Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-07

එංගලන්තයේ මේ Summer එකට රිදෙන්න දෙන Punch එක

SUMMER PUNCH 2024

සහස්ශ්‍රා හැදුන හැටි, ආරම්භය

 Dushi, Buddhi, Dinendra , Mahesh  කියන යාලුවෝ හතර දෙනෙක් එකතුවෙලා වෙනස් දෙයක් , අලුත් දෙයක් කරන්න  දරපු උත්සාහයයේ ප්‍රතිඵලයක් විදිහට තමා සහශ්‍රා හැදෙන්න අඩි තාලම වැටෙන්නෙ.

Concept එක

එකම ආරෙකට යන events වලින් වෙනස් වෙලා වෙනස්ම දෙයක් කරන්න දරපු උත්සාහයක් .

uk වල ඉන්න ලංකාවේ අයට මිස් වෙච්ච , මිස් වෙන ලංකාවේ musical show concept එක british music concept එකත් එක්ක එකතු  කරලා කරන වැඩක්.

අනික් ඉවෙන්ට්ස් වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද

මේක තමා Uk ඉන්න  ශ්‍රී ලාංකික යන් අතර වෙන first standing live in concert  එක .

Standing concert එකක් කිරීමේ පලවෙනි අභිප්‍රාය වන්නේ එන්ගලන්තයේ තාලෙට අපේ ආරෙට පොලවට දැනෙන්න නටලා කාලා බීලා විනෝද වෙලා , කාර්‍යබහුල ජීවිතයෙන් පැය කිහිපයකට අත්මිදිලා අපේම ශ්‍ර්‍රී ලාංකික යන් එක්ක නටලා විනෝද වෙන්න හොද තැනක් හදන එක.

ඒවගේම මේක තමා UK  වල වෙන  ප්‍රථම  ශ්‍රී ලාංකික concert එක ,අති දැවැන්ත  sounds and lightning rig එකක් එක්ක huge LED Panels and sound arrey system එකක් එක්ක පැය පහක් පුරාවට එක දිගටම නටන්න පුළුවන් වෙන.

මෙතනදී අපි වැයවෙන මුදලට වඩා තැනක් දුන්නේ quality එකට.

මෙ අංශයේ සියලුම කටයුතු වලට Buddhi  ගෙන් සිදුවෙන්නෙ විශාල කාර්‍ය භාරයක්. 

කලින් event කරලා තියෙන පලපුරුද්දත් ,  lightning , sounds ගැන බොහෝ කාලයක් event සම්බන්ධ ආයතනයක වැඩකර ලබා ගත් දැනුමත්, හොදම product providers ලා එක්ක තිබෙන සමීප සම්බන්දතාවයනුත් මෙයට වඩාත් ම උපකාරි උනා.

අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම ලමයින් වෙනුවෙන් , නැත්තම අපේ targets හබා යාමේ වෙනුවෙන් , ජීවින අරගලය ගෙන යෑම වෙනුවෙන් වෙන් උන අපේ ලෝකේ පැය පහකට හයකට  අපි ආසා දෙයක් කරන්න වැඩිහිටියන් විදිහට එකට එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් තැනක් හදන්න උත්සාහයක් ගත්ත එක තමා මේකේ  concept එක.

කිසිම තාරාතිරමක් උස් මිටි කමකින් තොරව , dress code එකක් නැතිව. එකට එකා වගේ ලාංකිය කියන හැගීම විතරක් පෙරටු කර ගෙන , තමන්ට කැමති සැහැල්ලු , weather  එකට ගැලපෙන ඇදුමකින් ඇවිත් හිතේ හැටියට enjoy කරන්න පුළුවන් තැනක් .

කුඩා දරුවන් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ට ගොඩක් වෙලාවට මේ වගේ  british events  පවා miss වෙනවා.

ඒකට හේතුව ,මේ වගේ  events වලට අවුරුදු 14න් පහල දරුවන් සහබාගී කරගන්න බැරි වීම .

ඒනිසා අපි ඒකටත් විසදුමක් හෙව්වා.

මේකතමා පලවෙනි වරට අවුරුදු 5ත් -14ත් අතර ළමයි ඉන්න  දෙමව්පියන්ට , 

   වගකිව යුතු වැඩිහිටියෙක් හෝ, දෙමාපියන් දෙදෙනාට මාරුවෙන් මාරුවට හෝ තම දරුවන් පහසුවෙන් බලා ගන්න පහසුකම් ලබාදෙන secured lounge එකක් free of charge දෙන එකම event එක.

මේ පහසුකම ලබා දෙන්න යනකොට අපිට ටිකට්ස් ගන්න උත්සාහ කරපු ගොඩාක් අය කියපු දෙයක් තමා අපිට බබාලා බලා ගන්න paid service එකක් දෙන්න බැරිද කියලා.

අපි ඒකටත් solution එකක් ගෙනාවා.

තමන්ගෙම කියලා බබාලා බලාගන්න කෙනෙක් එදාට ගේන්න බැරි කෙනෙකුට අපි creche පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා.

පවුම් 40 ක් වගේ සුලු මුදලක් වියදම් කරලා පැය 6 ක කාලයක් ඔයාලට තමන්ගෙම ගේ අවුරුදු 5ත් -14ත් අතර දරුවන් 

certified childminder කෙනෙක් ලග තියලා concert venue එක ඇතුලට ගිහින් enjoy කරන්න පුළුවන් .

ඒ වගේම මේ තමා ප්‍රථම ශ්‍රී ලාංකික concert එක Tickets Master  කියන  Uk වල තියෙන number one ticketing platform එකේ tickets විකිනෙන

මේ platform එකෙ තමා world famouse artist lage Events වල tickets විකුනන්නේ.

අපි හිතනවා අපේ දක්ශ ආර්ටිස්ට්ලාට අපි දෙන value එක මෙතනින්ම් පෙන්නුම් කරනවා කියලා.

ඊට අමතරව මේ Concert  එක තමා British Media වල ප්‍රචාරය වෙන, british arena එකක newsletter එකකට ඇතුලත් උන ප්‍රථම ශ්‍රී ලාංකික  event එක. 

Venue එක special වෙන්නෙ ඇයි

අපි මේ venue එක තෝරගන්න පලවෙනි හේතුව උනේ uk පුරා විසිරිලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම තැනකට පහසුවෙන් ඉක්මනින් එන්න පුළුවන් වීම .

හොදට අත දිගැරලා නටන්න පුලුවන් ඉඩ කඩ තියෙන තැනක් වීම.

2000 කට අධික වාහන ප්‍රමාණයක් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් හැකියාව.

train එකේ එන කෙනෙක්ට හරිම පහසුවෙන් venu එකටම වෙන්වුනු train station එකක් තිබීම.

ඒවගේම අපේ ලාංකික ආර්ටිස්ට්ලාට value එකක් දෙන්න පුළුවන් විදිහේ world famouse ආර්ටිස්ට්ලා sold out  event කරන තැනක් තමා මේ venue එක.

venue එක සමග cordinating වලදී සහ අනිකුත් සියලුම ලියකියවිලි කටයුතු වලදී  සහ marketing වැඩ වලදී Dinendra සිදුකරන්නෙ විශාල කාර්‍යබාරයක් ඒකට එයාගේ තියෙන Marketing , organising , management experience එක හරිම වැදගත් උනා.

ආටිස්ට්ලා ව / බෑන්ඩ් එක තෝරගත්තෙ කොහොමද / special එකක් තියෙනවද 

අපි ආර්ටිස්ට්ලා බෑන්ඩ් එක තෝරගන්න කලින් හොද research එකක් කලා. uk වටේම ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ගෙන් අපි අදහස් ගත්තා.ඒක අපිට ගොඩාක්ම ලේසි උනා මහේශ් නිසා. එයා මුලු Uk පුරාවට තියෙන events වලට සහභාගි වෙන කෙනෙක් හැටියට, විවිද ගනයේ events ගොඩාක් අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ වගේම UK වල organise කරපු කෙනෙක් හැටියත්, Uk ඉන්න ගොඩක් ශ්‍රී ලාංකික යන් සමග ඔහුගේ තියෙන ව්‍යාපාරික සම්බන්දතාවය නිසා

අපිට ඒක කරන්න ලේසි උනා .

ඒවගේම අපේ event එකේ marketing plan එක හදන්නත් ඒක රට වටේම ප්‍රචාරය කරන්නත් මහේශ් ලොකු කාර්‍යබාරයක් කරනවා.

මේ research එකෙන් පස්සේ අපි ලංකාවේ දැන් trending ම සහ දක්ශතම bands, artists ලා ගැන හොයන්න ගත්තා.

අපේ concept එක උනේ පුළුවන් තරම් මිනිස්සු ඉල්ලන , Uk වලට කලින් ආවේ නැති කියන  කරුනු දෙකම යටතේ ගැලපෙනම කන්ඩායමක් හොයා ගන්න එක.

ඒක අපිට ලොකු අභියෝගයක් උනා.

ඒත් අද වෙනකොට අපි select කරපු කන්ඩායම හරියටම හරි කියලා අපිට හිතෙනවා අපිට event එකට කලින්ම ලැබෙන ප්‍රතිචාර එක්ක.

අපේ ඉවෙන්ට් එකට එන ආර්ටිස්ට්ලා තමයි 

ශිහාන් මිහිරන්ග,වස්ති,උමාරා සිංහවන්ශ සහ one and only Infinity Band එක.

Infinity Band එක කියන්නෙ ලංකාවේ දැනට තියෙන no 1 younge energetic band එක කිව්වොත් හරියටම හරි.

එයාලා UK වලට එන පලවෙනි වතාව මේ.

මුලු ප්‍රෙක්ෂ පිරසම ඇද බැදගෙන , ඔවුන්ටම ආවේණික වූ විහිලු වලින් සිනා සාගරයක් මවන්න වගේම, හොද stage vibe  එකක් තියෙන ලංකාවේ ඉන්න අති දක්ශ duo එකක් තමා වස්ති- , අනුශ්ක සහ දුලජ් කියන්නෙ.

එයාලාත් අපිත් එක්ක මේ වැඩේට එකතු වෙනවා..

ශිහන් මිහිරන්ග කියන්නෙ යොව්වනයේ සිහින කුමරා, මොහුහේ ආදරණීය ප්‍රෙක්ෂකයන්ගේ ඉල්ලීමට නැවත් වරක් ඔහු අපි සමග සම්බන්ධ වෙනවා .ඔහුගේත් ප්‍රථම ,UK වල වෙන Live in Concert  එක තමා මේ.

live in concert එකක් කොහොමත්ම සම්පූර්ණ කරන්න බෑ හොද  energetic , female voice එකක් නැතිව.

එහෙම international  level standard එකක් පවත්වා ගෙන යන අපිට ඉන්න දක්ශම female artists කෙනෙක් තමා උමාරා සිංහවන්ශ  කියන්නෙ , උමාරාත් එක්ක අපේ Summer Punch  එක තවත් වර්ණවත් වෙයි කියලා අපි හිතනවා.

ආර්ටිස්ට්ලා එක්ක මේ කටයුතු සම්බන්දීකරනය  කරන්න වැඩි උරයක් දෙන්නේ Dushi. ඒකට එයාගේ තිබුන  ශ්‍රී  ලාංකිය මාධ්‍ය ස්තාන වල සේවය කර ලබා ගත් දෑනුම, සම්බධීකරන හැකියාව සහ ශ්‍රී ලාකීය මාධ්‍ය සමග ඇති සබඳතා ලොකු උදව්වක් උනා.

ඒ වගේම සංගීත් වික්‍රමසිංහ මහතා ඇතුලු wayo Band එකත් , අතුල අධිකාරි මහතාත්  මුල ඉදන් අපිට දූන්න සහයෝගය අපි හරිම ආදරණීයව මතක් කරනවා.

සහස්ශ්‍රා ටීම් එක ගැන 

සහස්ශ්‍රා team එක කියන්නේ පොඩි කාලේ ඉදලා දන්න යාලුවෝ දෙන්නෙක් එයාලගෙ ආදරණීය සැමියන් දෙදෙනා සමග එකතු වෙලා වෙනස් දෙයක් කරන්න හදන team එකක්.

ඒකෙදි අපේ team එකේ  හතර දෙනා වෙනස්ම පරාසයන් හතරකින් පුලුල්ව ලද දැනුම එක තැනකට කැටි කරලා ඇරන් ,පුළුවන් උපරිමයෙන්ම ඔයාලා ටිකට්පතට වෙන් කරන මුදලට, ඔයාලා වෙන් කරන කාලයට උපරිම සාධාරණයක් කරන්න වගේම උපරිම වින්දනයක් ලබාදෙන්නත් , මතකයේ හැමදාමත් රැදෙන ලස්සන event කරන්න තමා plan එක.

හැමෝමට එන්න 

Uk වල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා , එන්න අපිත් එක්ක එකතු වෙන්න, 

ආයෙත් කියනවා, කිසිම තරාතිරමකින් තොරව එකාවගෙ එකට විනෝද වෙන්න , කැමති ඇදුමකින් සැරසිලා  ජුනි 8 වෙනිදාට Coventry Building Society Arena එකට හවස 4.00 ට එකතුවෙමු..

Sign up for our newsletter