Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Depend වෙලා හීන මවන්න එපා!

“අනේ බලන්නකො, එයා මාව දාලා ගියානෙ. මවපු හීන ඔක්කොම ඉවරයි”

“අනේ මට ඒක ලැබුන්නෑනෙ. මට දැන් අනාගතයක් නෑ වගේ”

මේ වගෙ කියමන් අපි සමාජයේ ජීවත් වෙනකොට ඕනි තරම් අහලා තියෙනවා. දරුවෙක් ඉපදුණ දා සිටම දෙමවුපියන්, තරුණ වියේදී තමා සම්බන්ධයක් ගොඩනගා ගන්නා තරුණයා හෝ තරුණිය….. වගේ පුද්ගලයන් මත depend වෙලා සිහින මවනවා. ඒ විතරක් නෙවෙයි. ජීවිතයේ මුහුණ දෙන විභාග, බැංකු වලින් ගන්න ලෝන්……..වගේ පුද්ගලයන් නොවන දේවල් මතද අනාගත සිහින මවනවා.

ඉහතින් කිව්ව දේවල් (පුද්ගලයන් හෝ වස්තූන්) අපෙන් ඈත් වෙලා ගියාම, අපිට රෙවා දිනාගන්න බැරි උනාම මොකද වෙන්නෙ? අපි වැටෙනවා. ඒ වැටීම මුළු ජීවිතේම අඳුරට කැන්දන් යන වැටීමක් වෙන්නත් පුළුවන් සමහරුන්ට. ඇත්තටම සිහිනයක් මවන්න පුද්ගලයෙක් හෝ දෙයක් ඕනිමද?

“කොහෙත්ම නැහැ”

අපි සිහිනයක් හෝ අරමුණක් හදාගද්දි පුද්ගලයෝ හෝ පණනැය්හි වස්තූන් පැත්තකින් තියන්න. මොකද ඒ දේවල් අපෙන් ඉවත් වෙන්න ඇසිල්ලක් ඇති. අපි මෙහෙම උදාහරණයක් ගමුකො. යම්කිසි තරුණියක් යාළුවෙලා ඉන්න කෙනා එක්ක විවාහ වෙලා සතුටින් ඉන්න හීන දකිනවා. නමුත් ටික දවසකින් ඔහුගේ තවත් සම්බන්ධයක් ඇයට අතටම අසුවෙනවා. එවිට මේ සම්බන්ධය නතර වන්නට හැකියි. ඇය මැව්ව සිහින ඔක්කොම අරන් ඔහු ඇගෙන් ඉවතට යනවා. ඉතින් ඇය ජීවිතය එතැනින් නැවැත්විය යුතුද?

නැහැ. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති අපිට වරදින්නෙ කොතනද කියලා. අපි පුද්ගලයන් සහ දේවල් මත depend වෙලා සිහින/ අරමුණු තබා ගැනීමෙන් දැඩි මානසික ව්‍යාකූලත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ දේවල් අපෙන් ඈත්වීම, ඉවත් වීම හෝ නොලැබීයාම කියන සාධක එක්ක ජීවිතේ මනසික් කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට අරමුණක් හෝ සිහිනයක් ගොඩ නගා ගද්දි පුද්ගලයන් හෝ අනිකුත් දෑ මත depend නොවී ඒවා ගොඩ නගා ගන්නට වග බලාගන්න. එවිට සිහින සැබෑ කරගන්නට යද්දී ඔබට යම් යම් දේවල් හිමිවේවි. යම් යම් දෙවල් මගහැරේවි. නමුත් ඒ අවස්ථා දෙකම ඔබට සම සිතින් විඳගන්නට හැකියි. එසේ නොවුණොත් ඔබ දැඩි මානසික පීඩනයකට පත් වෙනවා.

අපි අරමුණක්/ සිහිනයක් ගොඩ නගා ගන්නෙ කොහොමද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒක හරිම SMART. ඒ කිව්වෙ අපිට ළඟා කරගන්න ඕනි දේවල් මේ ස්මා(ර්)ට් විදිහට සිතට ඇතුළු කරගැනීමයි ඔබ කරන්නට අවශ්‍ය වෙන්නෙ. S (Specific)- ඔබ ඔබටම අනන්‍ය වූ එනම් ඔබේ හැකියාවන් දක්ධතාවයන් ඉගෙනුම් මත ඔබට ළඟා කරගන්නට අවශ්‍ය දෙයක් ගැන සිතිය යුතුයි. M (Measurable)- මේ අරමුණ මිනිය හැකි එකක් විය යුතුයි. A (Achievable)- මෙය මිනිසෙක්ට ළඟා කරගත හැකි එකක් විය යුතුයි. R (Realistic)- මේ අරමුණ කරායන්නට සත්‍යවාදී මාර්ග තිබිය යුතුයි. T (Timeliness)- නිශ්චිත කාල සීමාවක් තිබිය යුතුයි.

නිදසුනක් ලෙස ‘තවත් වසර තුනක් ඇතුළත තමන්ගේ ව්‍යාපාරය එම නගරයේ සාර්ථකම ව්‍යාපාරය බවට පත් කිරීම’ යන්න දැක්විය හැකියි. මේ විදිහට ඔබට ඔබගේ ක්ෂේත්‍රය හෝ කැමැත්ත අනුව අරමුණු ගොඩ නගා ගත හැකියි. සෑමවිටම තමන් තමන්ට අවංක වෙන්න. ළඟපාත අය, අල්ලපු ගෙෆ්හර කෙනා, තව නැදෑයො කරපු දේවල්, ළඟා කරගත්ත දේවල් ගැන හිතන්න එපා. අපේ ලක්කාව්ර් ගොඩක් මිනිස්සු fail වෙන්න හේතුව තමයි අනිත් අයව අනුකරණය කරන්න යන එක. අනිත් අය කරපු දේම කරලා, success වෙන්න try කරන එක. ඒක අදම නවත්වන්න. ඔබ ඔබම වෙන්න. ඔබ වගේ මේ ලෝකෙ ඉන්නෙ ඔබ පමණයි. ඔබ unique. ඒ නිසා ඔබ ඔබටම අනන්‍ය වෙච්ච, අරමුණු/ සිහින ගොඩ නගා ගන්න.

මේ දේවල් කරද්දි පවුල, නැදෑයො, යාළුවො ගැන හිතලා තීරණ ගන්න ගියොත් ඔබට වරදින්නට පුළුවන්. මොකද ඔවුන් කැමති දේට, ඔබ අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා වටේ පිටේ ඉන්න අය මොනවා කිව්වත්, මම මේ මගේ හීනෙ හැබෑ කරගන්නවා කියන දැඩි මානසින් යුක්තව කටයුතු කරන්න. එවිට කාලයක් යද්දී අකුල් හෙලපු අය, ඔබේ ගමන නැවැත්වීමට උත්සාහ කළ අය පැත්තකට වී නිහඬ වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. ඔබට තියෙන්නෙ ඔබේ සිහින එකින් එක හැබෑ කරන් පෙන්නන්න විතරයි. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබේ ශක්තීන් සහ හැකියාවන් විශ්වාස කරන්න. හීනෙට/ අරමුණට යන්න වැඩ කරන්න. ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counselor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Sign up for our newsletter