Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Jan – 12

1970 ලව් ස්ටෝරි

~ නොමියෙන ආත්මීය ප්‍රේමයේ මායාත්මක සිනමා ආමන්ත්‍රණය ~

" නිකිණි වැස්ස ", " Happy Birthday " හා " මාරියා " වැනි ජනාකර්ෂණීය මෙන්ම ගුණාත්මක

භාවයෙන්ද තෘප්තිමත් සිනමාපටයන් නිර්මාණය කරමින් හෙලවුඩ් සිනමා වංශ කතාවට

නැවුම් ආක්‍යානයක් තිළිණ කරමින් ජාතිකව හා ජාත්‍යන්තරව අනේකවිද ඇගයීම්වලට

මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වෙමින් හෙලවුඩ් සිනමාව ජාත්‍යන්තර සිනමාව හමුවේ

අභිනන්දනයට මං සැලසූ ශ්‍රී ලංකා තිරරචකයින්ගේ සංසදයේ වර්ථමාන සභාපතීත්වය

උසුලන ප්‍රවීණ තිරපිටපත් රචකයෙකු මෙන්ම ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ

සංසදයේ විධායක කමිටු සාමාජිකත්වය උසුලන ප්‍රවීණ අදියුරුවරයෙකුද වන අරුණ

ජයවර්ධනයන් විසින් තිරරචනය සකස්කොට අද්‍යයක්ෂණය කරනු ලැබූ " 1970 Love Story "

සිනමාපටය එළඹෙන ජනවාරිය මද්‍යයේ සිට " Scope Cinema " සිනමා බෙදාහැරීමේ

මණ්ඩලයට අයත් සියළු සිනමාශාලාවන් ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාහල් හතළිකදී

පමණ අපගේ දේශප්‍රේමී සිනමාලෝලීන් අභිමුඛයට පැමිණවීමට අවැසි සියළු කටයුතු

සාර්ථකව සූදානම්වෙමින් පවතින බව ඉතාමත් ප්‍රමෝදයෙන් යුතුව ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

2023 වර්ෂයේ මාර්තුවේදී පැවති " Aura Lanka DGSL සිනමාභිමාන – 2023 " සිනමා

වසන්තයේදී අතිසාර්ථකව ජනාකර්ෂණය දිනාගනිමින් තිරගත කෙරුණු එක් සිනමා

පටයක් වූ “ 1970 Love Story “ නැරඹීමට මාගේ නෙතු යුගලද වාසනාවන්ත වීම ඉහත

සඳහන් කරනලද ප්‍රමෝදයට හේතුව ලෙස දැක්වීමට කැමැත්තෙමි.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා

වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත්

තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි.

ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය,

ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව

පහළවන්නා වූත් නිරන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්

අතිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය

කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින්

පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා

වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක්

නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් මෙන්ම

සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව

විෂයානුබද්ද දැනුමැති කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි.

ඩ්‍රාමා, රොමෑන්ස්, හොරර්, ත්‍රිලර් ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය උදාහරණයක්

වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී කඩඉමක්

බැවින් සියළු සම්ප්‍රධායික ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට කැමති සියළු

දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම දැවැන්ත ආකර්ෂණීය ගුණාත්මක සිනමාපටය

නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන් ලත් භාග්‍යයකි.

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි

සියළු හේතු සම්පත් සැලසේවායි අරුණ ජයවර්ධනයන් අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

….* රංගන ධායකත්වය *….

හේමාල් රණසිංහ

ගම්‍යා විජයදාස

මහේන්ද්‍ර පෙරේරා

බිමල් ජයකොඩි

අශාන් ඩයස්

සඳනි ප්‍රනාන්දු

සරත් කොතලාවල

සමන් හේමරත්න

ලසන්ත උඩුකුඹුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter