Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-10

එක දවසක් අහඹු ලෙසට

අපි හමුවූවා,

තව දවසක් වරුසාවෙක

කුඩයට එබුනා,

ගව් ගනන් දුරට හිත දුවලා

සිහිනෙක රැදිලා,

නුඹ අන්සතු යැයි දුටුදා මගේ

සිත ගොළුවූවා…

නොම ඇහැරී දෑස් වසා

සිහිනෙම ගිලිලා,

ඉන්න හිතයි පිළිනොගෙනම

හිමි නෑමයි කියා,

තරු පාර පුරා කදුලු සලා

හිත් අහස නිවා,

දාහක් ගිනි උහුලාගෙන

සිත ඉකි බින්දා….

ජීවිතයේ තනි මංසල

හැඩතල කරවා, 

සිත කවුලු වසා දොරගුළු ලා

තනිකර දමලා

නුඹට උරුම නුඹෙ ලෝකයේ

හිමි කිරුළ දරා,

යන්න ඉතිං සමුගෙන සිහිනේ

නිම කරදා….

✍️ රීනා ඩි සිල්වා

Sign up for our newsletter