Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Solo Travel

හදවත සොරාගත් එරත්න

සමහර වෙලාවට මට ඔිනි උනේ තනියම ඉන්න.. නැත්තමි තනියම ඇවිදින්න , එ වෙලාවට මම හෙවුවෙි සීතලයි මීදුමයි කොළපාටයි විතරමයි….. එ තමයි මගේ ජිවිතේ මම වැඩිපුරම ඇලුමි කරන දේවල්…

ඉතිං ආයෙත් මම තනිව තවත් සුන්දර පාරාදිසයක් හොයාගෙන එරත්න පාරෙන් උඩ මළුවට ගියා… එ දින තුනක සංචාරය නමි මගේ ජිවිතේ සුන්දරම සංචාරයක්… හිත නිවන සනසන සොබාදහම එක්ක මම තනි උනේ මට මාවම අමතක වෙද්දි.

උදේ පාන්දරම ගෙදරින් ගිය මම දවල් එකොලහා වෙද්දි කුරුවිට ටවුමට ආවා. කුරුවිටින් දොලහයි කාලට පිටත් උන එරත්න අඩවිකන්ද බස් රථයෙන් ගමන ආරමිභ වන තැනට එන්න ගියේ පැයක් විතර… 11kmක දුරක් … ශ්‍රිපාදයට යන්න තියන පැරණි මාර්ගය තමයි මෙි එරත්න මාර්ගය. ජනප්‍රවාද වල සදහන් වෙන්නේ කොටා නමි පුද්ගලයෙක් මෙි මාර්ගය සොයාගත් බවයි…

සුන්දර වටපිටාවක් පසු කරගෙන පැමිණි මාර්ගය නමි ඇත්තමයි අපුරුයි… අඩවිකන්දෙන් සමන්දෙවිහාමුදුරුවනේගෙන් ආශිර්වාද අරගෙනම ගමන පටන් ගත්තේ තද හිරු රැස් පොළව සිපගෙන ඇති වෙලාවක… හෙතුව මෙි දවස්වල පායනවා සැරටම… ඉතිං ඉර අවුවෙි සැර අමුතුවෙන් කියන්න ඔින නෑනේ…

කොහොම හරි තනියම ආව ගමනේ හිත පිරිලා තිබුණේ අමුතුම ප්‍රබොදයකින්… ඉරත් එක්ක තරහෙන් ගමන ආරමිභ කලත් මිටර් සියක් දෙසියක් ඉදිරියට යද්දි මට අමතකයි මම ආවෙි ඉරත් එක්ක තරහෙන් කියන එක… එ තරමටම මාව මෙි සුන්දර වටපිටාව වශි කරගෙන…

වාහනෙක උනත් යන්න පුළුවන් දැන් වර්ණගලට යනකමි. අලුතින් පාරක් හදලා තියනවා වර්ණගල විදුලි බලාගාරය නිසා. හැබැයි එ පාරේ යන්නේ එ පැත්තේ හයර් දුවන වාහන විතරයි, පිටින් එන වාහන වලට වගේම පා ගමනින් එ මාර්ගයේ යන්න අවසරයක් නෑ.. පැරණි මාර්ගයෙ වර්ණගලට යන තෙක්ම ඇත්තේ සීග්‍ර නැග්මක්.. අවු රශ්මියත් වැඩි නිසා මට මදක් දුෂ්කර උනා ගමන..

ගමනේ හමුවන කැකුණහින්නට 200mයි. ඉන්පසු හමුවන ජමිබොල ගහා යට අමිබලමට දුර 1.5kmයි… ඉන්පසු හමුවන්නේ ඩයිමාන්ගල අමිබලම 2.3km, වෙහෙසකාරි දුෂ්කර ගමනේ අවසානය වර්ණගල අමිබලම හමුවන්නේ ඉන්පසුවයි 2.6km, මදක් විවෙික ගත්තා මම එහිදි..

වර්ණගල අමිබලමට පිටුපසින් වනාන්තරය ඇතුලට අඩිපාරක් දිගේ ඇවිද ගියාම වර්ණගල ඇල්ල ඇති බව දැන සිටියත් කාලවෙලාව නිසා මම එහි යලිත් දවසක යන්න තීරණය කලා.. මම යන්නේ තනියම නිසාත් මෙි මාර්ගයෙ මීට පෙර මම ගොස් නොමැති නිසාත් දුර ප්‍රමාණය සමග මම කාලය බෙදාගෙනයි තිබුණේ. රාත්‍රි නවාතැන ලෙස තොරාගත් සීතගඟුල අමිබලමට රාත්‍රි හතට පෙර යා යුතුයි මම..

වාරේ උනත් මෙි වනගත මාර්ගයක්, ඉතිං මගේ ආරක්ෂාවට මම මුල් තැන දිය යුතුයි… මගේ ගමන බොහොම හෙමින්.. ඇත්තටම සමහර තැන්වල මම විඩා නිවනවාට වඩා කලේ නතරවෙලා පරිසරය විදපු එක… වර්ණගල සිට කිලොමිටර් එකක් පමණ තවත් සීග්‍ර නැග්මක් තිබෙනවා… ඉන්පසු සීතගඟුලට යන තෙක්ම තැන්න… හැබැයි වියලි කාලගුණය නිසා බොහො ජල උල්පත් සීදි ගොස් තිබුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැ…

මෙි මාර්ගයේ යන විට හමුවෙන පුංචි ලොකාන්තය පහල නමි මම යන විටත් මීදුමෙන් වසාගෙන… එත් ඉතිං මීදුම කියන්නේ මම ආදරය කරන දෙයක්… හවස 6.45වන විට මට හැකි උනා තුන්මොදර සීත ගඟුල අසලට පැමිණෙන්න, 4.5km.. එ එන මොහොතේ සිහින් පොද වැස්සක් පතිත උනේ හරියට මල් වැස්සක් වැහැලා මාව පිලිගත්තා වගේ…

රාත්‍රිය නමි මොකක්ද, හිතම පිරිලා සතුටින්.. සීතල පසෙක තියලා මම වතුරට බැහැලා නාගත්තේ අතපය එ සීතලට ගල් වෙද්දි..

මගේ හිත නතර උන තැනක් එරත්න පාරේ මෙි සීත ගඟුල.. එ තරමි ලස්සනක් තිබුණා උදැසන.. සීතගඟුලේ මත්ස්‍යයන් රන්වන් පැහැයත් වරල් ලා තැබිලි පැහැයකිනුත් යුක්තයි.. මීදුමත් සීතලත් ගඟුලේ ශබිදයත් තද කොළපැහැති වටපිටාවත් මගේ හිත සැණසුවා…

උඩ මාලිබොඩ පාරේ සීත ගඟුලත් රත්නපුර පලාබද්දල සීතගඟුලත් දෙක එකට එකතුවෙන ස්ථානය තමයි මෙි එරත්න තුන්මොදර සීත ගඟුල.. බොහො දෙනෙක් දියේ ගිලි මිය ගිය අනතුරුදායක ස්ථානයක්.. තුන්මොදරින් එකතුවි ගලා බසින මෙි ගඟ කළු ගඟ ලෙස හදුන්වන්න පුළුවන් උවත් මෙය කුරුවිට හරහා ගලා යන කුරු ගඟේ මුල් දියවර නිසා කුරු ගඟ කියනවා.. කුරු ගඟත් කළු ගඟත් ආරමිභ වන්නේ බැන සමනළ කන්දෙන් උවත් කුරු ගඟ කළු ගඟට එකතුවන්නේ කුරුගංමොදරින්..

එරත්න සිට උඩ මළුවට සමිපුර්ණ දුර 14kmක්, එත් මගේ හිත සීත ගඟුල අසල සිට රත්නපුර පලාබද්දල මාවතේ ගල්වංගෙඩිය දක්වා කොටසට බැදිලා… තබන අඩියක් අඩියක් පාසා මා පසු කර යන මාර්ගය දෙස මම හැරි බැලුවෙි දුකින්.. එ තරමි මගේ හිත මෙි මාර්ගය සොරාගෙන.. නැවත පසු පසට දිව ගොස් යලිත් ගමන ආරමිභ කරන්න සිතෙන තරමට මගේ හිත වශි කරගෙන…. මැදහින්න අමිබලම අසලදියි මම මුලින්ම මෙි මාර්ගයෙදි ඈතින් සමනළ කන්ද දැක්කේ… යන මාර්ගයේ දකුණු පසින් කුණුදියපවුව දැවැන්තයා දුටුවාම ඇත්තමයි මට දැණුනේ එ පර්වත රාජයාත් මට කතා කරනවා වගේ…

මෙි මාර්ගය පුරාවට නේකවිද ශාක සහා මල් දැකගන්න පුළුවන්.. ගස්වැල් වල වගේම ගල් වල පාසි බැදි තිබෙන ආකාරය දුටුවාම සිතාගත හැකියි ලැබෙන වර්ෂාපතනයෙ තරම.. විටින් විට ඇසෙන පහලින් ගලා බසින දිය දහාරාවෙි ශබිදයට වගේම වටපිටාවෙින් ඇසෙන කුරුළු ශබිද හිතට ගෙන ආවෙි සතුටක්.. මහා වනස්පතින් මැදින් හිරු හෙමින් එබිකමි කරන හිමිදිරියෙ තනිව මෙවැනි වනගත මාර්ගයක ඇවිද යනවා කියන්නේ හිතට ගතට මොනතරමි නමි සුවයක්දැයි දැනුනා මට…

ඇවිද යන මාර්ගයෙ මට දැකගත හැකි උනා නිර්විෂ කබර දත්කැටියා සර්ප විශේෂය.. එ වගේම නමක් නොදන්නා කුරුළු විශේෂ කීපයක් වගේම ජිවිතේ පළමු වතාවට අඩවියෙ සිටින ලෙන්නු දැකගන්න පුළුවන් උනා.. කුඩා ශරිරයක් හිමි ලා කළු පැහැයකින් යුතු ඔවුන් අපේ ගමිබද ප්‍රදේශ වල සිටින ලෙන්නුන්ට වඩා බොහො සෙයින් වර්ණයෙන් වෙනස්.. නේකවිද ශාක සහා මල් , මීවන, බෙහෙත් පැලැටි වර්ග වගේම වළිකුකුළන් , කළු වවඳුරන් මට දැකගන්න පුළුවන් උනා.. මැදහින්න අමිබලම ලග කඩෙි මාමා නමි කිවුවෙි එ කළු වඳුරන් කතරගම පැත්තෙන් අඩවියට ගෙනත් දැමිම සත්තු කියලා. හැබැයි උංගෙන් නමි කාටත් කිසිම කරදරයක් නැති බවයි පැවසූවෙි…

වර්ෂව අඩු කාලයේ මෙි තරමි මෙි පරිසරය සුන්දර නමි වර්ෂව වැඩි කාලයට කොයිතරමි සුන්දරත්වය ඇතිදැයි මම මෙි ගමන පුරාවට සිතුවා… ඉතිං මම මගේ හදවත එහේ තියලා ආවා… ආයෙත් වර්ෂාව ඇති දිනක තනියම එරත්න මාර්ගයෙන් උඩ මළුව කරුණා කරන්න…

මගේ ජිවිතේ මම ගිය සුන්දරම සංචාරයන් අතිරින් මෙි සංචාරය මට විශේෂයි.. ඉතිං මම තනිව 14kmක දුරක් ඇවිද ගියා… මෙි සිරපා වාරය කාලය.. ඉතිං ඔයාලත් යන්න දවසක එරත්න පාරෙන්… එ සුන්දරත්වය විදින්න… එවගේම එ සුන්දර පරිසරය රැකගන්න ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව ගමන් කරන්න…. තමන්ගේ කුණු පරිසරයට එකතු නොකරන සොදුරු මිනිසෙක් වෙන්න…

නිසංසලා රණසිංහ

Sign up for our newsletter