Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

WIS

WIS සිය ජයග්‍රාහී වසර 15 සමරයි* 

මිනිස්සු එකතු වෙලා කරල තියෙන වැඩ ගැන ඉතිහාසය පුරා අපි ඕන තරම් අහල තියෙනවා. අද වන විට ලෝකය මෙච්චර දියුනු වෙලා තියෙන්නෙත් ඒ වගෙ කට්ටිය කරපු ලොකු ලොකු වැඩ නිසා තමයි. අද අපි කතා කරන්න යන්නෙත් ඒවගේ ලොකු වැඩක් අවුරුදු පහළොවක් තිස්සේ කරගෙන යන අපේම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක් පිළිබදවයි.  

WIS කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ ගොඩක් අය දන්න සන්නාමයක් එහෙමත් නැත්තම් Brand එකක්. ඒ Brand එක පිටිපස්සේ තියෙන අවුරුදු 15ක විශිෂ්ට සාර්ථකත්වයක කතාව ගැන අපි අද කතා කරමු. 

Wijay, Ifthi සහ Suneth කියන යාළුවෝ තුන්දෙනාගෙ එකතුවත් එක්ක තමයි WIS කියන ආයතනය Business එකක් විදියට මුලින්ම UK වල පටන් ගන්නෙ. ඒ තුන්දෙනාම වෘත්තීය accountants ලා. ඒ කාලේ වෙනකොට accounting වගේ field එකක් ඇතුලේ අලුතෙන් දෙයක් හොයාගෙන තමන්ටම කියල ස්ථාවරයක් හදාගන්නවා වගේම Quality service එකක් මේ Field එකට එකතු කරන්නේ කොහොමද කියන එක මේ තුන්දෙනාටම තිබුන ලොකු උවමනාවක්. හැබැයි අලුත් දෙයක් පටන් ගන්න හිතනකොට අපිට වැඩිය කල්පනා නොවෙන දෙයක් තමයි Market Gap එක. ඒ වෙනකොටත් Accountancy වගේ Field එකකට ලෝකයේ ලොකු Demand එකක් තිබ්බා, ඒත් ඒ Demand එකට ගැලපෙන Supply එකක් Industry එකේ තිබ්බද කියන එක ප්‍රශ්නයක්. කොහොම උනත් මේ තුන්දෙනා එකතු වෙලා තමන් දන්න දේ එක තැනකට ගෙනල්ල අලුත් වැඩක් කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. ඒ මීට අවුරුදු 15කට කලින්. ඒ වෙනකොට Wijay,Ifthi සහ Suneth තුන්දෙනාම ලොකු ආයතන වල හොද salary එකකට වැඩකරමින් තමයි හිටියෙ. අලුත් දෙයක් පටන් ගන්නකොට තියෙන අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි අවදානම, එහෙම නැත්තම් Risk එක. හැබැයි අර අපි කලින් කතා කලා වගේ industry එකේ තිබ්බ Demand නියම විදියට දැනගෙන හිටපු නිසා ඒකටම ගැලපෙන හරිම Business Opportunity එක තෝරගන්න ඔවුන්ට වැඩිය අමාරු උනේ නෑ. කිසිම බයක් නැතුව තමන් කර කර හිටපු රස්සාවලින් සහ ඒ ආයතන වලින් අයින් වෙලා ගොඩාක් කල් හිතේ තිබ්බ Business එක පටන් ගන්න ඔනේ කියන විශ්වාසයේ ප්‍රතිඵලයක් විදියට තමයි WIS ආයතනය බිහි වෙන්නේ. එයාලා මුලින්ම මේ Industry එකට ආවේ contractor accountants ලා විදියට. දවසින් දවස තමන් දන්න දේ උවමනාවෙන් සහ කැපවීමෙන් තමන්ගේ Clients ලට ලැබැන්න සලස්සපු නිසා ආයතනය ටිකෙන් ටික වැඩි දියුනු උනා, ඒ වගෙම Client Base එකත් වැඩි උනා. WIS පටන් ගන්නකොට වැඩියෙන්ම එයාලත් එක්ක එකතු උනේ IT Companies. තමන්ට company එක ඇතුලෙ කරගන්න බැරි උන Accounting Related ගොඩක් දේවල් ඔවුන් WIS හරහා ඉතා සාර්ථකව සහ ලේසියෙන් ඒ වගේම නිවැරදිව කරගත්තා. කාලයත් එක්ක තමයි Business එක ගැන Clients ල අතර ලොකු විශ්වාසයක් ඇතිවෙන්නෙ. අපි හැමෝම දන්නවනේ Gossip කියන ඒවා කොච්චර ඉක්මනට හැමතැනම පැතිරෙනවද කියලා. ඒ විදියටම WIS ගැනත් Industry එකේ ලොකුවට පැතිරෙන්න පටන් ගත්තා, ඒ තමන්ට ලැබෙන වැඩේ ඉතා නිවැරදිව, ඉක්මනින් සහ මිත්‍රශීලීව තමන්ගෙ සේවාදායකයන්ට සපයපු නිසා. Business එකකට Free of Charge ගන්න පුලුවන් හොදම Advertising Tool එක තමයි Simple word of Mouth කියන්නේ, ඉතිං මෙයාලා ඒක හරිම විදියට තමන්ගෙ සහ තමන්ගෙ Clients ලගෙ සුබසිද්ධිය වෙනුවෙන්  පාවිච්චි කලා. 

තමන්ටම කියල වහලක් තියෙන එකෙ වටිනාකම කොච්චර ද කියල අපි හැමෝම දන්නවා, විශේෂයෙන්ම වෙනත් රටක ජීවත් වෙන අපි ඒ ගැන අනිත් අයටත් වඩා සැලකිලිමත්. 2015 වසරේදී WIS ආයතනය ඒ අවශ්‍යතාව තෙරුම් අරගෙන Mortgage Services තමන්ගේ Business එකට අලුතෙන් එකතු කරගත්තා. ඒ සමගම තමන්ගේ Clients ලට කලින් තිබුනාටත් වැඩි Range එකක ඉතා උසස් සේවයක් කරන්න ඔවුන්ට ඉඩක් ලැබුනා. මේ සමගම WIS UK ආයතනයට අනුබද්ධව වැඩකරන්න ශ්‍රී ලංකාවේ ආයතනයක් පටන් අරන් තිබුනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ. අති දක්ෂ ශ්‍රී ලාංකික පිරිසක් ඒ ආයතනයේ වැඩ කරපු අතර විශේෂයෙන් Accounting Field එකේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන හිටපු ගොඩාක් තරුණ තරුණියන්ට WIS ආයතනයත් එක්ක එකතු වෙන්න ඒකෙන් වාසනාව ලැබුනා වගේම Industry experience ලබා ගන්න ගමන්ම තමන්ගේ විෂයානුබද්ධ උසස් අධ්‍යාපනය කරගෙන යන්නත් එයාලට අවස්ථාව උදා උනා. අද  වෙනකොට WIS ආයතනය යටතේ සේවකයන් 60කට අධික පිරිසක් UK සහ ශ්‍රී ලංකාවේ සේවය කරනවා වගේම කලින් තිබුනාටත් වඩා උසස් තත්වයේ සේවාවක් තමන්ගේ Clients ලට ලබා දෙමින් දිනෙන් ව්‍යාපාරයක් විදියට වැඩි දියුණු වෙමින් පවතිනවා. ඒකට හොදම උදාහරණය තමයි පසු ගිය අවුරුද්දේ ඔවුන් වෙනුවෙන් ලැබුනු විශේෂ සම්මානය. What mortgage සම්මාන උළෙලේදී වසරේ හොදම Mortgage Broker සම්මානය ලබා ගන්න ඔවුන්ට අවස්ථාව හිමි උනේ අතිදක්ෂ සේවාවක් අවුරුදු පහළොවක් පුරාවට තමන්ව විශ්වාස කරලා තමන් එක්ක ඉන්න පාරිභෝගිකයන්ට ලබා දුන්න නිසා. තව දුරටත් කියනවා නම් Financial Accounts, Mortgages, Wealth and pension planning වගේ සේවාවන් රැසක් එකම ස්ථානයකින් ලබාගැනීමට පුලුවන්කම තිබීම නිසා සියළුම පාරිභෝගිකයන්ට කිසිම ගැටළුවක් නැතුව  තමන්ගේ වැඩ කටයුතු අඩු කාලයකින් සහ අඩු වියදමකින් විශ්වාසදායි විදියට කරගන්නත් WIS අවස්ථාව උදා කරල දීලා තියෙනවා.

සම්මානනීය ආයතනයක් වෙන WIS ආයතනය මීට මාස කිහිපයකට පෙර තමන්ගෙ අලුත්ම Branch එක UK Surrey වල විවෘත කරා. අලුත් විදියට හිතමින්,කාලයත් එක්ක වෙනස් වෙන Economy එකත් එක්ක යාවත්කාලීන වෙමින්  තමන් එක්ක වැඩ කටයුතු කරන සියළුම සේවාදායකයන්ට දවසින් දවස උසස් වෙන සේවාවක් දෙන WIS ආයතනය ඉදිරියටත් Accountancy Field එකේ ලොකු වෙනසක් ලෝකය පුරා කරයි කියන එක විවාදයක් නැතුව අපිට පිලිගන්න පුලුවන් දෙයක් වගේම ශ්‍රීලංකා වාසීන් විදියට අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන් කාරනයක්.

Sign up for our newsletter