Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Sri Lanka Tree Nymph (Idea Iasonia)

ඔන්න මේ අවුරුද්දේ හය වෙනි මාසෙත් ආවා.ගිය වතාවේ කලාපයෙන් ඔයාලට Pieridae  කුලයේ සමනලයේගේ වතගොත ගෙනාවා වගේම මේ පාර කලාපයෙන් Nymphalidae කුලයේ ඉන්න ලස්සන සමනල් විශේෂයක විස්තර අරන් ආවා. අපි බලමු ඒ කවුද කියලා.

Ceylon Tree Nymph නැත්තන් Sri Lanka Tree Nymph Idea iasonia යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. ශ්‍රි ලංකාවේ හමුවෙන සමනල් විශේෂ අතරින් තුන වැනියට විශාල සමනල් විශේෂය කිවහොත් නිවැරදි. මෙම සමනල විශේෂයේ භාහිර පෙනුම විස්තර කලොත් සුදු පැහැති පසුබිමේ කලු පැහැ සලකුනු දැකගත හැක. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ හමුවන විශේෂ ශරීර ප්‍රමාණයෙන් කුඩා වන අතර කදුකර හා වියලි කලාපයේ හමු වන විශේෂ විශාල වේ. මොවුන්ගේ විශේෂම ලක්ෂණය නම් මොවුන් ශ්‍රි ලංකාවට ආවෙනික විශේෂයක් වේ. වර්ශය පුරාම දැකගත හැකි මොවුන් තෙත් කලාපය පුරාම ව්‍යප්තව සිටී. ඒ හැරුණු විට ලංකවේ වියලි හා අතරමැදි කලාප වල ගංගා අසබඩ ද මොවුන්ගේ ව්‍යාප්තිය දැක ගත හැකි වේ. 

මෙම සමනල් විශේෂයට ඉතාමත් දුර්වල පියාසැරියක් ඇති අතර ඔවුන් එක තැන කැරනෙමින් පියාසර කරන අයුරු දැකගත හැකිය. නමුත් ප්‍රජනන සමයේදිත් හා බිජුලෑම සදහා පහල ස්ථරයට පැමිණේ. ගැහැණු සතුන් බිත්තර දැමිමේදි පත්‍රයේ යටි පැත්තේ පොලොවට සමාන්තරව දමයි. ඔවුන්ගේ දැළඹුවා කලු, සුදු හා රතු පැහැයෙන් දිස්වෙන වේ.

Sign up for our newsletter