Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024-Feb-04

සුබ ආරංචියක්..

පුංචි නැන්දා කනේ තිබ්බා – උණු උණුවෙ ආරංචියක් 

උඹව කැන්දා යන්න එනවලු – කැත නමුත් පොහොසත් කතක්

දන්න හින්දා උඹේ හැටි මගෙ – මුවේ ඇඳුණා සිනහවක්

දැමුව හින්දා මකා මතකෙන් – මැකී තිබුණා විරහවත්

යාලු වෙන්නට අඬ අඩා මගෙ – පස්සෙ ආ ඒ කාලයේ

මාලු කොතරම් ඇතත් සයුරේ –  ඉකිරියෙක්ටම හිත ගියේ

ඇනුණි විස කටු- ප්‍රමාදයි මම-

දැන දැනම වැටුණෙමි වලේ

හැඟුනි නුඹ මා මගහරින බව –

නමුදු මට නොතිබුණි මොලේ

ගසා පොලවේ කැබලි කල පසු – තව බිඳෙන්නට හිත් නැත

පිසාචයෙකුට ගොදුරු වූ හද – පුලුටු ගඳ තවමත් ඇත

වසා විස ගති මනා පෙනුමෙන් – අනේ මා රැවටූ කැත

මුසා රජු. අන්ත:පුරේ නුඹෙ – මගේ අංකය තිස් හත

ඉතා සතුටුයි උසම අත්තක් – කොහොම හරි අල්ලපු එක

සතා කවුදැයි නොදැන බහ දුන් – අසරණී ගැන මයි දුක

පෙර නොවිඳි දුක් විඳපු මට එක – දෙයක් ගැන තුටු විය හැක

දොරකඩට ගියමුත් අපායට – සදාකල් නොවැටුණු එක

තාරක ජයතිලක

Sign up for our newsletter