බ්‍රිතාන්‍යයට සිදුවන සංක්‍රමණ වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීම සිදුකල යුතු බව දැන් වසර කිහිපයක් පුරා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාවක් වනවා. එහෙත් පසුගිය රජයත් වර්ථමානයේ පවතන කම්කරු රජයත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේක්ෂා කරන මට්ටමට සංක්‍රමණ සීමා කිරීමට අසමත් වී ඇති බව නිරන්තරයෙන් හෙලිදරව් වන ආගමන විගමන සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛා දත්ත වලට අනුව 2024 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි ශුද්ධ සංක්‍රමණ සංඛාව 728,000 බවයි සදහන් වෙන්නේ.
ඒ අතර අපිට වැදගත්ම කාරණාව වන්නේ ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වනවාද යන්නයි. ලෝකයේ රටවල් 200 කට අධික සංඛාවක් තිබියෙදී බ්‍රිතාන්‍යයට වැඩිම විදේශිකයන් සංක්‍රමණය වන මුල් රටවල් 10 අතර රැදීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබෙනවා. එහි අර්ථය නම් 2021 වසරෙන් පසුව මේ දක්වා කාලය තුල අති විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇති බවයි. රැකියා වීසා යටතේ මෙන්ම අධ්‍යාපන වීසා යටතේද ශ්‍රි ලාංකිකයන් දස දහස් ගණනක් මෙරටට සංක්‍රමණය වී ඇති අතර සංචාරක වීසා මතද ගෙවුනු කාලය තුල ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට පැමිණි බව සංඛා ලේඛන පෙන්වා දෙනවා.
බ්‍රිතාන්‍යයේ ආගමන විගමන ආයතනය ප්‍රකාශයට පත්කල නවතම දත්ත අනුව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිකුත් කල රැකියා වීසා (work visa) සංඛාව 10,492 ක් වනවා. ඒ තුලට රැකියා වීසාලාභීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද අයත් වනවා. එම වීසා සංඛාව අතරින් වීසා 9,459 ක් skill work visa යටතේ නිකුක් කර තිබෙනවා. එම සංඛ්‍යා දෙක අතර වෙනස බොහෝ විට ආයෝජන වීසා හෝ Business වීසා විය හැකි වේ. Work visa යටතේම ගැනෙන temporary work visa හෙවත් සෘතුමය රැකියා වීසා යටතේ යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කල බවක් සදහන් නොවේ.
පසුගිය වසරේ work visa යටතේ මෙරටට පැමිණි පිරිස අතර 9 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පළමු ස්ථින තුනෙහි පිළිවෙලින් ඉන්දියාව, පකිස්ථානය හා නයිජීරියාව පසුවනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම සදහා students visa යටතේ 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි සංඛාව 4,842 ක් වනවා. එම සංඛාව අතරට ශිෂ්‍යන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද ඇතුලත් වන බවයි සදහන් වන්නේ. සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර සදහා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණි පිරිස අතර 12 වන ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල family වීසා මත මෙරටට පැමිණි පිරිස 1,306 ක් බවයි සදහන් වන්නේ. Family වීසා මත එම කාලය තුල මෙරටට පැමිණි පුද්ගලයන් අතර 18 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ ස්ථිර පදිංචිය හිමි පුරවැසියන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත මෙලෙස family වීසා නිකුත් කරන අතර බොහෝ දුරට විවාහයන් මත මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන්ට මෙම නීසා නිතුක් කරනු ඇති.
2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකිකයන් සදහා සංචාරක වීසා 23,718 ක් බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර ඇති අතර මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් අතර 15 වන ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් පසුවනවා. ඒ අතර එම කාලය තුලදීම බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූලව විවිධ වීසා මත ඇතුළුවීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු තෙටුපළ තුලදීම හරවා යැවීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන අංශය කටයුතු කර ඇති බව එම වාර්ථා සදහන් කරනවා.
2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලැබීමේ බලාපොරොත්තුවෙන් සරණාගතභාවය අයදුම් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,726 ක් වනවා. එම කාලසීමාව තුල ශ්‍රී ලාංකිකයන් 1,136 දෙනෙකුට විවිධ වර්ගයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර ප්‍රතික්ශේප වූ හා ඉල්ලා අස්කරගත් ප්‍රමාණය 1,992 ක් වනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ සංඛා තුල ශ්‍රි ලාංකිකයන්ද දැවැන්ත භූමිකාවක් හොබවන අතර අනාගතයේදී බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණ සීමා කිරීම තවත් දැඩි කලහොත් නැවත වරක් පදිංචිය සදහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අවම වනු ඇති.
තිලාන් ජයසේකර