනවා. හැබැයි හැම කෙනාටම නෙවෙයි. අපි ගනුදෙනු කරන‍, ගැටෙන හැම කෙනා සතුවම ඇත්තේ මෙකීජීවිත අවබෝධය පිළිබඳ වෙනස් පරාසයන්. හරි වැරැද්ද තෝරා බේරා නොගෙන නිරපරාදේ පුද්ගලයකු ⁣හෝ කණ්ඩායමක් හෝ ක්‍රියාවලියක් ඉලක්ක කරගෙන  දෙස් දෙවොල් දෙන අය අපිට දකින්නට වෙලා තියෙන්නේ ඒ නිසයි .

එහෙම පුද්ගලයන්ගේ  ආකල්ප සංවර්ධනය අවශ්‍ය මට්ටමට වඩා අඩු තැනක තිබෙන්නට පුළුවන් . එහෙමත් නැත්නම් ජීවිතයේ යම් අවධියක ඔවුන් ලද අත්දැකීම්‍ නිසා තවත් කෙනකේ නිකරුණේ අපහසුතාවට පත්කරනවා වෙන්නත් පුළුවන්.

කොයි හැටි වෙතත්‍, ඔබ උගත් ශිල්පයක්‍, අත්දැකීමක්‍, කුසලතාවක් හිතකාමී ප්‍රයත්නයක අමුද්‍රව්‍ය වෙනතාක් කල්‍, ඔබ කරා එල්ල වන නින්දා අවලාද පිළිබඳ තීරණය ගැනීම සොබාදහමට බාර කරමු.

දිමුතු

Sign up for our newsletter