Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-08

‘අපි’ ව කවියෙන් හැඩ කරන,කිවිඳිය   

Reena De Silva

* කවුද මේ රීනා කියන්නේ?

 සරල, අපේකමට කවදත් මුල්තැන දුන්නු, ඇත්තටම ආදරණීය පොඩි කවයක් ඇතුලේ ඉන්න, අවංක එක් මනුස්සයෙක් තවත්….

* ඔබේ නම, ගම, පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

මගේ සම්පූර්ණ නම- බ්‍රින්ලි රිනාටා ද සිල්වා. නමුත් හැමෝම කතාකරන්නේ රීනා කියලා ලේසියට. මගේ ගම බොරැල්ල, කොළඹ 08. මම පවුලේ එකම ලමයා. අප්පච්චිනම් දැනට අවෘදු 10 කට කලින් නැති වුනා. අම්මා මං ගාව එංගලන්තේ පදිංචි වෙලා ඉන්නේ.

හස්බන්ඩ්, මම, සහා බබාලා 3 දෙනෙක් අපිට ඉන්නවා. 

* කොහොමද මෙහෙම හිත්වලට දැනෙන්න කතාකරන්නේ කවියෙන්?

ඒක මං ලැබූ භාග්‍යක්. නිදහස් මනසින් ඉන්නකොට ඒ එන අදහස් හරි පුදුම ලස්සනයි.

ගොඩක් වෙලාවට මං ලියන්න අවශ්‍යදේ මුලින්ම මගේ කරගන්නවා,ඉන්පස්සේ ඉබේම පද පෙළගැහෙනවා.

* කොහෙන්ද මේ පද ගලපන්න ඉගෙනගත්තේ?

මම ඉගෙන ගත්තේ බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ කන්‍යාරාමයේ. ඉස්කෝලේ 8,9 වසරවලදී පුවත්පතකට ලිව්වා මුලින්ම, ඉන්පස්සේ උසස් පෙළ පංති වලදි තමයි සදැස් නිසදැස් ලියන්න පටන් ගත්තේ, සමස්ත ලංකා දක්වා මං ලිව්වා අන්තිමේදී. තව පාසලේ වාණිජ- කලා තේමා ගීතත් නිර්මාණය කරා.

* පද්‍ය හා බැදුනු රසවත් සිදුවීම් තියෙනවාද?

ඔව්, මුලින්ම මං පුවත්පතට ලියපු කවි පේළි ලිව්වේ යුද්ධයේදී මගේ අයියා නැතිවුනා හා සමාන අත්දැකීමක් ලැබුවා වගේ, “අයියණ්ඩියේ” තේමාවෙන්. ඒකට මට ලැබුනු ප්‍රතිචාර ලිපි ප්‍රමාණේ හිතාගන්නත් බැරි වුනා. ඉනුත් යුධ සෙබළුන්ගෙන් වැඩියෙන්ම. ඒ හැමෝම හිතලා තිබුනේ මගේ අයියා ගැනයි මං ලිව්වේ කියලා. 

ඉන්පස්සේ මං උසස්පෙළ පංති වලදී

ඒ පබැදුමටම මට පේරාදෙණිය විශ්වවිද්‍යාල කලා ශිෂ්‍ය සංගමෙන් ආරාධනා කර එවුවා පාසලටම, ඔවුන්ගේ කලා උත්සවේකට සහභාගී වෙන්න ආරධනා කරලා.  ඒවා පාසැල් ශිෂ්‍යාවක් හැටියට මට මිල මුදලටත් වඩා වටිනා අත්දැකීම්.

* එතකොට ජනමාධ්‍ය? 

 උසස් පෙලින් පස්සේ සර් එඩ්වින් ආරියදාසයන් යටතේ ජනමාධ්‍ය හා සන්නිවේදනය හැදෑරුවා. එතනින් ඇරඹි ලිවීම නැමැති කලාව දරුවන් ලැබීමත් සමගම ටිකක් මග හැරුනට, සංගීතය හා ජනමාධ්‍ය කියන්නේ මගේ ප්‍රියතම විශයයන් කවදත්. ඒක මං දැන් ආයේ “අපි” මැගසින් නිසා ඇරඹුවා කිව්වොත් තමයි වඩාත් හරි.

* අවසන් වශයෙන් අපි magazine එකට සම්බන්ද වීම ගැන ඔබේ අදහස?

විවාහය, දරුවන් එක්ක යටපත් උනු හැකියාවන්ට නැවත් උපරිම නිදහසේ අකුරු කරන්නටත්, ලෝකේ පුරා විසිර සිටින සුවහසක් ලාංකිකයන් අතරට ඒ පැබැදුම් ගෙනයන්නටත් තෝතැන්නක් උනේ අපි magazine එකයි. ගයාන් සහෝදරයාගේ ඒ කැපවීමත්, ධ්‍යිර්‍යත් හා එක්ව මෙම සගරාව ගොඩ නොනැගෙන්න මමත් මගේ පොතක අකුරකට සීමාවෙන්න තිබුනා. වසර 4 ක් නොව පුලුවන් උපරිම කාලයක් මෙවන් හොද වැඩක් හොදින්ම පවත්වාගෙන යෑමට මම සුභ පතනවා.

Sign up for our newsletter