Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ආගම භාවිතයෙන් තමන් බැබලීම

මෙවර ලිපිය වෙන්වන්නේ බුද්ධ දේශනාවේ එන වඤ්චනික ධර්මයක් හෙවත් ප්රවණතාවක් (masquerading tendency) වන ශ්රද්ධාවේ (religious devotion) නාමයෙන් එන මානය (conceit) විස්තර කිරීමටයි. වංචනික ධර්ම යනු තමන් විසින්ම තමන් රවටා ගැනීමේ ප්රවණතා . පාලි සූත් පිටකයේ සුත්තනිපාත ග්රන්ථයේ මාගන්ධියා සූත්රයේ මෙසේ සඳහන් වේ.
තේන හෝති ධම්මට්ඨෝ
යේනත්ථං සහසේ නයං
යෝ අත්තං අනත්තඤ්ච
උභෝ නිච්ඡෙය්ය පණ්ඩිතෝ
අත්තං පටිපජ්ජෙය්ය
වේ ධම්මට්ඨෝති වුච්චති.”

මෙහි තේරුම නම් හුදු දේශනාවෙන්, කතාවෙන් පුදපූජා පිංකම්වලින් කෙනෙකු ධර්මයෙහි නොපිහිටන බවයි, ධර්මකාමී අයෙකු නොවන බවයි. එයට හේතුව බණ ගැන කතා කරන්නේ පිංකම් ආදියෙහි නිරතවන්නේ ශ්රද්ධාව නිසා නොව මානය නිසා බවයි. එය දරුණු වඤ්චනික ධර්මයකි. බොහෝ අය තමන් පිංකම් කරන්නේ සැබෑ ශ්රද්ධාව නිසා නොව කැපී පෙනීමටය. මානය නිසාය.
පිංකම් පූජා ආදිය මානයට වාහනයකි (Religious rituals are a vehicle to conceit). මානයෙන් පිංකම් කරන්නන් තුළ ප්රධාන චරිත ලක්ෂණ තුනකි.
1. ගෞරවය සහ විශේෂ තත්ත්වයක් බලාපොරොත්තුවෙන් ප්රසිද්ධියේ විශාල මුදල් පරිත්යාග කරති.
2. වර්ණනා බලාපොරොත්තුවෙන් පිංකම් සහ උත්සවවල මුදුනා වෙති.
3. තමන් රකින සිල්, කරන භාවනා සහ වතාවත් ගැන පම්පෝරි ගසති.
කෙටියෙන් කිවහොත් අරමුණ නම් self-glorification හෙවත් ආත්ම උත්කර්ෂයයි.

ධර්මානුකූලව එහි භයානකබව තුන් ආකාර වේ. එනම් එයමම වැඩ්ඩාහෙවත්අත්ත දිට්ඨි (self-view) තත්ත්වය බලගන්වයි. එය තමන්ද අනුන්ද මුලා කරයි. එය විදර්ශනාව හෙවත් සැබෑ දැකීම (insight) වළක්වයි.

මානයෙන් බැබලෙන එවන් අය සැබෑ ආධ්යාත්මික ප්රජාවට සහ පංසලට පිළිකාවකි. ඔබට එවන් පිළිකා තත්ත්වයක් තිබේ දැයි ආධ්යාත්මික ඉලක්ක සඳහා සැබෑ වුවමනාවක් තිබේ දැයි තමන්ගේ හදවතින් මෙසේ විමසිය යුතුය; “මම පිංකම් කරන්නේ අනිත් අයට පේන්නටද?”

සැබෑ බුද්ධ ශ්රාවකයා අත් හැරීම සඳහා පිංකම් කරති. මානයෙන් පිංකම් කරන්නා තාවකාලිකව මානයෙන් බැබලුනද එය බුදුන් ඉදිරියේ කරන පිංකමක් නොව ගොංකමයි. රැවටෙන්නේ තමාමය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / Religious / Buddhism / 25-April-02