“එයා නම් හරිම දක්ෂ කෙනෙක්, හරිම කරුණාවන්ත කෙනෙක්, හරියට අනිත් අයට උදව් කරනවා…” මේ විදියට කෙනෙක් තවත් කෙනෙක් අගයනවා අපිට ඕනෑතරම් කන වැකිලා ඇති. අපිම තවත් අයව මේ වචන වලින්ම ලෝබ නැතුව අගය කරලත් ඇති. ඒ අතරවාරයේ තමන් විසින් තමාවම අගය කරලා ඇත්තේ කීයෙන් කී දෙනාද? Self Appreciation එහෙමත් නැත්නම් ස්වයං ඇගයීම හරිම බලසම්පන්න මානසික ක්‍රියාවලියක්. තවත් අතකට සාර්ථකව හිත එකාග්‍ර කරවන්නට සමත් ව්‍යායාමයක්.
තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් ඕනෑම දෙයක් ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් තමාට තමාවම නොමඳ ඇගයීමට ලක් කරන්න පුලුවන්. තමන් පසු කරන ලද අභියෝගාත්මක අවුරුදු, කාර්තු, මාස, සති, දින වගේම තත්පර ගණන් උනත් මොනතරම් දරා ගැනීමකින් පසුකලාද කියන්නට හොඳින්ම දන්නේ තමාම පමණයි. ඉතින් ඒ ඒ අවස්ථාවන් වලදී තමන් ශක්තිමත්ව ඉදිරියට ගිය ගමන ගැන නැවතිලා මෙනෙහි කරන්න තරම් වටිනවා. ඒ තුළින් විශාල බලගැන්වීමල් අපි තුළම වෙන ආකාරය අත්දැකලාම බලන්න අවැසි දෙයක්.හිතට මොනතරම් සතුටක් ඒ තුළින් ලබන්න පුලුවන්ද?
පාසලක හෝ රැකියා ස්ථානයක හෝ ක්‍රීඩා පිටියක හෝ වෙන යම් අවස්ථාවක, ඇගයීම වාචිකව මෙන්ම භෞතිකව ප්‍රකාශනයට පත් වෙනවා. සිහිවටනයක්, ත්‍යාගයක් එහෙමත් නැත්නම් උත්තේජනාත්මක වචන ටිකක් මේ කියන ඇගයීම සංකේතවත් කරන්නට යොදා ගන්නවා. ඉතින් තමන්ට තමන් වෙනුවෙන් මේ දේ කරන්න පුලුවන්. ඔයා ඔයාටම කතා කරන්න. අගයන්න. ඔයා වෙනුවෙන් තෑගි ගන්න. අවංකවම මේ ක්‍රියාවලියේ නිරත වෙලා බලන්න. හෙට දවසේ සාර්ථක ආරම්භයකට මේ දේම හොඳ අස්වැසිල්ලක් වෙයි.
දිමුතු