Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-13

එංගලන්තයේ හැමෝම කතාවෙන මොකද්ද මේ රග්බි මේනියාව

හැමෝම අතරෙ කතාවෙන රග්බි තරගාවලිය සහ ස්ථාවරයක් අඩිතාලමක් සමග ආරම්භ කරපු මේ වැඩේ ගැන අපි පොඩ්ඩක් දැනගමු

එංගලන්තයේ රග්බි තරඟාවලියේ ආරම්භය මොකක්ද? (පාසල් ශ්‍රීලංකා රග්බි)

වසර 2000 සිට අවුරුදු 24ක කාලයක් මෙම තරගාවලියේ රැදීසිටිනවා. මෙය Sri Lankan Air Sponsor කරලා මිට වසර කිහිපයකට උඩදී පැවතුනා. එමෙන්ම පෞද්ගලික මුදල් වලින් 2009 සහ 2010 වසර වල මෙම තරඟාවලිය පැවැත්වුවා.

මෙම වසරේ වෙනස් වීමට හේතුව කුමක්ද?

අවුරුදු ගණන් මෙම තරඟාවලිය කරත් ගොඩක් පාසල් වලින් ආයාචනයෙන් ඉල්ලා සිටියා මෙම තරඟාවලිය නිත්‍යානුකුලව පවත්වන්න කියලා. එමනිසා පෞද්ගලිකව ආයාචනය කළා විවෘත වූ කමිටුවක් සහ වාර්ෂිකමහා සභා රැස්වීමක් තියන්න කියලා. එයට ප්‍රතිචාරයක් නොමැති නිසා විවෘතව සියලුම පාසල් තීරණය කළා වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වන්න. ඒ වගේම අපි මෙය ලියාපදිංචි කළා එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාවේ SLRFU එකෙන් අපට අනුමැතිය ලැබුනා. ඒ වගේම නිල බැංකු ගිණුමක් අපි විවෘත කළා.

ඒ වගේම සියලුම පාසල් වල කැමැත්ත අනුව නව කමිටුවක් පත් වුණා. ගොඩක් සතුටුයි පළමු වරට අපි කණ්ඩායම් 21 සහ කාන්තා කණ්ඩායම් 5ක් තරඟ වදිනවා. එම නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා මෙම තරඟාවලිය තුල වැඩිම කාලයක් රැඳී සිටි ක්‍රීඩකයෙකු විදියට 2024 ජුනිමස 2 පවත්වනු ලබන නිත්‍යානුකුල රග්බි තරඟාවලියට සහභාගී වන ලෙස ආරාධනා කරමි.

Sign up for our newsletter