Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Athula Adikari

රොන් පොදක් වෙන්නම්, හද හඩලා, පාරාදීසේ සහ මේ වේදිකාව ජිවිතේ අපේ වැනි ගීතවල පලමු පද කිහිපය කියු සැනින් ඔබට ඔහුව නිතර්කයෙන්ම මතකයට නැගෙන බව නොරහසකි. දශක කිහිපයක් පුරාවට එක ලෙස රසික හදවත් තුල ලැගුම් ගත් එවැනි ගීත ගොන්නක හිමිකාරිත්වය ඔහු සතුයි.

සංගීත කේෂ්ත්‍රයට පැමිණ දශක කිහිපයක කාලය ගෙවි ගියත් මියුරු හඩ පෞර්ෂය සහ එදා අපි දැකපු රැව එක ලෙසම පවත්වාගෙන ‍යන්නට ඔහු වාසනාවන්ත වුනා. එමෙන්ම එදා ඔහු වටා එකතු වු ප්‍රේක්ෂක පිරිස මෙන්ම නව පරපුරේ සංගීත ලෝලි රසික පිරිසගෙන්ද ආදරය ලබන්නට ඔහුගේ මියුරු හඩට සහ ඔහු සතුවු ගීත ගොන්නට හැකි වුනා.

ගායනය සහ වාදනය පමණක් නොව ඔහුට රංගන දක්ෂතාවයන්ද හිමි බව සින්තටික් සිහින සහ අරුණෝද කලාපය වැනි නිර්මාණ තුලින් සහ හිරු නාලිකාවෙහි විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයෙන්ද ප්‍රේක්ෂක අපට දැක ගන්නට ලැබුනා.

එසේනම් අපි Magazine පාඨක ඔබ වෙනුවෙන් මෙවර සම්බන්ධ කර ගන්නේ ප්‍රේක්ෂක සිත් තුල

නොවෙනස්ව තම ජනප්‍රියත්වය පවත්වාගෙන, ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් ගීත ලෝකයට මියුරු ගී සමුදායක් තිළිණ කල අතුල අධිකාරි මහතාවයි.

▪️මේ දවස්වල ඔබ නිරත වන කලා කටයුතු මොනවාද?

මම කැමතියි පිළිවෙලකට, සැලසුමකට අනුව කෙරෙන ප්‍රසංග සහ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න. ලංකාවේ පැවැත්වෙන තෝරාගත් ප්‍රසංග කිහිපයක් සහ රූපවාහිනි නාලිකාවල පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒවගේම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල එංගලන්තය, ඩුබායි සහ කටාර්වල පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

▪️දිවිතුරා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ කොහොමද? දිවිතුරා කණ්ඩායමෙන් ඔබට ලැබුන සහයෝගය කොහොමද?

හිරු නාලිකාවෙහි වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වන විරාජ් වැලිවත්ත මහතාගේ සහ දිවිතුරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමා වන චාමර ජයවීර මහතාගේ ආරාධනයෙන් මම අවුරුදු දෙකක කාලයක් දිවිතුරා ටෙලිනාට්‍යයෙහි රංගනයෙන් දායක වුනා නමුත් පසු කාලිනව දිවිතුරා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙමින් මගේ සංගිත වැඩ කටයුතු සදහා කාලය වෙන් කර ගැනිමේ අපහසුතාය නිසා මම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන්න තිරණය කලා.

දිවිතුරා ටෙලිනාට්‍යයෙහි මම ගායනා කල “මම හිතක්” තේමා ගීතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. දිවිතුරා ටෙලිනාට්‍යයෙහි රංගනයෙන් දායක වුන ජ්‍යෙෂ්ඨ සහ නවක රංගන ශිල්ප, ශිල්පිනියන්ගෙන් සහ අධ්‍යක්ෂකතුමා ඇතුලු දිවිතුරා කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මට හොද සහයෝගයක් ලැබුනා.

▪ඔබ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ අපට ඉදිරියේදි දකින්නට ලැබෙයිද?

මම රංගනය අධ්‍යනය කල, පුහුණු කල ශිල්පයෙකු නෙවෙයි නමුත් මම රගපාන්න උත්සාහ කරනවා.

මම හිතන්නේ රංගනය කියන්නේ විශාල කාලයක් කැප කරන්න ඕනේ කේෂ්ත්‍රයක් කියලා. රංගන කටයුතුවල නියැලෙනවා නම් සංගීත නිර්මාණකරණය, රූපවාහිනි වැඩසටහන් සහ විශේෂයෙන් විදේශ ප්‍රසංග සදහා සම්බන්ධ වෙන්න තියන කාලය අවම වෙනවා. එම නිසා නැවත දීර්ඝ ටෙලිනාට්‍යය සදහා සම්බන්ධ වෙන්න අදහස් නැහැ නමුත් අඩු කොටස් ප්‍රමාණයක් සහිත ගුණාත්මක නිර්මාණයක් ලැබුනොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

▪️සංගීතය සහ රංගන, ඔබ වඩාත් කැමති කුමන කේෂ්ත්‍රයටද?

මම සුපුරුදු පරිදි සංගීත කටයුතුවල නියැලෙන්න වඩාත්ම කැමතියි. මම කලින් සදහන් කල ආකාරයට රංගන කටයුතුවල නියැලිමේදි ඒ වෙනුවෙන් ඉතා විශාල කාලයක් යොදවන්න වෙනවා. මම රංගනයෙන් දායක වුන අශෝක හදගම මහතාගේ සින්තටික් සිහින සහ ශෙනෙෂ් බණ්ඩාර දිසානායක මහතාගේ අරුණෝද කලාපය වැනි ගුණාත්මක සහ කොටස් ප්‍රමාණය අඩු ටෙලි නිර්මාණ සදහා පමණක් සහභාගි වෙන්න මම තිරණය කරලා තියනවා.

▪ඔබගෙයි, කවින්ද්‍යා දුවගෙයි අතර තිබෙන බැදීම ගැන කියමුද?

දුව මගේ ලග නොහිටියත් මගෙයි දුවගෙයි අතර ලොකු බැදිමක් තියනවා. අපිට ඕන දෙයක් විවෘතව කතා කරන්න පුළුවන්. අපි දෙන්නා ඇත්තටම යාළුවෝ වගෙයි.

විදේශ සංචාර සදහා සමිතා බොහෝ දුරට සහභාගි වෙන්නේ නැති නිසා ඉදිරියේදි දුවත් එක්ක විදේශ සංචාර කිහිපයකට සහභාගි වෙන්න සැලසුම් කරගෙන ඉන්නවා.

▪ගායන තරු තරග තුලින් කේෂ්ත්‍රයට පැමිණෙන නවක ශිල්ප, ශිල්පිනියන්ට ප්‍රවීන කලා කරුවෙකු වශයෙන් ඔබ මොනවාද කියන්න කැමති…

රූපවාහිනි නාලිකා මගින් මෙහෙය වන ගායන තරු තරගවලින් පැමිණෙන ගායනයට ඉතාම දක්ෂ ශිල්ප, ශිල්පිනියන් බොහෝමයක් දකින්නට ලැබිම සතුටක්.

ගායන තරගවලදි තරගකරුවන්ගේ සියළුම කටයුතු සංවිධායක මණ්ඩලයක් යටතෙ මෙහෙයවිම නවක ශිල්පියෙකුට බොහෝ උපකාරි වෙනවා නමුත් තරගයෙන් අනතුරුව බොහෝ දෙනෙක්ට

තමන්ගේ වැඩ කටයුතු තනිවම සංවිධානය කර ගන්න අපහසු වුන අවස්ථාවන් මම දැකලා තියනවා.

ඉතින් තරගකරුවන් එම තරගය තුලදිම හොද අවබෝධයකින්, අධ්‍යනයක් ඇතුව, තමාව ගොඩ නගා ගනිමින් කේෂ්ත්‍රයට පැමිණෙනවා නම් දීර්ඝ කාලිනව කේෂ්ත්‍රයේ රැදි සිටිමට හේතු වෙනවා කියලා මම හිතනවා.

▪️ඔබේ රසික, රසිකාවියන්ට සමාජ මාධ්‍යයන් (Facebook) හරහා ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?

අවුරුදු 15ක් පමණ පරණ Facebook ගිණුමක් මට තිබුනා නමුත් එය මේ වනවිට මා සතුව නැහැ. එම නිසා මට නැවත facebook ගිණුමක් හදා ගන්න සිදුවුනා. මගේ නමින් මගේ නොවන වෙනත් පුද්ගලයන් විසින් මෙහෙය වන facebook ගිණුම් බොහෝමයක් තියනවා. ඉතින් Facebook ගිණුම් හරහා මා සමග සම්බන්ධ විමේදි නිවැරදි ගිණුම තහවුරු කර ගැනිම අත්‍යාවශ්‍යයි කියලා මම හිතනවා. ඉදිරි කාලයේදි රසික, රසිකාවියන් වෙනුවෙන් මගේ facebook ගිණුම විධිමත්ව පවත්වාගෙන ‍යන්න සහ අනෙකුත් මගේ නම්න් පවත්වාගෙන ‍යන ගිණුම් අවලංගු කිරිම සදහා අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

▪️ප්‍රේකෂක අපට ඉදිරියේදි දැක ගන්න ලැබෙන ඔබේ නිර්මාණය මොනවාද?

අලුතින් නිර්මාණය කල ගීත කිහිපයක් සහ නැවත නිර්මාණ කල මගේ පැරණි ගීත කිහිපයක් රසික රසිකාවියන්ට ඉදිරි කාලයේදි අහන්න ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඉදිරි මාසවලදි යෙදිලා තියන විදේශ සංචාර කිහිපයෙන් පසු එම කටයුතු සදහා කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

Sign up for our newsletter