Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Paper Quilling Art

ශතවර්ෂ ගණනාවක පෙර ඉජිප්තුවෙහි (Egypt) පේපර් කුයිලින් නිර්මාණ කලාව දක්නට ලැබි ඇති බව කියවෙනවා. ඉන්පසුව ක්‍රමක් ක්‍රමයෙන්  ප්‍රංශය සහ ඉතාලිය වැනි යුරෝපීය (Europe) රටවලත් මෙම කලාව ප්‍රචලිත වි තිබෙනවා. පේපර් කුයිලින් නිර්මාණය කලාව මේ වනවිට ලෝකයේ විවිධ රටවල කාන්තාවන්ගේ විනෝදාංශයක් මෙන්ම, මුදල් ඉපයිමේ මාර්ගයක් ලෙසත් ලොව පුරා වඩාත් දියුණුවෙමින් පවතිනවා.

කඩදාසි කොළ තීරු භාවිතා කර විවිධ හැඩතලයන් නිමවා කලාත්මක නිර්මාණකරණය පේපර් කුයිලින් කලාව (Paper quilling art) ලෙස හදුන්වා දෙන්න පුලුවනි.

පිටු සලකුණු, සුභ පැතුම් පත්, කාන්තා ආභරණ, බිත්ති සැරසිලි වැනි පේපර් කුයිලින් කලාව භාවිතා කර සාදා ගන්නා අලංකාර නිර්මාණ වෙළදපොලෙහි අද වන විට බහුලව දක්නට ලැබේ.

කුයිලින් නිර්මාණ කලාවේදී අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන්නේ කඩදාසි කොළ තීරුයි. කඩදාසි කොළ තීරු නිර්මාණයට අවශ්‍ය වන පරිදි  විවිධ ප්‍රමාණයන්ගෙන් යොදා ගත හැකිය. කඩදාසි කොළතීරු අවශ්‍ය ප්‍රමාණවලට පහසුවෙන් කපා ගැනිම සදහා පේපර් ශ්‍රෙඩර් (Shredder) එකක් භාවිතා කර ගත හැකිය. එමෙන්ම 1mm සිට විවිධ ප්‍රමාණයන්ගේ සහ වර්ණයන්ගේ කඩදාසි කොළ තීරු ඔබට වෙළදපොලෙන් මිලදි ගැනිමේ හැකියාවද තිබේ. 5mm කොළ තිරු මෙම නිර්මාණ සදහා බහුලවම භාවිතා කර ගනී.

මෙසේ ඔබට අවශ්‍ය වර්ණයන් සහ ප්‍රමාණයන් තෝර ගත් පසු කඩදාසි තීරු ඔතා ගැනීම සඳහා ස්ලොටට් කුයිලින් ටූල් (Slotted quilling tool) එක භාවිතා කර ගත හැකිය.

කුයිලින් හැඩතල සාදා ගැනිම සදහා ස්ලොටට් කුයිලින් ටූල් එකෙහි මිට කොටසෙන් අල්ලා ගෙන කොළ තිරුව ඉදිකටුව වැනි කොටසෙහි අග කොටසට ඇතුල් කර කොළය අල්ලාගෙන තද කරකවමින් හොඳින් ඔතා ගත යුතුය. කුයිලින් නිර්මාණ සදහා භාවිතා කරන මූලික හැඩතල කිපයක් ඇත. එම මුලික හැඩතල පහත රුපසටහනෙහි දැක්වේ.

කොළ තීරු භාවිතයෙන් සාදා ගන්නා හැඩතල ඔබට අවශ්‍ය නිර්මාණයට අනුකූලව අත්කම් නිර්මාණ සදහා භාවිතා කරන ගම් වර්ගයක් ‍යොදාගෙන ඝන කොළයක අලවා ගත යුතුය. ඔබ තෝරා ගන්නා නිර්මාණය අනුව ඝන කොළයේ ප්‍රමාණය තීරණය කල යුතුය. නිර්මාණයට ගැළපෙන පරිදි විවිධ වර්ණයන්ගෙන් මෙම ඝන කොළ වෙළදපොලෙන් මිලදි ගැනීමට පුලුවන.

වර්ණ කඩදාසි කොළ තීරු සහ ස්ලොටට් කුයිලින් ටූල් මෙන්ම පේපර් කුයිලින් කලාව භාවිතා කර නිර්මාණකරනයේදී අවශ්‍ය වන දේවල් පහත දැක්වේ.

•කොළ තීරු(Quilling paper strips)

•ස්ලොටට් කුයිලින් ටූල් (Slotted quilling tool)

•කුයිලින් නීඩල් (Quilling needle)

•ටුවිසර් (Tweezer)

•කුයිලින් මෝල්ඩ් (Quilling Mould)

•අත්කම් නිර්මාණ සදහා භාවිතා කරන ගම් වර්ගයක්

•ඝන කොළ (Hard board)

•පැන්සලක්

•කතුරක්

පේපර් කුයිලින් කලාව යොදා ගනිමින් කල විවිධ නිර්මාණය කිපයක් මෙම ලිපියෙහි ඔබට දක්නට පුලුවන. 

මෙම නිර්මාණ කිරීමේදී වැඩිදුර විස්තර දැන ගැනීමට සහ නිර්මාණ ඇනවුම් කිරීමට අවශ්‍ය නම් අපට ලියන්න.

Email: amas.homemade@gmail.com

Sign up for our newsletter