Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Hard-Working වෙහෙස මහන්සි වී වැඩ කිරීම.

“don’t believein luck believe in hard work…”

වානෙ භාවිතයේදී බැබළෙන අතර විවේකයේදි මළකඩ  බැඳෙයි.

වෙහෙස මහන්සි වී වැඩ කිරීම යනු අප සැමට ජීවිතයත් අවශ්‍ය දෙයකි.වෙහෙස මහන්සි නොවී කිසිම කෙනෙකුට කිසිම දෙයක් ළඟා කරගත නොහැක.තමන්ට ජයගැනීමට ඉලක්ක තිබියදීත් ඒවා වෙනුවෙන් ඇපකැප නොවී  වෙහෙස මහන්සි නොවී කිසි දෙනෙක ඒවා ජයගත නොහැක නිරන්තරයෙන් තමන්ගේ ඉලක්ක අරමුණු හා සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයාට නිතැතින්ම ජයග්‍රහණය ලැබෙනවා නොඅනුමානයි.

මේරි බරරා ජෙනරල් මෝටර්ස් සමාගමේ ඉහළම තලයට පැමිණියේ වසර තිස් තුනකට පසුව සමාගම තුළමය.

මේරි බරරා  ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අර්නස්ට්,රොයිටර් බරා වයස අවුරුදු දහ අටේදී ජෙනරල් මෝටර්ස් හි පතුලෙම ආරම්භ වූ අතර ඇය සමාගම විසින් අනුග්‍රහය දක්වන ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් විය. එහිදී ඇය වසර භාගයක් ගත කළේ fortune පුවත්පතකට අනුව ෆෝන්ටියා කම්හලක කොටස් පරීක්ෂා කිරීමට ය.

ඇය දක්ෂ තීරණ ගැනීමක් සහ ඇය සතු සියල්ල සමාගමට ලබා දීමට කැමැත්තෙන් ඉණිමඟ ඉහළට ගමන් කළාය ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරන්නේ ඇය සෑම උදෑසනකම කාර්‍යාලයේ පළමු පුද්ගලයා වූ බවත් රාත්‍රී 11 න් පසු ඊමේල් වලට ප්‍රතිචාර දක්වන බවත් සගයන් සිහිපත් කරයි 2013 දි ඇය ජෙනරල් මෝටර්ස් හි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කරන විට ඇයගේ කැපීමට ත්‍යාග පිරිනමන ලදී.

ඇය  ජයග්‍රාහිපසාර්ථක පුද්ගලයකු වී ඇත්තේ වෙහෙස මහන්සි වී වැඩ කළ නිසා ය.ඔබේ සිහින කරා ළගාවීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීම මහත් සේ උපකාරී වේ. වානේ භාවිතයේදී බැබළෙන අතර විවේකයේදි මලකඩ බැඳෙයි.එමෙන්ම අපද වෙහෙස මහන්සි නොවුනොත් තමන් සතු වටිනාකම තමන් විසින්ම ක්ෂය කර ගනී.

වෙහෙස මහන්සි වී වැඩ කරන තත්පරයක් තත්පරයක් පාසා අපට අරමුණු වෙත ලගා වීමට ඉතාම පහසුය වාසනාව බලපා ලැබෙන දේකට වඩා තමන් දහඩිය හෙළා උපයා ගන්නා සෑම දෙයක්ම ප්‍රබලය,වටිනාකමින් වැඩිය එයින් තමන්ට ද අවසානයේ සතුටක් ලැබෙනු ඇත.

අපි ජීවිතයේ බොහෝ දේවල් ළඟා කරගැනීමට කැමැත්තෙමු.නමුත් මේ සියලු දේ ලබා ගැනීමට අප අනිවාර්යෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. අතපය හතර පිහිටලා තියෙන නිරෝගි පුද්ගලයකු දුප්පත් වී සිඟමන් යැදීම නිශ්ඵල දෙයකි.ඔවුන් වෙහෙස මහන්සි වී තමන් දන්නා රැකියාවක නියැලෙන්නේ නම් කිසිවෙකුට අතනොපා ජීවත් විය හැකිය.දුප්පත් වී ඉපදීම ඔබගේ වරදක් නොවේ,චනමුත් දුප්පත් වී මිය යෑම ඔබේ වරදකි මන්දයත් ජීවත්වෙන කාලයේදී තමන්ට වෙහෙස මහන්සි වී උපයා ගත හැකි දේවල් මග හැර කාලය නිශ්ඵල ලෙස වැය කිරීම දුප්පත් වීම මෙන්ම සෑම යහපත් සාර්ථක ක්‍රියාවක්ම පහතට වැටීමේ ප්‍රධාන සාධකයයි.

ඒ අනුව ඔබට සාර්ථකත්වය,දිනුම ඉලක්ක හඹා යෑමට නම්, වෙහෙස මහන්සි වී වැඩ කිරීම අනිවාර්යය වේ ඔබ නියැලෙන කාර්යයෙහි වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔබට නිසැකයෙන් අවශ්‍ය ප්‍රතිඵල ගෙන දෙනවා නොඅනුමානයි.

පොහොසත් වීම, සාර්ථක වීම පමණක් නොව රැකියාව හා ජීවිත සබඳතාවලට ද වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔබ විනයගරුක සමෘද්ධිමත් පුද්ගලයකු වෙනවා නිසැකයි.මළකඩ බැඳුණු මිනිසෙකු නොවී වෙහෙස මහන්සි වී වැඩ කර මුවහත් මිනිසෙකු වන්න.

“Hard work beats talent when talent doesn’t work hard.”

-Tim  Notke –

සටහන 

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

Sign up for our newsletter