Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Jan – 03

දුර්වල අත්තිවාරම ශක්තිමත් කරමු!

ආත්මික අත්තිවාරම

(ශුද්ධවර මතෙව් 7:24 – 27)‬‬‬

“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.  වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

(මෙය ඉන්දියාවේ සිදුවුණු සත්‍ය සිදුවීමකී)

ඉන්දියාවේ සිටින එක්තරා යුවළක් ඔවුන් විවාහ වී යෑමට නිවසක් ඔවුන්ගේ විවාහයට ප්‍රථම ගොඩනගන්න තීරණය කරා.මෙම යුවළ මේ සඳහා ගිවිසුමකට අනුව  මෙම නිවස සාදන්න එක්තරා කණ්ඩායමකට භාරදීත් තිබුණා.කෙසේ හෝ නිවසේ සියලුම වැඩ කටයුතු අවසන් වී විවාහයද අවසන් වී මෙම නව යුවළ මෙම නිවසේ පදිංචියට පැමිණි දා මොවුන්ගේ නෑ හිත මිතුරන්ට උත්සවයක් ද සංවිධානය කර තිබුණි.කෙසේ හෝ එදින සුළඟ සහිත දැඩි වර්ෂාවක් තිබුණි, මෙම නිවස තිබුනේ කඳු පාමුලක් අභියස නිසා එහි තිබුණු සාමාන්‍ය තරමක ගලක් පෙරළී ඇවිත් මෙම නිවසේ වැදීම නිසා මුළු නිවසම කඩා වැටී එහි සිටි මෙම යුවළ සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.නමුත් මෙවැනි සාමාන්‍ය ගලක් වැදීමෙන් මෙම නිවස කඩා වැටීමට හේතුවක් නොමැති බව පවසමින් මෙහි සත්‍ය සොයන විට ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ මෙම නිවසේ අත්තිවාරම ශක්තිමත් නොමැත කියා.  නිවසට ඉක්මනින් යෑමට අවශ්‍ය නිසා ක්ෂණිකව මෙම නිවස ගොඩනඟා තිබෙනවා දුර්වල අත්තිවාරමක් සමග. මෙම දුර්වල අත්තිවාරම නිසා ඔවුන්ගේ ජීවිත පවා ඔවුන්ට අහිමි වුණා අවසානයේ.

අපි අපේ නිවස තනනවාට වඩා වැඩි කාලයක්  ගතවන්නේ අත්තිවාරම සෑදීම සඳහාය.එය දුරුවල උනොත් සාදන මුළු නිවසම දුර්වල වී විනාශ වී යයි.එම නිසාම අපි අපේ ආත්මික ජීවිතයේ අත්තිවාරම ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වේ.

කාලය ගත යුතුයි..(කාලය දිය යුතුයි).

  1. දේව මෙහෙයන් වලට සහභාගී වීම.
  2. ක්‍රියාකාරකම් වලට සහභාගි වීම.
  3. දේව වචනය ඉගෙන ගැනීම.
  4. අන් අය ඉදිරියේ නොව දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨම සිටීම.

විවාහය නැමැති අත්තිවාරම

  1. යාඥාවෙන් සොයා ගත යුතුයි.
  2. මෙම විවාහය නමැති අත්තිවාරම දුර්වල වුවොත් ඔබගේ මුළු ජීවිතයම විනාශ කරනු ඇත.

ඔබගේ ජීවිතයේ සියල්ලම රඳා පවතින්නේ ඔබ දමන අත්තිවාරම තුළ වේ.

අපේ ජීවිතය වෙනස් කරගමු

(එපීස 4:14 – 15)‬‬‬‬‬‬‬‬

 එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපාමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. ‬එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. ‬‬‬‬

ඔබ දෙවියන් වහන්සේ තුළ ස්ථිරව සිටින්න.ස්ථීරව ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ජීවත් වූවොත් ය කරනු නියතයි.මෙය ඔබ හොඳින් සිහි තබාගෙන දෙවියන් වහන්සේ තුළ ඔබගේ අත්තිවාරම ශක්තිමත් කරගන්න.

ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාවමහරගම

Sign up for our newsletter