‘මගේ හුස්ම හිරවෙනවා වගේ’ යනුවෙන් කෙනෙකුට ඇතැම්විට කියවේ. බොහෝවිට එසේ කියවෙන්නේ කායික ආබාධයකට වඩා මානසික ගැටළු නිසාය. සච්චවිභංග සූත්‍රයට අනුව කායික ආබාධ ‘දුක්ඛ’ ලෙසද මානසික ආබාධ ‘දෝමනස්ස’ ලෙසද දැක්වේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ දෝමනස්ස (දොම්නස්) ගණයට වැටෙන හුස්ම හිරවීමය හෙවත් gasping ය. දෝමනස්ස යනු නිෂේධාත්මක, විනාශකාරී හෙවත් negative මානසික තත්ත්වයකි. එය අකුසලයක් (unskillfulness) ලෙස දැක්වේ.
පාලි සූත්‍රවල මෙම මානසික තත්ත්වය හඳුන්වන්නේ ‘උපායාස’ ලෙසය. සරලවම විග්‍රහ කළහොත් ‘උප’ යනු අභ්‍යන්තර හෝ සමීප ය. ආයාස යනු උත්සාහයයි. උපායාසය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පහක් තිබේ. එනම් කැළඹුනු හැඟීම් (emotional disturbance), ව්‍යාකූල චින්තන ශක්තිය (cognitive disorientation), නිෂේධාත්මක කායික ප්‍රතිචාර (negative biological reactions), චර්‍යා රටාවේ අසමතුලිතතාව (behavioral nervousness) සහ උපේක්ෂාව බිඳවැටීම (loss of equanimity) ය.
උපායාසයෙහි භයානක ගතිය නම් එය නිහඬ විනාශකයෙක් (silent killer) වීමයි. බොහෝවිට කෙනෙකුගේ උපායාසය තව කෙනෙකුට නොපෙනේ. බොහෝවිට එය ඇති අයද ඒ ගැන සිතන්නේ තමන්ට ඇති කායික මහන්සිය හා කාර්‍යබහුලතාව නිසා එසේ වන බවය. එහෙත් උපායාසය සියදිවි හානිකර ගැනීමේ තත්ත්වය දක්වා දරුණු විය හැකිය. අද සමාජයේ සියළුම සමාජ ස්ථරවල අයට උපාසයය තිබේ. ඒ සියළු ස්ථර ගැන සාකච්ඡා කිරීමට ඉඩකඩ නොමැති නිසා අධ්‍යාපනයෙහි නිරත දරුවන් ගැන පමණක් මෙහි සටහන් කරමි. මනෝ උපදේශනය සඳහා පැමිණෙන දරුවන්ගෙන් 40%ක ට පමණ සියුම් ලෙස තමන්ට තමන් එපාවීමේ සහ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. විෂයයන් සඳහා ළකුණු අඩුවුවහොත් දරුවන්ට නොබැණ ඔවුන්ට පරිසරයේ සුන්දරත්වය විඳීමටත් සති භාවනාව (mindfulness) සඳහා යොමුකිරීමත් කළ යුතුය. එම සති භාවනාව කණ්ඩායමක් තුළ දරුවාට ලබාදිය යුතුය. එවිට තම හැඟීම සම වයසේ අය සමඟ හුවමාරු කරගැනීමට අවස්ථාව දරුවන්ට සැළසේ. දරුවෙකු නිතර අසාමාන්‍ය ලෙස හුස්ම ගන්නේ නම් ඒ ගැන සැළකිළිමත් වෙන්න. වැඩිහිටි ඔබට එසේ වන්නේ නම් ඔබට අනිවාර්‍යයෙන්ම මානසික විවේකය අවශ්‍ය ය.
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි