Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ශීත සමයේ දී ත් ලස්සන ඉන්න..

පසුගිය සතියක දී මා විසින් අරඹන ලද මෙම කාලෝචිත ලිපිමාලාවේ අවසන් අදියරට අප පැමිණ සිටිනවා. ඉතින් ශීත සමයේ ත් අවසන් අදියරේ සිටින ඔබට රුව රැකගැනීම සඳහා වැදගත්වන කරුණු කාරණා මේ ලිපි පෙලෙන් සාකච්ඡාවූවා යැ යි මා සිතනවා.

ඉතින් අවසානයට අධික ශීතල නිසා නිතැනින් ම අපේ සිරුරේ නොයෙකුත් සෘණාත්මක වෙනස්කම් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි යි. එබැවින් මේ කුඩා පුරුදු පුහුණුකිරීමෙන් ඔබේ සමට සහ ශරීරයේ ඇතිවන නොයෙකුත් අපහසුතා මඟහරවාගත හැකිවනු ඇත.

◦ ඔබ උදෑසන තේ පානය කරන්නෙක් නම් උදෑසන තේ කෝප්පයට ඉඟුරු ස්වල්පයක් එක් කරන්න. මේ සඳහා හැකි හැමවිට ම නැවුම් ඉඟුරු භාවිතකරන්න. නැතිනම් වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් නටන උණුවතුරට එක්කර මඳවේලාවක් වසා තබා පානය කරන්න. එමඟින් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර දවස ම නැවුම් ව ගතකිරීමට ඔබට ඉඩ සලසා දෙනු ඇති.

◦ ඔබ ස්නානය කරන විට දී භාවිතකරන ෂැම්පූ සමඟ පොල්තෙල් ස්වල්පයක් මිශ්‍රකර සෝදා හරින්න.එමඟින් ඔබේ හිසකෙස්වල තෙතමනය සහ නිරෝගීබවත් නිතර හිස ආවරණය කිරීම නිසා ඇතිවන අධික වියළිබවත් දුරුකර මනා පෝෂණයක් ලබා දෙනු ඇති. අධිකව හිසකෙස් ගැටගැසීමෙන් වළකාලනු ඇති. 

◦ රාත්‍රීයේ නින්දට පෙර ගිතෙල්, මීපැණි, ඔලිව්තෙල් හෝ පොල්තෙල් දෙතොලේ ආලේප කර නින්දට යෑමෙන් අධික වියළිබවෙන් තොර මෘදු නිරෝගී දෙතොලක් ඔබට ශීත කාලයේ දී වුවත් පවත්වාගත හැකිවනු ඇත. 

◦ රාත්‍රියේ දී ස්නානයෙන් හෝ ඇඟ සෝදාහැරීමෙන් පසුව පොල්තෙල් , කෝමාරිකා සාරය හෝ කෝමාරික ජෙල් සමඟ මුසුකර මුහුණේ සහ අත්පාවල හොඳින් ආලේප කර පිරිමදින්න. එමඟින් සම වියැළීමෙන් වළකා අවපැහැ ගැන්වීමෙන්ද වළකාලනු ඇති. 

◦ රාත්‍රී නින්දට පෙර මෙන් ම මේස් පළඳින හැම විටක ම පිරිසුදුකරගත් යටිපතුළේ වැස්ලින් ආලේපකර මේස් පළඳින්න. එමඟින් දෙපතුල් වියළීමෙන් වළකාලන අතර එනිසා ම දෙපතුල් පැලීම නිසා ඇතිවන අපහසුතා ද මඟහැරී යනු ඇති.

◦ එසේ ම හැකි හැමවිට ම හෑන්ඩ් ක්‍රීම් එකක් භාවිතයෙන් දෙඅත්වල තෙතමනය පවත්වාගන්න අමතක කරන්න එපා එමඟින් සුමුදු දෙඅත්ලක් මෙන් ම අධික වියළිබව නිසා ඇතිවන අපහසුතා ද මඟ හැරෙනු ඇති. 

ඉතින් තවත් මෙවැනි ම වැදගත් ලිපිපෙළකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුබ දවසක්!

සමීරා ජයසිංහ 

Sign up for our newsletter