සුව පහසු ජීවිතයක් කියන්නේ අවශ්යතාවන් උවමනාවන් සම්පූර්ණ වූ, භෞතික දෑ මත පමණක්ම පදනම්වූ පැවැත්මකටද? වෙනත් ආකාරයකට අර්ථ දක්වනවානම්, ජීවත්වීමට සුවපහසු වටපිටාවක්, නිවසක්, වාහනයක්, අහාරපාන, ඇඳුම් ආයිත්තම් යනාදී මෙකී නොකී දෘශ්යමාන, ස්පර්ශ කල හැකි ද්‍රව්‍ය පමණක් සම්පූර්ණ වීම තෘප්තිමත් ජීවිතයකට නියත විවරණ කැඳවීමක්ද?
Materialistic නැතිනම්, භෞතිකවාදය හුදෙක්ම ඇසට පෙනෙන, ස්පර්ශ කල හැකි, ද්රව්යමය ස්වභාවයක් ගන්නා දෑ හට වැඩි වටිනාකමක් දෙනවා. මෙතනදි වැදගත් වන්නේ, ද්රව්යමය ස්වරූපයක් ගන්නා දේවල් මත පමණක් පුද්ගලයකුගේ ජීවිතයේ සුවපහසු බව තීරණය වනවාද නැද්ද යන්නයි.
මෙම සංකල්පයට විරුද්ධව පවතින්නේ, spiritualism නැතහොත් ආධ්යාත්මිකවාදයයි. සරලවම දක්වනවානම් සිතිවිලි පාලනය කරගැනීම තුළින් ලබන මානසික නිදහසේ මුදුන් මල්කඩ ආධ්යාත්මික සුවයයි.
සරල සාමාන්‍ය මිනිසුන් විදියට මේ අන්ත දෙකෙහි මැදි අවස්ථාවක කටයුතු කරනවානම් එය වඩාත් ප්රායෝගික බවයි මගේ පුද්ගලික අදහස. භෞතික සම්පත් වලින් සන්නද්ධ වන තරමට, මානසික නිදහසත් ළඟා කරගත හැකි නම්, නිතැතින්ම ජීවිතය “සුවපහසු” වනු නොඅනුමානයි.
දිමුතු