Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Interview-March

Interview

Q1. මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කලොත්.

මම හිරුණි පීරිස් දැරණියගල, වයස 24 යි. පාසල් ගියේ

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලට. දැනට උපාධිය

අවසන් කරලා පුහුණු වන ගෘහ අභ්‍යන්තර

නිර්මාණශිල්පිනියක් විදිහට වැඩ කරනවා.

Q2. අපි දැන ගන්න කැමතියි හිරුණිගේ පවුලේ විස්තර

පවුල් ගැන කිව්වොත් මට ඉන්නේ අම්මා, තාත්තා, නංගි.

නංගි නම් දැන් විදෙස් ගත වෙලා ඉන්නේ. අම්මයි තාත්තයි

මේ වෙද්දි විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

Q3. අපිට ඔයාව magazine එකෙන් හමුවෙන්නේ සමනල්ලුත්

එක්ක, ඉතින් කොහොමද ඔයා සමනල්ලු ගැන ඔය විදිහට

විස්තර දැනගත්තේ, ඒ ගැන අපිට විස්තර ටිකක් කියන්න.

මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේක මගේ විනෝදාංශය.

සත්තු ගැන ඉගෙන ගන්න එක ඇත්තටම වෙනම විදිහක

විනෝදයක්. ඉතින් ඒ අතරින් මගේ වැඩි කැමැත්ත ගියේ

සමනල්ලුන්ට.

එහෙම ගත්තාම මම විධි කිහිපයකින් සමනල්ලු ගැන

ඉගෙනගෙන තියෙනවා වගේම තවමත් ඉගෙන ගන්නවා.

මුලින්ම මම සමනල්ලු ගැන ඉගෙන ගත්තේ ශ්‍රී ලංකා තරුණ

සත්වවේදින්ගේ සංගමයෙන් පස්සේ ඒගොල්ලෝ ගැන දැනුම

එක මට්ටමකට ආවම තනිමත් විස්තර හොයන්න පටන්

ගත්තා. ඇත්තටම ලංකාවේ සත්තු ගැන ඉගෙන ගන්න

ගොඩක් හොඳ සංවිධාන තියෙනවා වගේම මේ ජීවි කාන්ඩය

ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ ගොඩක් ඉන්නවා.

Q4. හිරුණි මේ ලියන එකෙන් ඔයා සමනල්ලුන්ට දෙන

වැදගත්කම මොකද්ද?

ඇත්තටම මේ ලෝකේ වැදගත් නැති සතෙක් කියලා නැ

හැමෝම වැදගත්. මේ ලෝකේ ඉන්න මොකෙක් හරි

සතෙක්ගෙන් මේ මහ පොලොවට මොනාම හරි වැඩක්

තියෙනවා. මිනිස්සු කියන්නෙත් සතෙක් ඉතින් මිනිස්සු

වගේම තමයි සමනල්ලුත් අපිට ගොඩක් වැදගත්.

විශේෂයෙන්ම අපි පොඩි කාලේ ඉස්කෝලේ යද්දිත්

සමනල්ලුන්ගේ තියෙන වැදගත් කම් ඉගෙන ගන්නවා. ඒ

ඇරෙන්න මම එයාලා ගැන ඉගෙන ගනිද්දි දැනගත්ත

වටිනාකම් ගොඩයි. පරිසරය ලස්සන කරනවා වගේම එයාලා

පරිසර තත්ව මනින මිම්මක් විදිහටත් ගන්නවා. ඒ ඇරුනම

එයාලා අපේ පලිබෝධ ගැටලුත් විසදෙනවා.

Q5. එතකොට හිරුණි සමනල්ලු ගැන විතරමද අධ්‍යනය

කරන්නේ?

නෑ මම තව සත්ව කාණ්ඩ ගැන ඉගෙන ගන්නවා.

කුරුල්ලෝ, බත්කූරෝ ඒ ඇරුනම ගස් ගැන ඉගෙන ගන්න

ගොඩක් ආසයි. කලිනුත් කිව්වා වගේම මේ පැත්තෙන් ගන්න

විනෝදය වෙනමම එකක්. දැනුම ගන්නවා වගේම ඒක

පාවිච්චි කරලා තර්ජනයක් වෙලා තියෙන සතුන්චේ

සංරක්ෂණයටත් උදව් කරනවා. ඒ අතින් ගත්තාම මේ වගේ

විනෝදාංශයකට හිත ගිය එක ගැන ගොඩක් සතුටුයි.

Q6. එතකොට හිරුණි මේ සත්ව කාන්ඩය සංරක්ෂණය අතින්

ගත්තම දැන් වෙනකොට මොන වගේ තැනකද ඉන්නේ? ඒ

ගැන තියෙන අදහස මොකද්ද?

අදහස් කියන්නේ සමනල්ලුන් ගැන විශේෂයෙන් කිව්වොත්

මේ වෙද්දි සමනල්ලුන්ගේ සංරක්ෂණය සඳහම ලංකාවේ

සංවිධානයක් තියෙනවා. ඒ ඇරුනම වෙනත් පරිසර සංගම්

අතිනුත් මේ සත්ව කාණ්ඩයට අදාල සංරක්ෂණ වැඩහටහන්

වෙනවා. සහ මගේ තියෙන අදහස එක්ක ඒවා තවත් පුලුල්

කරලා පාසල් මට්ටමේ ඉඳන්ම මේ වැඩේ කරොත් අපිට

ඉස්සරහට අපේ පරිසරය ලස්සන කරන සත්ව කාන්ඩයක්

ආරක්ෂා කරන්න පුලුවන්.

ඇත්තටම මට තියෙන්නේ පොඩි දැනුමක් වුනත් මම මේ

විදිහට හරි එයාලා ගැන කියලා කරන්නෙත් එක විදිහක

සංරක්ෂණයක් තමයි. අපි දෙන පොඩි විස්තරයෙන් හරි

ඉස්සරහට අපිට දැනට ඉතුරු වෙලා තියෙන සත්ව සම්පත

ආරක්ෂා කර ගන්න පුලුවන්.

Q7. අවසන් වශයෙන් අපි magazine එකට සම්බන්ධ වීම ගැන

ඔබේ අදහස?

කෙටියෙන් කිව්වොත් ඇත්තටම සතුටුයි. මම ලියන්න

ගොඩක් ආසයි. ඒ බලද්දි මම ආසම දෙයක් ගැන ලියන්න

අපි magazine එකත් එක්ක එකතු වෙන්න ලැබුන එක මගේ

වාසනාව. එතකොට අනිවාර්යයෙන්ම චමල් අයියට ගොඩක්

ස්තූති කරන්න ඕනේ ගයන් අයියජ මාව අදුන්නලා දුන්න

එකට වගේම මාව මේකට සම්බන්ධ කර ගත්තට ගයන්

අයියටත් ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද මේ පවුලට

එකතු වෙලා මම ගොඩක් අයව අදුන ගත්තා. ඒ අය

හැමෝම ගොඩක් දක්ෂයි එක එක ක්ෂේත්‍ර වලින්. දක්ෂ

විතරක් නෙමෙයි එගොල්ලෝ ගොඩක් සුහදයි. අපේ

වචනයෙන් කිව්වොත් එයාලා එක්ක එකට එකතු වෙලා

වැඩක කරන්න ලොකු ගැම්මක් එනවා.

ඉතින් එතකොට අපි magazine ලොකු සාර්ථක දුරක් යන්න

ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Sign up for our newsletter