Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

මාතලේ ලස්සනම දවස්

  මෙි වසරේ මාර්තු 12 සහා 13 මාතලේට නමි එක්තරා සුවිශේෂී දවස් දෙකක්.. මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. ශ්රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය..
           මම බෞද්ධයෙක් උනත් මෙි උත්සවයට හරිම ආසයිමම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි
         
    ලංකාවෙි පත්තිනි දේවාල තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්.

       අරුල්මිගු ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා .

          මාතලේ පුරවරයේ දෙමළ ජනතාව වාසය කිරීම සාමාන් දෙයක් . ඉතාම පිරිසිදු දෙමළ ජනතාවක් මේ ප්රදේශයේ වාසය කරනවා . මේ දෙමළ ජනතාව නිසාම හින්දු ආගම මේ ප්රදේශයේ වඩාත් ප්රචලිත වෙලා තියෙනවා . මුත්තුමාරි අම්මාන් කෝවිලත් ඇතිවෙන්නේ මේ දෙමළ ජනතාවගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් .

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා . දැනට වසර 200කට වගේ කලින් . කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන ප්රදේශයේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ .
          මේ ප්රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක් . මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා . දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දකිනවා . පත්තිනි දේවිය නල්ලමුත්තුට කියනවා එදා කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන්ම තමයි . භූමිය ශුද්ද භූමියක් . නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්න කියලා .
          මේ කාලේ වෙනකොට මේ ප්රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳාම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්රසිද්ධ වුණාට පස්සේ . කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි පැවතිලා තියෙන්නේ . ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ . කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ . තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවාගිය කෙනෙක්ට දකින්න පුළුවන්.

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය . මේ ගෝපුරය අඩි 108 ක් උස වෙනවා . ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008 ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා . දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ . මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100 පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කරන්න .

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ . වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා . මේ ගෝ පුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා .

        මෙි තමයි මාතලේ ශ්රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්කොවිල ගැන වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය ගැන ගොඩක් විස්තර තියනවා. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි භේද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් මුත්තුමාරි අමිමාන් කොවිල නිසා කියලා සියළු දෙනාම විස්වාස කරනව.. තරමි සත්යක් මෙි කොවිල කෙරෙහි බැදි තිබෙනවා.. නිසාම වාර්ෂික තේරු මංගල්යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යද්දි

  ඉතිංමෙි තේරු කරත්ත පහ ගැන කියනවා නමි මුලින්ම යන්නේ ගණදෙවියන්, දෙවනුව කතරගම දෙවියන් සමග වල්ලි අමිමා සහා තේවානි අමිමා දෙවඟනන්, තුන්වෙනියට යන්නේ ශිව සහා පාර්වති දෙවියන්හතර වෙනියට තමයි යන්නේ පත්තිනි මැණියන්පස්වෙනි තේරු කරත්තයේ සිටින්නේ සන්ඩෙිෂ්වර් කියන දෙවියන්.. මෙි දෙවියන් තමයි මෙි තේරු කරත්ත පහටම ආරක්ෂාව සපයන ආරක්ෂක දෙවියන්

        එන්න දවසක  තේරු දවසට හැබැයි රෑට අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න.
ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ  

Home / Life-Style / Daily-Topics / 25-April-05