2025 අප්රේල් සිට අලුත් පද්ධතියක්
දශක ගණනාවක් UK හි බදු පද්ධතිය domicile නීති මත ක්රියාත්මක විය. එය විදේශීය පුරවැසියන්ට (non- domicile) , ශ්රී ලාංකිකයන්ට විදේශ ආදායම UK තුළට remit නොකරන තුරු, එම ආදායම UK බදු වලට යටත් නොවීමයි
කෙසේ වෙතත්, 2025 අප්රේල් 6 සිට මෙම නීති ඉවත් වී, ඒ වෙනුවට Foreign Income & Gains (FIG) regime නව පද්ධතිය ආරම්භ වන අතර මෙය UK බදු පද්ධතියේ විශාල වෙනසක් ලෙස සැලකේ.
නව නීති යටතේ:
- UK හි පදිංචි සියලුම පුද්ගලයන්ගේ ලෝකය පුරා ඇති ආදායම සහ ලාභ (worldwide income & gains) බදු යටතට ගනු ලැබේ.
- Remittance basis (මුදල් UK වලට ගෙන ආ විට පමණක් tax කිරීම) අහෝසි වේ.
- අලුතෙන් UK වලට පැමිණි පුද්ගලයන් හට අවුරුදු 4ක් foreign income tax-free කරන්න පුළුවන්, නමුත් ඔවුන් පසුගිය අවුරුදු 10ට UK resident නොවී තිබිය යුතුයි.
- Relief අවසන් වූ පසු, ශ්රී ලංකාවේ හෝ වෙනත් රටවල් වලින් ලැබෙන අදායම හෝ ලාභ අනිවාර්යව UK tax return එකේ declare කළ යුතුය. එම මුදල් ශ්රී ලංකාවේම හෝ අදාල රටේම රැඳී තිබුනත්, UK බදු යටතට ගන්නා ලැබේ.
මෙය UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට ගැටලුවක් සහ අභියෝගයක් වේ.
- විදේශගත වී පවුලට මුදල් යවන migrant workers,
- ශ්රී ලංකාවේ දේපල හෝ කුලියට දීලා ඉන්න professionals,
- Sri Lanka pensions ගන්න retirees සියලු දෙනාටම හැමෝම මේ නව නීතියට බලපානවා.
සරලවම කිව්වොත්: මේ නව නීතියේ යටතේ ඔබේ ශ්රී ලංකාවේ ආදායම, investments, දේපල income හැමදේම UK tax system එකට ඇතුළත් වෙනවා.
මෙම නීතිය බලපාන්නේ කාටද?
UK හි වැඩකරන ශ්රී ලාංකිකයන්
ශ්රී ලංකා බැංකු ගිණුම් වලින් ලැබෙන interest, fixed deposits ආදායම් දැන් UK tax return එකට ඇතුළත් කළ යුතුයි.
ශ්රී ලංකාවේ දේපල හිමියන්
නිවාස හෝ බිම් බදු ගෙවා කුලියට දී ඇති අය, rental income UK tax return එකේ declare කළ යුතුයි.
Dual-income professionals
විශේෂයෙන් UK හි සේවය කරන Doctors, Engineers, IT consultants සහ SL businesses, shares, side-income තිබෙන අයට මෙම නීති බලපායි.
Retirees සහ Pensioners
ශ්රී ලංකා pensions හෝ annuities ලබා ගන්න අයගේ ආදායමද UK හි declare කළ යුතුය.
Double Taxation Agreement (UK–SL DTA) යටතේ tax credit ගත හැක, නමුත් එය නිවැරදිව claim කළ යුතුය.
අවදානම් – නිසි පියවර නොගන්නේ නම්;
HMRC පැහැදිලිව කියා සිටිනවා:
- Late returns හෝ incorrect returns සඳහා Penalties සහ interest අය කරයි.
- විදේශ ආදායම නොදැක්වීමේදී investigations ආරම්භ විය හැක
- “I didn’t know” කියන එක තව දුරටත් valid excuse එකක් නොවෙයි.
විශේෂයෙන් ශ්රී ලාංකිකයන්ට property, bank accounts, pensions ආදිය නිසා විශාල අවදානමක් මෙම බදු ක්රමය නිසා ඇති විය හැක.
Reliefs සහ Protections
මේ නව නීති සම්පූර්ණයෙන්ම අවාසිදායක දෙයක් නොවේ. නව tax rules යටතේත්, ඔබ නිසි සැලසුම් සහ planning කළහොත්, tax burden අඩු කරගැනීමට උපකාරී reliefs සහ protections තිබෙනවා
- Foreign Tax Credit Relief (FTCR)
– ඔබ ශ්රී ලංකාවේ income (උදාහරණයක් ලෙස rental income) මත tax ගෙවන්නේ නම්, ඒ tax එක UK tax liability එකට offset කරන්න පුළුවන්.
– මේක මඟින් double taxation වැළැක්විය හැක.
– නමුත් rules ඉතා දැඩියි . Claim කල හැක්කේ අඩු අගය (Sri Lanka tax හෝ UK tax එක), සහ නිවැරදි forms (SA106) පුරවා යොමු කළ යුතුයි. - FIG 4-year Relief
– අලුතින් UK වලට පැමිණෙන (new arrivals) සහ පසුගිය අවුරුදු 10 තුළ UK resident නොවූ අය, අවුරුදු 4ක් foreign income tax-free අයදුම් කරගත හැක.
– මේක අලුතින් UK වලට වැඩ කරන්න පැමිණෙන හෝ study කරන්න පැමිණෙන අය සඳහා golden opportunity එකක්. - Double Taxation Agreement (DTA)
– UK සහ Sri Lanka අතර තියෙන ගිවිසුමක් මඟින් double taxation වැළැක්විය හැක.
– නමුත් මෙය සාර්ථකව භාවිතා කරන්න නම්, ඔබේ foreign income නිවැරදිව declare කර claim කරන එක අත්යවශ්යයි.
සරලව කියන විදිහට, reliefs තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නිවැරදි reporting සහ professional guidance එකක් යටතේ පමණි.
ඉදිරි සැලසුම් – How to Prepare ?
- ඔබේ විදේශ ආදායම් සහ දේපල ලැයිස්තු ගන්න. – ශ්රී ලංකාවේ ඇති bank accounts, rental properties, investments, pensions, හෝ business income ලිස්ට් එකක් සකස් කර ගන්න.
- ඔබේ UK tax residence තහවුරු කර ගන්න – Statutory Residence Test හෝ HMRC online tool භාවිතා කර, ඔබ UK tax resident ද යන්න පරීක්ෂා කර බලන්න.
- Deadlines අවබෝධ කර ගන්න – නව නීතිය බලපැවැත්වෙන පළමු වසර 2025/26 ය. ඒ සඳහා Self-Assessment return එක 31 January 2027 ට පෙර පුරවිය යුතුය. අවසන් මොහොත දක්වා රැඳී නොසිටින්න
- Document රැස්කරගන්න – Bank statements, rental agreements, Sri Lankan tax receipts වැනි ලියකියවිලි UK return සකස් කිරීමට අත්‍යවශ්‍ය වේ.
- Professional advice ගන්න – International tax ගොඩක් complex. UK සහ Sri Lanka tax laws දෙකම දන්නා adviser කෙනෙක්ගෙන් උපදෙස් ගත්තාම, reliefs claim කරන්න, වැරදි වලින් වලක්වගන්න, tax bill අඩු කරන්න පුළුවන්.
ශ්රී ලාංකිකයන් සඳහා මෙය ඇත්තෙන්ම වැදගත් වන්නේ ඇයි?
මෙය සරල paperwork එකක් විතරක් නොවෙයි.
මෙම නව නීති අපි ශ්රී ලංකාවට යවන මුදල් ප්රමාණයට, අපි ශ්රී ලංකාවේ කරන ආයෝජන වලට, සහ අපේ විශ්රාම සැලසුම් වලට සෘජුවම බලපායි.
බොහෝ ශ්රී ලාංකිකයන් UK වෙත ගියේ විදේශ ආදායම වෙනමම රැඳෙයි කියන විශ්වාසය ඇතිවය. නමුත් 2025/26 සිට එම වෙන්කිරීම අවසන් වේ.
නිසි සැලසුම් නොමැතිනම්:
- වැඩි tax bills
- penalties
- සහ ඔබේ අතේ තියෙන මුදල් අඩුවීම
නිවැරදි සැලසුම් සහ වෘත්තීය උපදෙස් සමග:
- නීති සම්පූර්ණයෙන් පිළිපදින්න පුළුවන්
- double taxation වලින් වලක්වගන්න පුළුවන්
- සහ ඔබේ පවුලට UK තුළත්, ශ්රී ලංකාව තුළත් ආධාර ලබා දෙමින් ආරක්ෂිතව ඉදිරියට යන්න පුළුවන්.
නව FIG regime යනු UK taxation ඉතිහාසයේ විශාල වෙනසක් වන අතර, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට වාසි සහ අවාසි දෙකම ගෙන එයි.
අදම සැලසුම් ආරම්භ කර, නිසි professional උපදෙස් ලබා, ඔබේ hard-earned මුදල්, ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් නිවැරදිව ක්රියාත්මක වන බවට වගබලා ගන්න.
මෙම නව නීති යටතේ, ඔබේ overseas income, pensions, property සහ investments පිළිබඳ පැහැදිලි සැලසුම් කිරීම මඟින්, double taxation වලින් බේරී, අනාගත ආර්ථික ආරක්ෂාව සහ family support සුරක්ෂිත කර ගත හැක