Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Pranirsha Thiyagaraja

සිංහල ගීත ගායනා කලාම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.

මෑත කාලයේ පැවති බොහෝ රියලිටි තරග අතර ජාත්‍යන්තරව පිළිගත් සංකල්පයකට අනුව බිහි වු Sirasa Voice Teens වේදිකාවෙන් සිංහල ගීත හරිම අපූරුවට ගායනා කරන දමිළ යුවතියක් අපට දැක ගන්නට ලැබුනා.

දමිළ, හින්දි මෙන්ම සිංහල ගීත නිවැරැදිව උච්චාරණය කර ගායනා කරමින් ප්‍රේක්ෂක ජනාදරය ලබා ගත් ඇය විටෙක නර්තන වින්‍යාසයන්ද හදුන්වා දෙමින් ගායනයෙන් මෙන්ම නර්තනයෙන්ද දක්ෂ බව අපට හෙළි කලා.

ඇයගේ දැඩි කැපවිම, උත්සාහය සහ දක්ෂතාවයන් හොදින් හදුනා ගෙන ඇයට ශක්තියක් වි උර දුන් අපේ රටේ අති දක්ෂ ගායිකාවක් වන විශාරද අභිශේකා විමලවිර මහත්මියටද ආඩම්බරයක් එක කරමින් ඇයට voice teens තරගය ජයග්‍රහණය කරන්නට හැකි වුනා.

ඇයගේ අනාගත බලාපොරොත්තු සියල්ලට ජය පතමින් අපි මෙවර පිළිසදරට sirasa voice teens ජයග්‍රාහීකාව වන දක්ෂ ගායන ශිල්පිනිය ප්‍රනීර්ශා ත්‍යාගරාජා ව එකතු කර ගමු.

🔹ප්‍රනීර්ෂා voice teens තරගයට සම්බන්ධ වුනේ කොහොමද?

Voice teens වැඩසටහනේ ප්‍රචාරක දැන්විම් දැකලා මට ලොකු කැමැත්තක් ඇතිවුනා තරගයට ඇතුලත් වෙන්න. බණ්ඩාරවෙල පැවැත්වුන මුලික වටයේ තෝරා ගැනිම් සදහා මම අයදුම කලා. එහිදි මට අවස්ථාව ලැබුනා තරගයට සම්බන්ධ වෙන්න.

🔹Blind audition එකේදි ඔබ ගායනා කරන්නේ ජනප්‍රිය දමිළ ගිතයක් වන Rowdy Baby. ඔබ එම ගිතය දක්ශ ලෙස ගායනා කල බව සානාථ කරමින් ඔබට coaches හතර දෙනාගේම කැමත්ත ලබෙනවා. ඔබ coach අභිශේකාව තෝරා ගැනිමට හේතුවුයේ කුමක්ද?

Blind audition සදහා ඉදිරිපත් වෙනකොට coaches හතර දෙනාගෙන් කාවද මගේ coach විදියට තෝර ගන්නේ කියලා මට අදහසක් තිබුනේ නැහැ. ගීත ගායනා කර ඉදිරි වට සදහා තේරුන මගේ යාළුවන්ට coaches පුංචි තෑගි වගයක් දිලා තිබුනා.

Welcome to team අභිශේකා කියලා ලියලා තිබුන coarch අභිශේකාව දිපු ලස්සන පොඩි තෑග්ගට මම ගොඩක් කැමතියි වුනා. ඇත්තටම ඒ පුංචි තෑග්ග තමයි coach අභිශේකාව තෝරා ගන්න හේතුව වුනේ.

🔹දක්ශ ජනප්‍රිය ගායිකාවක්, ⁣ලේඛිකාවක් සහ නිවේදිකාවක් වන ඔබගේ coach විශාරද අභිශේකා විමලවීර මහත්මියගෙන් voice teens තරගයේදී ඔබට ලැබුනු සහයෝගය කොහොමද?

Coach අභිශේකාගෙන් මට විශාල සහයෝගයක් ලැබුනා. මම සිංහල ගීත කලින් ගායනා කරලා තිබුනේ නැහැ. සිංහල ගීත ගයනා කරද්දී අපහසු වචන උච්චාරණය සහ ගීතය මතක තියා ගන්නා ආකාරයට වැනි සියලුම දේවල මට coach කියලා දුන්නා.

විශේෂයෙන්ම ඩෙංගු උණ හැදුන අවස්ථාවේදි coach මට ලොකු ශක්තියක් වුනා.

🔹ඉතාමත් දක්ෂ තරගකරුවන් සමග තරගවැදී සතියෙන් සතිය ඉදිරිවට සදහා තේරිපත්වි යැමේදි

Voice teens තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වේ යැයි ඔබ හිතුවාද? ජයග්‍රහණය පිළිබදව ඔබේ අදහස කුමක්ද?

Blind audition ඉදලාම තරගයෙන් මම ඉවත් වෙයි කියලා පොඩි බයක් තිබුනා.”එහෙම හිතන්න එපා. ඔයාට පුලුවන්. ඔයා තමයි තරගය දිනන්නේ” කියලා coach හැම වෙලාවේදි ම මාව දිරිමත් කලා. voice teens තරගය ජයග්‍රහණය කරන්න ලැබිම මට ලොකු සතුටක්.

🔹දමිල භාෂාව වැඩිපුර භාවිතා කරන කෙනෙක් හැටියට සිංහල භාෂාව සහ සිංහල ගීත ගායනා කිරිමේදි ඔබට ලැබුනු අභියෝග මොනවාද?

සිංහල ගීත ගායනා කිරිම මට ලොකු අභියෝගයක් වුනා. ගීතයේ වචන ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගෙන, නිවැරැදිව වචන උච්චාරණය කරන ආකාරය coach ගෙන් ඉගෙන ගෙන, ගීතය කිපවතාවක් අහලා, පුහුණුවිම කලා.

🔹Voice teens තරගයට සම්බන්ධ වි සිටි කාලයේදී සිදුවුනු අමතක නොවන අත්දැකීමක් පිළිබදව විස්තර බෙදා ගන්න කැමතියිද?

මට උණ හැදිලා ප්‍රතිකාර ලබන කාලයේදි voice teens අර්ධ අවසන් තරගය සදහා සහභාගි වෙන්න සිදු වුනා. මට ඩෙංගු උණ හැදිලා කියලා දැන ගත්තාම මාව රෝහල් ගත කලා. මම coach එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා පුහුණුවිම කලා. අවසන් තරගය සදහා සහභාගි වෙන්න තරගයට දවස් දෙකකට කලින් මට රෝහලෙන් ගෙදර එන්න පුලුවන් වුනා.

🔹Voice teens වේදිකාවේ ප්‍රනීර්ශා ගායනා කල ගීත අතරින් ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහලින්ම ලැබුනු ගීතය විදියට “සාමි” දමිළ ගීතය හදුන්වන්න පුලුවන්.

ගීතය තෝරා ගැනිම, නර්තනය වින්‍යාසය පුහුණුවිම සහ ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපි දැන ගන්න කැමතියි.

“සාමි” ගීතය මට coach තෝරලා දුන්නේ. මම හිතුවා ගීතය ගායනා කරන ගමන් dance steps ටික කලොත් ප්‍රේක්ෂකයන් කැමති වෙයි කියලා. ගායනයට සහ ඉදිරිපත් කිරිමට මට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා.

🔹 “මගේ රටට දළදා හිමි සරණයි”

ලක්වාසී ලෝකවාසි බෞද්ධ පිරිසට මෙම ගිතය දමිළ ජාතික ඔබේ හඩින් අහන්න ලැබිම ඉතාමත් සුවිශේෂී වෙනවා. මෙම ගිතය ගායනා කිරිමෙන් පසු ඔබට ලැබුනු ප්‍රතිචාර කොහොමද?

Blind audition වටයේ ඉදලා මම දමිළ, හින්දි ගීත ගායනා කලා. මම මුලින්ම සිංහල ගිතයක් ගායනා කලේ knockout වටයේදි. දමිළ ජාතික කෙනෙක් විදිහය සිංහල ගීත නිවැරැදිව උච්චාරණය කර ගායනා කලාට පසුව සිංහල ගීතවලට කැමති ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් මට ලැබුනා. දළදා මාලිගාවෙහි ආරාධනයෙන් මට එම ගිතයෙහි cover ගිතය ගායනා කරන්නත් අවස්ථාව ලැබුනා.

🔹 ඔබගේ අධ්‍යාපන කටයුතු සහ මෙම තරගය සමබරව කරගෙන යෑම සදහා ඔබගේ දෙමාපියන්ගෙන්, ඔබගේ පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

තරගයේ වැඩ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන්න මගේ අම්මායි, තාත්තයි ගොඩක් උදව් කලා. මම තරගය තිබුන කාලයේ කොලඹ නැදෑයෙකුගේ ගෙදර නතර වෙලා හිටියේ. මගේ පාසලේ ගුරුවරුන් අතපසු වුන පාඩම් අතිරේක වෙලාවන් වෙන් කර ගෙන කියලා දුන්නා. පාසලේ මට අතපසුවෙන වැඩ සදහා මගේ යාළුවෝ ගොඩක් උදව් කලා. සමහර යාළුවෝ මගේ පොත් අරගෙන් ගිහින් සටහන් ලියලා දුන්නා. බණ්ඩාරවෙල tamil central college හි මගේ ගුරුවරුන් සහ යාළුවන් ආදරයෙන් මතක් කරන්න ඕනේ.

🔹ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණය අපට ඉදිරියේදී අහන්නට දකින්නට ලැබේවි යැයි අප සිතනවා. සංගීත අංශයෙන් සහ අධ්‍යාපනය අංශයෙන් ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

Coach අභිශේකා සමග ගායනා කල “සබදිනි” වැනි ආරයේ ගීත සහ විවිධ වෙනස් ආරයේ ගිත ඉදිරියේදි ගායනා කරන්න මම හරිම කැමතියි. ඒවගේම ඉදිරියේදි දොස්තරවරියක් වන්නට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සදහා යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


අමා නාකන්දලගේ

Sign up for our newsletter