ස්ත්‍රී–පුරුෂ ජීව විද්යාත්මක වෙනස හා ශරීර රචනාත්මක ව්යුහයේ වෙනස්කම් වලට අනුව කාන්තාවන්ට හා පුරුෂයන්ට වෙන් වෙන් වශයෙන් ආවේණික වූ රෝග තත්ත්වයන් හටගනී.
පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්රිතව ඇතිවන පුරස්ථි ග්රන්ථයෙහි ප්රදාහය හා පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව පිරිමින් අතර පමණක් දක්නට ලැබේ.
ටෙස්ටොස්ටෙරෝන් හා ඇන්ඩ්රජන් යන පිරිමින් සඳහා විශේෂිත හෝර්මෝන ශ්රාවය කරන පුරස්ථි ග්රන්ථියෙහි ශරීර ව්යුහාත්මකව හෝ ක්රියාකාරීත්වයෙහි වෙනස්කම් ඇතිවීම හෝ ව්යුහාත්මකව හා ක්රියාකාරීත්වයෙහි යන දෙකෙහිම වෙනස්කම් හටගැනීම නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස මෙම රෝගය ප්රකට වේ.
මුත්රාශයට පහළින් මුත්රා මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටා ඇති ග්රන්ථිමය අවයවය පුරස්ථි ග්රන්ථිය යි. මෙම ග්රන්ථයෙහි ඉදිමීම මුත්‍ර වාහිනිය මත පීඩනයක් ඇතිකිරීමත්, ඉදිමුම මගින් වාහිනී විවරය තද කිරීමත් නිසා මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්රිතව විවිධ අපහසුතා ඇතිකරයි.
ආයුර්වේද වෛද්‍ය විද්යාත්මක සිද්ධාන්ත වලට අනුව ‘සුශ්‍රැත සංහිතා‘ ග්රන්ථයෙහි සඳහන් පරිදි වසර පන්දහසකට පමණ පෙර කාලයේදී පවා මුත්‍ර රෝග විශ්ලේෂණාත්මකව විස්තර කර ඇත. ඒ අනුව මෙම පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වය (Prostate enlargement) ආයුර්වේද මූලග්රන්ථයන්හි සඳහන් ‘වාතජ අශ්ඨිලා‘ රෝග තත්ත්වය හා බොහෝදුරට සමපාත කළ හැක.
මෙම රෝග අවස්ථාවට අනුමත ප්රතිකාර පද්ධතිය ඉහත සඳහන් රෝගී විශයෙහි ඉහළ ප්රතිඵල ලබා දේ. ආයුර්වේද වෛද්‍ය විද්යාත්මක ඉගැන්වීම් වලට අනුව සංහිතා ග්රන්ථයන්හි රෝග හේතූන්, පූර්ව රෝග ලක්ෂණ, ප්රධාන රෝග ලක්ෂණ, රෝග සංකූලතා, රෝගය සඳහා ප්රතිකාර හා රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු පිළිවෙත් විස්තරාත්මකව දක්වා ඇත.
එමනිසා රෝගය පිළිබඳ දැනුවත් වීම රෝගය වළක්වා ගැනීමටත්, ඉක්මන් ප්රතිකාර සඳහා යොමුවීමටත් අතිශය වැදගත් වේ.
රෝග හේතු :-
ඉහත හේතූන් නිසා අපාන වාතයේ හා ශ්ලේෂක කඵ යන දෝෂයන් විකෘති වීමෙන් පසු පිත් දෝෂයේ අනුබන්ධතාවය නිසා රෝගය පහසුවෙන් හටගැනීම සිදුවේ.
Prostatitis, benign prostatic hyperplasia (BPH) යන රෝග තත්ත්වයන් මෙන්ම පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව අද සමාජයේ මැදි වයස් ගත පිරිමි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබේ.
බටහිර වෛද්‍ය විද්යාවට අනුව වයස් ගත වීමත් සමඟම පිරිමින්ගේ ලිංගික හෝර්මෝනයන්හි සිදුවන වෙනස් වීම නිසා ග්රන්ථියෙහි ශරීර රචනාවේ හෝ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස මෙම රෝගයට ප්රධාන හේතුව ලෙසට සැළකේ.
රෝග ලක්ෂණ
– නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම
– හදිසියේ පාලනයකින් තොරව එකවර මුත්රා පිටකිරීමේ අවශ්යතාව ඇතිවීම
– මුත්රා පිටකිරීමේදී දුර්වල මුත්‍ර ධාරාවක් පැවතීම හෝ මුත්‍ර ධාරාව කැඩි කැඩී පිටවීම
– මුත්රා පිටකිරීම ආරම්භ කිරීමේදී ඇතිවන අධික අපහසුතාව
– මුත්රා පිටකල පසු නැවත පිටකිරීමේ අවශ්යතාවය ඇතිවීම හා නැවත බිංදු වශයෙන් මුත්රා පිටවීම
– රාත්රියට වැඩි වාර ගණනක් මුත්රා පිටකිරීම සඳහා අවදි වීමට සිදුවීම
– එදිනෙදා කාර්යයන්හි නිරතවීමට පවා බාධා වන අයුරින් නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම
– මුත්‍ර වේගය දරා සිටීමේ නොහැකියාව
– ලිංගික ජීවිතය අඩාල වීම
– මුත්‍ර මාර්ගය ආශ්රිතව දැවිල්ල හා වේදනාව
– බඩ පුරවා දැමීම
– මුත්රාශය තුළ රැස්ව පවතින මුත්රා සම්පූර්ණයෙන් පිටනොවීම හේතුවෙන් යම්කිසි මුත්රා ප්රමාණයක් නිතරම මුත්රාශයේ ඉතිරිව රැඳී පැවතීම හේතුවෙන් පසුකාලීනව මුත්රා ආසාදන ඇතිවීම
පුරස්ථි ග්රන්ථිය ආශ්රිත මෙම රෝග තත්ත්වයෙහි රෝග ලක්ෂණ බොහෝ විට හටගනු ලබන්නේ වයස අවුරුදු 40-45 පමණ ඉක්මවූ පිරිමින් හට වුවද ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ පහළ නොවන අවස්ථාවන් දක්නට ලැබේ.
එවැනි අවස්ථා වලදී, බොහෝවිට වෙනත් රෝගයකට සිදු කරන ලද වෛකෘත පරීක්ෂණ වාර්තා වලට පසුව මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා අවස්ථාවන් දක්නට ලැබේ.
ඇතැම් රෝගීන්ට ඉහත සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් හෝ සියල්ලම එකවිට දක්නට ලැබෙන අවස්ථාවන්ද බහුලව පවතී. තවද, මුලදී සුළු රෝග ලක්ෂණ පෙන්වමින් පැවතියද, දීර්ඝ කාලයක් ප්රතිකාර නොගෙන සිටීම හේතුවෙන් බරපතල රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වීමේ හැකියාව පවතින රෝග අවස්ථාවකි.
ආයුර්වේද ප්රතිකාරයේදී මුත්රා පිටකිරීම පහසු කිරීමත්, පුරස්ථි ග්රන්ථියෙහි ඉදිමුම් තත්ත්වය අඩු කිරීම හා නීරෝගී බව නැවත ලබා දීමත් සිදුකෙරේ.
ඒ සඳහා රෝග හේතු සාධක බැහැර කිරීමත්, හිතකර ආහාර, විහරණ වලට යොමුවීමත්, ශාරීරික හා මානසික දෝෂ ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා මුත්‍ර පරීක්ෂණ, රුධිර පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ භාවිතා කරන අතර පිළිකා රෝගයක් නොවන බවට තහවුරු කරගැනීමට Prostate specific antigen test (PSA), biopsy, cystoscopy, MRI පරීක්ෂණ පවා වෛද්‍ය වරු විසින් රෝගීන් වෙත නිර්දේශ කරනු ලැබේ.
රෝගය හට ගැනීමේ ප්රවණතාව සහිත පුද්ගලයන් ලෙස සක්රීයව ඇඟ වෙහෙසෙන රැකියාවල නොයෙදෙන්නන්, තරබාරු පුරුෂයන්, තීන්ත වර්ග ආශ්රිත රසායනික කර්මාන්ත ශාලාවල රැකියාවේ යෙදෙන්නන්, සමාජ රෝග පවතින පුද්ගලයන්, අවුරුදු 40-45 ඉක්මවූ පිරිමි පුද්ගලයන් හැඳින්විය හැකිය.
ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේදී බාහිර හා අභ්යන්තර චිකිත්සා ක්රම අනුගමනය කර ප්රතිකාර කරනු ලැබේ.
අභ්යන්තර ප්රතිකාරයේදී සුවිශේෂී කෂාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ ලබාදීමත්, බාහිර ප්රතිකාර ලෙස ස්වේද ප්රතිකාර සිදු කිරීමත්, පංචකර්ම ප්රතිකාර ලෙස ඖෂධීය තෙල් මඟින් වස්ති ප්රතිකාර හා ශිරෝධාරා ප්රතිකාර කිරීමත් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වයන් සඳහා සාර්ථක ප්රතිඵල ලබා දේ.
හීන් නෙරෙංචි, කොබෝනීල වැනි ශාකමය ඖෂධ තම්බා පානය කිරීමත් අශ්වගන්ධ, චන්ද්රප්රභා, කාංචනාර ගිග්ගුලු වැනි ආයුර්වේද ඖෂධ, වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීමත් සිදුකළ හැක.
හිතකර පුරුදු –
– කෙඳි සහිත එළවළු හා පලතුරු ආහාරයට වැඩි වශයෙන් එක් කර ගැනීම
– දේශීය ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම
– ඇවිදීම, පිහිනීම වැනි ව්යායාමයන්හි නිරත වීම
– යෝගා අභ්යාස, භාවනා ක්රම සඳහා යොමු වීම
– කාලය කළමණාකරණය නිසිලෙස සිදු කර ගනිමින් මානසික ආතතිය හැකිතාක් අවම කර ගැනීම
– ජලය පානය කිරීම ප්රමාණවත් තරම් සිදු කිරීම
පුද්ගල ප්රකෘතිය හා දෝෂ විෂමතාව සලකා බලා ආයුර්වේද සිද්ධාන්ත මත පදනම්ව සිදු කරන චිකිත්සා පද්ධතියක් මඟින් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත ඉදිමීම හා මුත්‍ර ව්යුහාව ආශ්රිත රෝග තත්ත්වය සඳහා සාර්ථක ප්රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්යාව සතුවන බැවින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙතගොස් ප්රතිකාර ලබා ගැනීමෙන් රෝගය පහසුවෙන් සුව කරගැනීමේ හැකියාව පවතී.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS -Colombo (SL)