Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Great things take time and effort.

 කාලය ගතවෙනවා කියලා  ජීවිතේ ඉලක්ක අතහැර දැමුවාද ?            

 ශ්‍රේෂ්ඨ ඉලක්ක අරමුණු සැබෑවක් කර ගැනීමට නම් කාලේ සහ උත්සාහය කැප කිරීමට සිදු වෙනවා.                  

ජීවිතේ කියන්නේ මුල ඉදන්ම අසීරු සහ අමාරු දෙයක්.ජීවිතයේ ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවත් ඔබට පටන් ගත් දා සිටම ඉලක්කයක් තිබිය යුතුයි.ඔබගේ ජීවිතේ තීරණය කළ හැක්කේ ඔබට පමණයි ඒ නිසාවෙන් ඔබේ ජීවිතයේ යා යුත්තේ කොතනටද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි.එය ඉහලට,පහලට නැත්නම් ඔබ ඉන්න  තරාතිරමේ තිබේ ද යන්න තීරණය වෙන්නේ ඔබගේ ඉලක්කය සැබෑවක් කර ගැනීම  මතයි.එය කුමන තරාතිරමක ඉලක්කයක් වූවත් එය ඔබගේ හැකියාව  සහ කාලය කැප කිරීම මත සාක්ෂාත් කරගත හැකියි.              

ඉලක්කයක් අපේ සිතට නැගුණු දා සිට අපි උත්සාහ කරන්නේ එය ඉක්මනින්ම ශාක්ෂාත් කර ගැනීමටයි නමුත් එයට කාලයක් දැඩි උත්සාහයක් වැය කිරීමට අවශ්‍ය වෙනවා.අපේ දැඩි මහන්සිය, උත්සාහය, කාලය කැප කිරීම, ඉවසීම වැනි දේවල් මත අපගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රතිඵල අපි කාලයත් එක්ක අපිට ලැබෙනවා.                      

එයට හොඳම උදාහරණය චීන උණ ගසේ කතාවයි.(chinese bamboo tree)චීන උණ ගසේ බීජ රෝපණය කර පසුව චීන උණ ගස බීජ රෝපණය කළ දා සිට අවුරුදු 5 ක් යනතෙක් යන තෙක් එය කිසිම වර්ධනයක් නොවෙයි.එම එම බීජය රෝපණය කළ දා සිට ඉතාම සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් බලා කියා ගත යුතු වෙනවා ඒ වගේම වැඩීමට උචිත පරිසරයද නිසි ලෙස තෝරා ගත යුතු වෙනවා. චීන උණ ගසේ ස්වභාවය නම් හරියටම වසර පහක් යනතුරු ම බීජ කිසිම වර්ධනයක් සිදු වන්නේ නැහැ. කොතරම් සත්කාර කළත් වර්ධනයක් තියා කුඩා අංකුරයක්වත් පොළොවෙන් මතුවෙන්නේ නැහැ. නමුත් චීන උණ ගසේ වර්ධනය වන ස්වභාවය දන්නා මිනිසුන් එය රෝපණය කළ භූමියට වෙහෙස මහන්සි වී සත්කාර කරනවා රෝපණය කර හරියටම වසර පහකින් එම උණ ගසේ අංකුරයක් පොලවේ මතු වෙනවා .ඉන් අනතුරුව සති පහක කාලයක් තුළ එය අඩි 90ට වඩා ඉතාමත් උස විශාල ගසක් ලෙස වර්ධනය වෙනවා. මෙය සති පහක් වැනි කෙටි කාලයක් අඩි අනූවක් වර්ධනය වී උස යනවා නමුත් මේ සති 5ක් තුල අඩි 90ක් උස යන්න වසර පහක් තිස්සේ එය වර්ධනය කිරීමට කොපමණ කැප කිරීමක් කාලය කැපකිරීමක්, උත්සාහයක් ගත්තාද?

ඉතිං මෙම චීන උණ ගස අපට කියා දෙන්නේ  ඉවසීම කාලේ කැප කිරීම සහ අත් නොහැර වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අඛණ්ඩව තමන්ගේ ඉලක්කය සපුරා ගන්නා තෙක් වැඩ කිරීම.කොතරම් කාලයක් ගත වුවත් අවසානයේ තමන්ව ඉහළින් ඔසවා තබන බවයි.ඉලක්කය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම මහන්සි වී වැඩ කිරීම, කාලය කැප කිරීම සහ ඒ ඉලක්කය සපුරා ගැනීමට ඔබ සතුව තිබෙන ඉවසීම මත ඔබගේ අවසානය විශිෂ්ට වෙනු ඇත.මෙම චීන උණ ගස මෙන් අපගේ අවසානය ඉලක්ක විශිෂ්ට වන තෙක් අප ඉවසීමෙන් කාලය කැප කිරීමෙන් වැඩ කිරීම තුළින් අපගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට පුළුවන් වනවා නොඅනුමානයි.

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ 

Sign up for our newsletter