Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Sri Lanka Birdwing

Papilionidae කුලයට අයත් වන Troides darsius  වශයෙන් හදුන්වන සියොත් වැන්න හෙවත් Sri Lanka Birdwing වර්ශය පුරා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර පහතරට තෙත් කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්තව සිටි. ශ්‍රී ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂය වන අතර පියාපත් 130-170 mm පමණ දිගින් යුක්ත වේ. මෙම සමනල විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වෙත්ම ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා ද වෙයි.

මොවුන් හදුනා ගැනීමේදි පිරිමි සතුන්ගේ පිටිපස තටුව (hind wing) යට පැත්තෙහි (verso) කලු පැහැති පසුබිමේ කහ පැහැති තරමක් දිගු තද කහ පැහැති පැල්ලම් දැක ගත හැකිය. සාමාන්‍ය පිරිමි සතෙකුගේ මෙම කහ පැහැති පැල්ලම් 6 ක් පමණ පිහිටයි. 

ගැහැණු සතුන්ගේ පිටුපස තටුවෙහි යටි පැත්ත තරමක් දුරට ලා පැහැයක් ගන්නා අතර පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන්ගේ මෙම පැල්ලම් කුඩා වේ. තවද, ගැහැණු සතුන්ගේ අපර දාරයට වන්නට කහ පැහැති සලකුණු දිස්වේ. මොවුන්ගේ ගැහැණු සමනලුන්ගේ පමණක් ඉදිරිපස තටුවේ (fore wing) නහර මත සුදු පැහැ දාර දැක ගත හැකි වේ. 

මෙම විශේෂයේ උරස ප්‍රදේශය රතු පැහැති කලාපයත් දිසු වේ. එම රතු පැහැති කලාපය මගින් ඔවුන් පෙන්නුම් කරනුයේ ඔවුන් විෂ සහිත බවකි. Troides darsius  විශේෂයේ ව්‍යාප්තිය පැහැදිලි ලෙස සදහන් කලහොත් ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිත මෙන්ම වියළි කලාප වල ගෙවතු සහ ලදු කැලෑ ආශ්‍රිත ව දක්නට ලැබේ.සප්සද ශාකයේ (Aristolochia indica) බිත්තර දමන අතර වරකට එක් බිත්තරයක් දමන විශේෂයක් වේ. සාමාන්‍යයෙන් බිත්තර සතියක් ඇතුලත පුපුරා කීටයන් එලියට පැමිණේ. බිත්තරය රතු කහ පැහැයක් ගන්නා අතර එය 0.5mm පමණ වේ. මොවුන්ගේ කීටයා සාමාන්‍යයෙන් කලු පැහැයක් ගන්නා අතර කීට අවස්තා 5ක් යටතේ වර්ධනය වේ. මොවුන්ගේ කෝෂ කහ පැහැති වේ. ඉතාමත් අලංකාර සමනල විශේෂයක් වන සියොත් වැන්නා පරිසරයේ ඇති අලංකාරය ද තවත් වැඩි කරයි.

Sign up for our newsletter