මහනුවර මහාමායා බාලිකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින්
ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සහෘදත්වය ප්‍රවර්ධනය කිරීමේ
අරමුනින් “දැල්පන්දු උළෙල – Festival Of Netball (FON) ” කරළියට ගෙන ආ අතර එහි
පළමු පියවර ලෙස එවකට මහ කොමසාරිස් ගෞරවනීය රෝහිත බෝගොල්ලාගම
මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු 15 වන දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා
මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. ("සහෘදත්වය ප්‍රවර්ධනය කිරීම" –
නෙට්බෝල් ක්‍රීඩාව හරහා ප්‍රජාවන් අතර සමගිය, සංහිඳියාව සහ සුහදතාවය යන
මූලික අදිටන අපගේ ආදර්ශ පාඨයයි.)
නෙට්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී මහනුවර
උසස් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරිය වූ ජෙනී ග්‍රීන් මෙනෙවිය විසිනි. FON
කුසලානය නම් කර ඇත්තේ එම මෙනෙවියට ගෞරව පිණිසයි. 2022 නෙට්බෝල්
ආසියානු කුසලානය – Asia Cup තරඟාවලිය ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලාංකික දැල්
පන්දු කණ්ඩායමේ නායකත්වය ගයාංජලී අමරවංශ මෙනවිය හෙබවූ අතර
(මහනුවර උසස් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා) එම කණ්ඩායම පුහුණු කරන ලද්දේ
හයසින්ත් විජේසිංහ මහත්මිය (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා)
විසිණි.
FON 2024 සමාරම්භක උළෙල මැයි 6 වන දින Slough හි බර්නම් ක්‍රිකට් සංගම්
ක්‍රීඩාංගනයේ පැවති අතර, එයට පහත සඳහන් කණ්ඩායම් සහභාගී විය:
● එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ
සංගමය
● එක්සත් රාජධානියේ මහාමායා බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
● එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
● එක්සත් රාජධානියේ මලියදේව බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
● එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ
සංගමය
● එක්සත් රාජධානියේ, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි
ශිෂ්‍යාවන්ගේ සංගමය
● එක්සත් රාජධානියේ මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
● එක්සත් රාජධානියේ, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ
සංගමය
කෙසේ වෙතත්, වර්ෂා සහිත කාලගුණය මධ්‍යහනය වන විට තරඟාවලියට
බාධාවක් විය. හිරාන් විජේරත්න සජීවී සංගීතය සැපයූ අතර, වටිනා ත්‍යාග ඇතුලත්
කුසපත් ඇදීම , ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන, එක්සත් රාජධානියේ දේවි බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ දායකත්වය ලබා දුන් Cake stall, Bouncy
Castle සහ අනෙකුත් වෙළඳ කුටි විසින් රැස්වී සිටි පිරිස පිනවූ අතර පස්වරු සැසිය
සවස 7 ට පමණ නිමා විය.
පසුව මෙම උත්සවය 2024 ජූලි මස 13 දිනට Slough හි Slough Eaton Business
College පරිශ්‍රයේදී පැවැත්වීමට දින නියම කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන
ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ
එවකට නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මියයි. මෙම
සම්මාන ප්‍රදානෝත්සවයට Slough Borough හි හිටපු නගරාධිපති අහමඩ් අබ්බාසි
මහතා, සීමාසහිත ලංකා බැංකුවේ එක්සත් රාජධානීය ප්‍රධාන විධායක නිලධාරී
මාධව දිසානායක මහතා (Platinum අනුග්‍රාහක),Absorption Technology Ltd, Bala Lettings
London Ltd & Bala Propertiesහි අධ්යක්ෂ බාලා වාමදේවන් මහතා (Gold අනුග්‍රාහක) සහ
London MCS Consultants ආයතනීය අධ්යක්ෂ මනෝජ් රම්බොඩවිලගේ මහතා (Silver
අනුග්‍රාහක) යන අය සහභාගී වූහ. මෙම තරඟාවලිය මහනුවර උසස් බාලිකා
විද්‍යාලයීය විශ්‍රාමික පැසිපන්දු ගුරු අමිතා ද අල්විස් මහත්මියගේ සපැමිණීමෙන්
වර්ණවත් වන ලදී.
ජෙනී ග්‍රීන් ගෞරව කුසලානයේ ජයග්‍රාහකයින් – එක්සත් රාජධානියේ මලියදේව
බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
පළමු අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය
ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
දෙවන අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ
සංගමය
කණ්ඩායම් අගය කිරීමේ සමරු ඵලක – එක්සත් රාජධානියේ මහාමායා බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ වෙන්නප්පුව ශුද්ධ වූ
පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය
සහභාගිවුවන් සැමට අප හද පිරි ප්‍රණාමය පුද කරන අතර මෙම ඉසව්ව පිරිපුන්
කිරීමට විව්ධාකාරයෙන් උපකාර කරන ලද අනුග්‍රාහක භවතුන්ට හදවතින්ම ස්තුති
කරමු. මෙම වසරේම මෙම අවසන් ඉසව්ව පිරිපුන් කිරීමට FON කණ්ඩායම් ගත්
උත්සාහය මේ අවස්ථාවේදී විශේෂයෙන් අගය කල යුතුමය.
මීට අමතරව 2024 දෙසැම්බර් මස 14 වන දින “නොයෙල් බ්‍රන්ච්” නමින් අති
සාර්ථක නත්තල් උත්සවයක් අප කම්ටුව විසින් සංවිධානය කරන ලදී. පහත
සඳහන් ආදි ශිෂ්‍යා සංගම් වන එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මහාමායා බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයම, එක්සත් රාජධානියේ මලියදේව බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය එක්සත් රාජධානියේ – වෙන්නප්පුව ශුද්ධ වූ
පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – මිලාගිරිය ශාන්ත
පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ දේවි බාලිකා
විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ හිල්වූඩ් විද්‍යාලයීය ආදි
ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – කොළඹ මුස්ලිම් ආදි ශිෂ්‍යාවන්ගේ
සංගමය මෙම අවස්ථාව වර්ණවත් කලහ.
මෙම වැඩසටහනට FON 2024 හි අනෙකුත් ආදි ශිෂ්‍ය ස්වේච්ඡා නිලධාරීන් හරසරින්
පිළිගැනීම, Mulled Wine, නත්තල් කේක්, රසවත් ශ්‍රී ලාංකික ආහාර පාන, නත්තල්
කැරොල් ගායන, Secret Santa සහ Karaoke Session ඇතුළත් වූ අතර සහභාගී වූවන්
තුටින් එදින භුක්ති විදින ලදී. FON 2024 දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වැලිකඩ
බන්ධනාගාරයේ කාන්තා බන්ධනාගාර රැඳවියන්ට උපකාර කිරීම මුල්කරගෙන මාතෘ
භූමියට සහයෝගය දැක්වීමටත්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානය අනුමැතියෙන් මෑතකදී ගංවතුරෙන් විපතට පත් වූවන්ට
ආධාර කිරීම සඳහාත් ව්‍යාපෘතියන් දියත් කරන ලදී.
Festival of Netball