Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ප්‍රේමණීය සිතුවිලි නිදහසේ අකුරු කරන ගගන ගුරුගේ

ගගන ගුරුගේ කියන්නෙ ඇත්තටම කව්ද ?

බොහොම නිහඬ චරිතයක්, ඒ වගේම අලුතින් දේවල් ඉදිරිපත් කරන්න වෙහෙසෙන කෙනෙක්,

ගගන කියන නම දැම්මෙ කවුද කියලා ඔයගේ රසිකයො දැන ගන්න කැමති ඇති

ගොඩාක් අය ඔය ප්‍රශ්නෙ මගෙන් අහනවා, ඇත්තටම ඒක මගේ පුංචි දාපු නමක් පුංච්ට ඇයි එහෙම නමක් දාන්න හිතුනේ කියල නම් දන්නේ නැහැ, ඒත් ඇය දැන් ජීවතුන් අතරත් නැහැ, සමහර විට මගේ නමත් යම් තරමක් ඉවහල් වෙන්නත් ඇති 

රසිකයන් අතරට මාව යන්න,

ගගනගෙ පවුලේ විස්තර ටිකක් දැනගන්න ආසයි?

මගේ පවුලේ දැනට ඉන්නෙ අම්මයි, මායි අක්කයි, මල්ලියි,  මල්ලයි, අක්කයි, දැනට එයාලගේ ව්‍යාපාර වල නිරත වෙනවා, තාත්ත නම් ජීවතුන් අතර නෑ , තව දෙයක් මතක් කරන්න ඕන මගේ අය්ය ගැන, එයා රට වෙනුවෙන් දිවි දුන්න වීරෝධාර රණවිරුවෙක්, ඒ අතීතේ බොහොම කනගාටු දායක අතීතයක්,

හිත්වලට මෙච්චර දැනෙන්න ලියන්න ආරම්භය වුනේ කොහොමද ?

ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම ලියන්න මන් හරි ආසයි, පුවත්පත් වලටත් නිර්මාණ යොමු කරල තියෙනවා,  කෙටි කතා එහෙම ලියල තියෙනවා, අදනම් ඒව කොහේද දන්නේ නෑ , ඉතින් එහෙම ටික ටික ලියන්න මන් ඇබැහි උනෝ කිව්වොත් නිවැරදියි,

Facebook වල ගගන කිව්වොත් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තැන හදාගත්තෙ කොහොමද?

ඒක නම් කියන්න සතුටුයි, මන් හිතුවෙත් නෑ මෙච්චර වටිනාකමක් මගේ නිර්මාණ වලට එයි කියල,  ඒක ආරම්භ උනේ ” ගගන ගුරුගේ ” මගේ නමින් තියෙන පේජ් එකෙන්, මම කිව්වනේ මන් වෙනසක් කරන්න කැමති කෙනෙක් කියල, ඉතින් මන් කැමති නෑ කාගෙවත් කොපියක් වෙන්න, පැවැත්මක් තියෙන්නෙ වෙනසක් කලොත් විතරයි කියන විශ්වාසේ මට තිබුනා, ඉතින් වෙනස්ම විදිහට නිර්මාණ කරන්න පෙළබුනා, ඒක ගොඩාක් අයගේ ආත්මයටම දැනුන කියල මට

හිතෙන්නේ, අද බොහෝ පිරිසක් ඉන්නව මට ආදරේ කරන මාව පරිස්සම් කරන, ඇත්තටම ඒ ගැන මට ගොඩාක් ආඩම්බරයි, 

ගගනගෙ එදිනෙදා ජීවිතයේ කටයුතුත් එක්ක මේ ලියන වැඩේ කොහොමද බැලන්ස් කරගන්නෙ?

ඒක ගැන නම් කියන්නම ඕන, මන් සංචාරක ව්‍යාපාරයට සම්බන්ද රැකියාවක් කරන්නේ,

ඇත්තටම කාර්‍යබහුලයි,  ලැබෙන පොඩි වෙලාවෙත් බලන්නේ නිර්මාණයක් කරන්න , කොහොම හරි හැමදේම බැලන්ස් කරගන යනවා,

ගගන ලියන ගොඩක් දේවල් අපේ හිත්වලට කාවදින්නෙ ඒවා ලියවෙන්නෙ අත්දැකීමෙන් කිව්වොත් ?

ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් අත්දැකීම් නැත්තෙමත් නෑ, තියෙනවා,  ගොඩාක් ඒවා මට හිතෙනේවා, හිනාවෙලා හිටියට සමහරු විදවනවා, තව සමහරු විදිනවා, සාරාංශය ඕක තමයි,

කොහොමද මෙච්චර ලස්සනට හැඟීම් අකුරු කරන්නෙ ? 

අනේ මංදා .. මට අදහස් එන විදිහ තමයි, ඒකට ගොඩාක් අය කැමතියි, ආදරෙන් වැලඳ ගන්නවා,

අපි දන්නවා ගහන ගීත රචකයෙක් කියලා .. ඒ ගැන විස්තර ටිකක් කියන්න.

විශේෂයෙන් ඒ ගැන කියන්න ඕන,  ඒකට මුළින්ම ස්තුති කරන්න ඕන සෙව්වන්දි අක්කට, ඇය මට කතා කරල මෙහෙම ගීතයක් ඕන කියද්දි මට විශ්වාස කරන්න බැරි උනා, මම සෙව්වන්දි අක්කට කිව්ව මං කලින් ගීත රචනා කරල නෑ කියල, අනික ලොකුම අභියෝගය උනේ ඒ ගීතය ලියන්න තිබුණේ තනුවකට වීම,  සාමාන්‍යන් බොහෝ අය කරන්නේ වචන වලට තනුව දානෙක මට ඉතින් ඒකේ අනිත් පැත්ත, සෙව්වන්දි අක්කත් උදව් කරන්නම් කිව්ව නිසා මන් අභියෝගය බාරගත්ත, ඒ සිංදුව තමයි ” මං නුඹේ වෙන්නේ නෑ ” කියන ගිතය, ඇගේ සැමියා නිහාල් වික්‍රම එදිරිසූරියත් ගොඩාක් අගය කරල තිබුන ඒ ගීතය ගැන .. මේක අවස්ථාවක් කරගන්නව ඒ දෙදෙනාටම ස්තුතියි කරන්න,  තව ගීත කීපයක් ලියල තියෙනවා , එක ගීතයක වැඩකටයුතු මේ දවස්වල කෙරීගන යනව, ළඟදීම හැමෝටම අහන්න ලැබෙයි,

ගගනගෙ නිර්මාණ එකතු කරලා පොතක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවද?

එහෙම ආසාවක් තිබුන කීප දෙනෙක් කිව්ව උදව් කරන්නම් වැඩේ කරමු කියල, කොහොම හරි ඒක මඟහැරුනා, බලමු නේද ඉස්සරහට,

අපි මැගසින් එකත් එක්ක සම්බන්දවීම ගැන මොකද හිතෙන්නෙ සහ මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්

ඇත්තටම හරි සතුටුයි අපි මැඟසින් එකට සම්බන්ද  වෙන්න පුළුවන් වීම ගැන, ඒකට ගයාන්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕන, ඒ වගේ මැගසින් එකකට සම්බන්ද කරගැනීම ගැන, 

” අපි මැඟසින් ” එක ගැන හිතෙන දේ කිව්වොත්, ඇත්තටම ඉතාම හරවත් රසවත්, හැම අතින්ම දැනුම බෙදන මහගෙදරක් කිව්වොත් නිවැරදියි,අද සෝසල් මීඩියා වලින් ඉහලින්ම තියෙන මැගසින් එකක්, ගයාන් සහ කාර්‍ය මංඩලය වගේම මාත් ආඩම්බර වෙනවා ඒ ගැන, හොද ගමනක් තියෙන හොද ගමනක් යන්න පුළුවන් මැගසින් එකක්

Sign up for our newsletter