Api-Slide-62-1
Api-Slide-69-2
Api-Slide-62-3
Api-Slide-62-4
previous arrow
next arrow

සම්මානයක් එක්කම අවුරුදු 5 සමරණ අපි

අපි මැගසින් ආරම්භ වෙන්නේ 2020 ජනවාරි පළවෙනිදා. 

ඒක ආරම්භ වෙන්නේ මගේ හිතට ආපු සිතුවිල්ලක ප්‍රතිඵලයක් විදිහට. පිටරටක ජීවත් වෙන කෙනෙක් විදිහට ශ්‍රී ලාංකික පිරිස එකට එකතු කරවන  ක්‍රමයක් හිත හිත ඉන්නකොට තමයි මගේ ඔලුවට ආවේ magazine එකක් කරන්න ඕනේ කියලා.  මැගසීනයකින් මිනිස්සුන්ට දෙයක් දීලා මිනිස්සුන් එකතු කරගන්න පුලුවන් කියන එක මට ඔලුවට ආවා. magazine කියන එක ඔලුවට එනවත් එක්කම, තේරුණ දෙයක් තමයි මිනිස්සුන්ට කාලය කියන එක ගොඩක් අඩුයි මේ කාලයේ පත්තරයක් අතට අරන් කියවන්න. දිනෙන් දින අලුත් වෙන තාක්ෂණයත් එක්ක මම හිතුවා අපි මේක ඊ මැගසින් එකක් විදියට සමාජයට දෙන්න පුළුවන් කියල. අන්න ඒ කන්සෙප්ට් එකේ ඉඳලාම තමයි මම මැගසින් පටන් ගන්නේ. මේ magazine එකේ තියෙන විශේෂත්වය තමයි රටවල් කිහිපයක් එකතු වෙලා කරන වැඩක්. මට මුල ඉඳලම ඕන වුණේ මේක මගේ නෙවෙයි අපේ කියල කියන්න. අන්න ඒක නිසා තමයි මේ මැගසින් එකට අපි මැගසින් කියලා නම දාන්න හිතුවේ.  රටවල් වලින් කිහිපයකින් එකතුවෙලා ලියන මේ මැගසින් එකේ ලොකු විශේෂත්වයක් ගන්නවා ඒ ලියන අය එම විෂයේ  ප්‍රවීණයවීමයි.  අදටත් මම ගොඩාක් සතුටින් කියන්න ඕනෙ මට ඉන්නවා මටත් වඩා උනන්දුවෙන් magazine එක ගැන කැපවෙන පිරිසක්.   මේ අවුරුදු පහ ඇතුළත ගොඩක් අඩියෙන් අඩිය උඩට ආවා. ඒ හැමෝගෙම අදහස්වල එකතුවෙන්.  ඉතින් අපේ වාසනාවත් එක්ක අපිට මේ අවුරුදු පහ ඇතුළත අපි මැගසින් එකට සම්මානයක් හිමිකරගන්න තැනටම එන්න පුළුවන් උනා. එංගලන්තය ඇතුළු වෙනත් රටවල් ගණනාවක් අතරේ දිගහැරෙන මෙම magazine එක තාක්ෂණය ඔස්සේ තමන්ගෙ තමන්ගේ ඇගිලි තුඩු වලට අරන් කියවන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දුරකථනයට හෝ පරිගණකයට ලැප්ටොප් එකකට ඕනම විදිහකින් මේක බලන්න පුලුවන් විදියට අපි අද හදලා තියෙනවා. අපි මැගසින් කියන්නේ creative දක්ෂ ප්‍රවීණ කණ්ඩායමක එකතුවීමක්. ඉතින් ඉදිරියටත් තවත් අලුත් දේ එකතු කරගෙන දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැමදෙනාම මේ හිටියා වගේම , ඉදිරියටත් අපි මැගසින් එකත් එක්ක එකතුවෙලා ඉන්න!, අපිව දිරිමත් කරන්න කියලා ඉල්ලා සිටින අතරම, මේ අලුත් අවුරුද්ද අලුත් බලාපොරොත්තු එක්ක ජය ගන්න ඉදිරියට යන්න ඔබට හැකි වේවා කියලත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා !.

ස්තුතියි !!

මම

ග‍යාන් කරුණාරත්න.