~ අයිස්ක්‍රීම් නැති දුදූගේ ලෝකය ~
සහය නිෂ්පාදකයෙක් විලසින් ටෙලිවිෂන් කර්මාන්තය තුළ සිය වෘතීය
ජීවිකාව අරඹා කාලයාගේ ඇවෑමෙන් වැඩසටහන්
නිෂ්පාදකයෙකු, වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු, පූරකයෙකු, රංගන
ශිල්පියෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු විලසින් සිය කලා
කෞශ්ල්යයන් ඔප්නංවාගන්නට සමත් වූ ප්‍රදීප් ධර්මදාස, ඉන් නොනැවතී සිනමා
ක්ෂේත්රය තුළට ද අවතීර්ණ වූයේ සිනමා රංගන
ශිල්පියෙක් විලසින් ද සිය ප්රසාංගිකතවය තවදුරටත් විහිදුවාලන්නට
උත්සුක වෙමින්. “අයිස්ක්‍රීම්” ඔහුගේ සිනමා අධ්යක්ෂණ භූමිකාවේ දොරට
වැඩුමයි.
පැල්පත් නිවාස සංකීර්ණයක වෙසෙන, ස්ථීර රැකියාවක් හෝ වෙනත් ස්ථිර
ආධායම් මාර්ගයක් හෝ නොමැති, මවගේ සහ එකම නැගණියගේ සෙනෙහස
පමණක් උපතින් උරුම වූ, කෙදිනක හෝ කවර අයුරකින් හෝ ශ්‍රී ලාංකේය
සිනමාවේ ජනාකර්ෂණීයම සිනමා තරුව වීමට සිහින දකින, කඩවසම්, අව්‍යාජ
ප්‍රේමවන්තයෙකු වන “දුදූ’ සිය ඇස් මායිමෙන් ඔබ්බෙහි වූ ලෝකය දකින
අයුරු සිනමාපටය පුරාවට චිත්රණය වෙයි.
මිනිසුන් උපදින්නේ ද මියඇදෙන්නේද හිස් අතින් යැයි දාර්ශනික කියමනක් ව්‍යවහාරයේ තිබුණද මේ
මහපොළවෙ මත පැළවුණු සමාජ – දේශපාලන යථාර්ථය ඉන් සහමුලින්ම විතැන් වේයැයි
සිනමාපටයේ යටිපෙළ කියවාගන්නට වෙරදරණ සිනමා සංවේදී මෙන්ම සමාජ – දේශපාලන
සංජානනයෙන් යුතු කවරෙකු හට වුවද වැටහෙනු ඇතැයි සිතමි.
කරුමයෙන් උරුම වූ සෘණාත්මක ආර්ථික, සාමාජයීය, සංස්කෘතික, ආගමික සහ දේශපාලනික පසුබිම
සහජයෙන් උරුම වූ ධණාත්මක ආකල්පයන් අන්තර්ගත වන්නෙකුගේ ඉරණම තීන්දුකිරීම කෙරෙහි
කෙතරම් තීරණාත්මක සාධකයක් වන්නේද යන්න නිර්ධන පාන්තික උද්වේගකර තාරුණයේ
සංකේතය වූ දුදූගේ ලිවිසැරිය තුළින් සිනමාරූපීව පිළිපිඹු කරවීම තිර රචකයා සහ අදියුරුවරයාගේ
මූලික අභිප්‍රාය වන්නට ඇත.
සිනමාපටය සවිඤානකව කියවාගැනීමේදී උක්ත අයුරේ ගැඹුරු අභ්‍යන්තරික යටිපෙළක් පිළිබඳව
සංකල්පනාවක නිරත විය හැකි වුවත් සිනමාපටය ඇරඹුමේ පටන් අවසානය තෙක්ම ගලායන්නේ
නිරූපිත ප්‍රදාන චරිතයන් හට අහඹු ලෙසින් මුහුණපාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් දාමයන්
නිසාවෙන් ප්‍රේක්ෂකාගාරය තුළට සියුම් සිනහවක් ද ජනිත කෙරවෙන නමුදු අදාළ චරිතයන් තුළින්
හාස්‍යය විද්‍යාමාන නොකෙරෙන්නට වගබලාගැනීම නිර්මාණකරුවන් විසින් සිනමාපටයේ
හිතාමතාම සංගෘහිත කරවන ලද සුවිශේෂී කාරණාවක් බව ඉතා ඕනෑකමින් පැවසිය යුතුය.
සිනමාපටයේ ප්‍රදාන රංගන ශිල්පීන් වන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි සහ සරත් කොතලාවල
යන ප්‍රතිභා සපිරි රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ නිරන්තරයෙන් හටගන්නා වූ
අතිශය සියුම් වූත් සංකීර්ණ වූත් භාවාත්මික ප්රකාශනයන් වඩාත් තාත්වික අයුරින් ගෙනහැරපෑම
සිනමාපටය රාමුගත වන ආකයානයන් තුළ ඉහත සඳහන් කරන ලද යටිපෙළ වඩාත් ත්‍රීව ලෙසින්
සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් පැහැදිලිව පෙනීයයි.
මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නා
වූ යථාර්ථවාදී රංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන ශිල්පීන්යේ භාවාත්මික
ප්රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද නොවළහා පැවසිය හැක.
රංගන ධායකත්වය
හේමාල් රණසිංහ
සරත් කොතලාවල
අයිශරා අතුකෝරල
රුක්මල් නිරෝෂ්
බිමල් ජයකොඩි
චමිලා පීරිස්
දමිතා අබේරත්න
රොෂාන් රණවන
මධුශාන් නානායක්කාර
චින්තක වාස්
වීණා ජයකොඩි
ජයලත් මනෝරත්න
දයා තෙන්නකෝන්
ඩී. බී. ගංගොඩතැන්න
කෝරළගේ සමන්
ආනන්ද කුමාරෞන්නැහේ
අංජන ප්‍රේමරත්න
රොෂෙල් ඩැනියෙල්
ලයන්ත ප්‍රැන්සිස්
ශෙනුල්‍යා දන්තනාරායන (ළමානිළි)
කැමරාකරණය, කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්රාදාන
සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්‍රේක්ෂක මනස තුළ උද්වේගකාරී
එල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් නොවළහා කිවයුතුය.
සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන
යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත් සිනමාපටයේ කථා
තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්‍රේක්ෂකයන් හා සිනමාපටය
අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට
කැමැත්තෙමි.
ගීත රචකයන්, ගීත ගයන්නන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය
හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ
කා හට වුවද යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.
සංගීත අධ්‍යක්ෂණය | කසුන් කල්හාර
ගීත රචනය | මංජුල වෙඩිවර්ධන
ගීත ගායනය | කසුන් කල්හාර, කුෂානි සඳරේඛා, ශේන් සිංග්
නිෂ්පාදන ධූරාවලිය
නිෂ්පාදනය | කෝකිලා විතානගේ, දුමින්ද පියරත්න
අධ්‍යක්ෂණය | ප්‍රදීප් ධර්මදාස
තිර රචනය | කළණ ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය | චින්තක සෝමකීර්ති
කලා අධ්‍යක්ෂණය | රුවන් මලිත් පීරිස්
අංග රචනය | නාරද ධනංජි තොටගමුව
සංස්කරණය | රුක්මල් නිරෝෂ්
සටන් අධ්‍යක්ෂණය | සමන් ඔසඳ බණ්ඩාර
නර්තන වින්‍යාසය | අවන්ත ආටිගල
සහය අධ්‍යක්ෂණය | චාමර සේලාර
ශබ්ද පරිපාලනය | සුනන්ද මෙත්තසිං
වර්ණ සංයෝජනය | දිනිදු ජාගොඩ
නිෂ්පාදන කළමනාකරණය | ජීවම මනරම් කෝදාගොඩ
ශබ්ද සැලසුම්කරණය | තරුපති මුණසිංහ
මාධ්‍යය සම්බන්ධීකරණය | ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
"අයිස්ක්‍රීම්" සිනමාපටය තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය බවට පත්කොට ගනිමින් පුරා දශකයන්
හතක් ඉක්මවූ හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට පිළිපන් ප්‍රදීප් ධර්මදාස
නම් නිහතමානී සොඳුරු මිනිසා හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා කරන්නා වූ සුවහසක්
දේශීය හා විදේශීය සිනමාලෝලීන්ගේ මනදොළ පිනවීමටත් ඔවුන්ගේ බුද්දිය අවධි කිරීමටත් මතු
අනාගතයේදීද ඉඩ ප්‍රස්ථාව උදාවේවායි එක සිතින් පතන්නෙමු.
සැකසුම | හිරාන් ගමගේ