හැම වැස්සම ලස්සන නෑ නුවරට
නුවර අහස සමඟම හරි හරියට,
මහද වෙලෙන කල අඳුරු වලා
දෙදෙන සමඟ එක කුඩයක ගිය මග,
තනිවම යමි සරසවිය බලා
ගිලිහි වැටුණු රොබරෝසියා කුසුමක,
තවම නොමල ඒ සුන්දර පැහැසර,
සොඳුරු-බිඳුණු පෙම මතක් කලා
ආදර මාවත අද්දර තෙපලූ,
ආදර බස් දෙසවනෙහි පිරී
හෙට ගැන නොව දුර අනාගතය ගැන,
පැතු පැතුමන් මොහොතකින් සිඳී
මහවැලියයි මා සෝ ගඟ ගැලුවද,
අහස සිඹිනු රිසි නුඹ හන්තානකි,
නිසසල වී නිහඬවම හිඳී
පුරහද අවපස යනු දැක පෙරදින,
හදවත මගෙ සසැලවී ගියත්
හැමදා පවතී කියා අමාවක,
නොසිතුවෙ ආදරෙ නිසා හුඟක්
හුරුකරගමි නෙත දැන් ඝන අඳුරට,
ඔබෙ රුව ගිලිහුණ කඳුලක දියකර,
නොපතමි මේ වැනි පෙමක් තවත්
තාරක ජයතිලක