Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

24-06-04

මානසික රෝග සැගවිය යුතු නැත

මම, අපි magazine එකට ලියන පලවෙනි වතාව මේක. Mental Health Disease එකක් පිළිබඳව ලියන නිසා මගේ background එක චුට්ටක් කියන්නම්. මම Registered Manager කෙනෙක් Complex Needs  Nursing Home එකක. Biomedical Science කියන Degree එක හදාරලා, Scientist Licence එක ගත්තත්, මම Private Healthcare join වෙන්න තීරණය කලේ 2015 අවුරුද්දෙයි. ඉතින් Mental Health Diseases ගැන  මම හදාරන්නේ 2015 න් පස්සේ. මේ දවස් වල Therapeutic Counsellor කෙනෙක් වෙන්නත් practice කරන නිසා, මට හිතුනා මානසික රෝග ගැන තියන දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න.

ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ නම් මානසික ලෙඩ ගැන  උගන්නන්නෙම නැති තරම්. ඒක නිසා මානසික රෝගීන් පිස්සන් හැටියට ලේබල් කරනවා. ලංකාවේ අපි මේ වගේ අසනීප වලට බෙහෙත් ගන්න යන්නත් අදී මදි කරනවා. . අපේ සමාජයේ මේ පිළිබඳව තිබෙන දැනුවත්කම අවම නිසාම මිනිසුන්ම මවාගත්තු මිත්‍යා දර්ශනයන්  ඔස්සේ , ප්‍රතිකර්ම වලට යොමු වෙනවා. ඉතින් රෝගයට අවශ්‍ය ඖෂධ හෝ චිකිත්සාවන් නොලැබීම හේතුවෙන් රෝගය උත්සන්න වෙන අවස්ථා බොහොමයි.

ඉතින් මන් ඔයාලත් එක්ක අද කතා කරන්න හදන්නේ Schizophrenia කියන මානසික රෝගය ගැන.මේ නම ඔයාලා ගොඩ දෙනෙක් අහල නැති උනාට, රෝග ලක්ෂණ ඇහෙනකොට , ඔබට අනිවාර්යෙන් මේ අසනීපය තිබ්බ කෙනෙක්ව හෝ මේ සම්බන්දයෙන් අහන්න ලැබුණු පුවතක් හෝ මතක් වෙයි.

Schizophrenia කියන්නේ syndrome එකක්. Syndrome එකක් කියන්නේ එක රෝගයකට.  රෝග ලක්ෂණ  ගණනාවක් සහ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට   තරමක් විචල්‍ය වෙන නිසයි.

මේ රෝගය සම්ප්‍රේෂණය වෙන ජාන නියතව සොයාගෙන නැති උනත්, මෙයට හේතු වන්නේ අපේ මොළයෙන් නිදහස් කරන Dopamine සහ Glutamate කියන neurotransmitters වල තියන අසමතුලිත බවකියල පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියනවා.

මේ රෝගය දෙමව්පියන්ගෙන් දරුවන්ට ප්‍රවෙනිගතව සම්ප්‍රේෂණයවෙන ප්‍රවනතාවය 80%ක් තරම්. මීට අමතරව, විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව දීර්ග කාලීනව Cannabis මත්ද්‍රව්‍ය වලට ඇ බ්බෙහි වූ පුද්ගලයනටද මෙම රෝගය වැලඳෙන්න පුළුවන්. තවද ගර්භනී සමයේ හටගන්නා ඇතම් Viruses කලලයට සම්ප්‍රේෂණය වී Schizophrenia රෝග ලක්ෂණ තරුණ කාලයේදීම පෙන්නුම් කරන්න පුළුවන්.

මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ positive, negative සහ cognitive කියල වර්ග කරනවා. Positve ලක්ෂණ වෙන්නේ මේ රෝගීන්ට අපි හෙමොටම පෙන්නේ නැති දේවල් පේනවා. ඒ කියන්නේභෞතිකව අපිට නොපෙනන දේවල් මෙයාලට පේනවා. මේකට කියනවා visual hallucination එහෙමත් නෙත්තම් සිංහලෙන් දෘශ්‍ය මායාවන්. ඒ වගේම මෙයාලට, අපිට ඇහෙන්නේ නැති දේවල් ඇහෙනවා. ඒ කියන්නේ කව්රුහරි කතා කරනවා වගේ, හරියටම ඔලුව ඇතුලෙන් කවුරුහරි command කරනවා, එහෙම නැත්නම් මඟ පෙන්වන්න හදනවා. මේකට කියන්නේ auditory hallucination එහෙමත් නැත්නම් ශ්‍රවන මායාවන්. උදාහරණයක් කිව්වොත් මෙයාලට අපිට නොපෙනන දේවල්/පුද්ගලයන් පෙනෙන  නිසා, මෙයාල තනියම කතාකරනවා. ඒ කියන්නේ එයාල කතා කරන්නේ අපිට නොපෙනෙන කෙනෙක් එක්ක, එහෙමත් නැත්තම් එයාලගේ ඔලුවෙන් ඇහෙන සද්දෙකට එයාල උත්තර දෙනවා. Schizophrenia රෝගය උග්‍රවීම නිසා සිදුවුණ ඝාතනයන් , සියදිවිනසා ගැනීම් සහ ඝාතනතැත් කිරීම්, ඉතා බහුලව සමාජයේ දකින්න පුලුවන් . 

මේ රෝගීන්ව අපි හදුන්වනවා delusional කියල, ඒ කියන්නේ මේරෝගීන් හිතින් මවාගත් දේ  විශවාස කරනවා. උදාහරණයක් කිව්වොත් මට මුනගැහිලා තියනවා පිටසක්වල ජීවින් සමග සම්බන්දතා තියනවා කියන, ඒ වගේම TV එකේ news කියන කෙනා මා එක්ක කතාකරනවා කියල හිතන අයව. 

තවත් positive රෝග ලක්ෂණයක් තමයි  අවුල් සහගත කතාව සහ හැසිරීම. මෙයාල කතා කරද්දී වචන හොයාගන්න ටිකක් වෙලාගන්නවා, ඒ වගේම සමහරුන් හරිම කම්මැලි එහෙමත් නැත්නම් හෙමින් වැඩ කරන්නේ. එහෙමත් නැත්නම් එක එක bizarre දේවල් කරනවා, උදා: එක ඇදුමක් උඩින් තව ඇදුම් කීපයක් දානවා., හොඳටම රස්නේ දවසක ඇදුම් layers කීපයක් දාගෙන ඉන්නවා .

Negative රෝග ලක්ෂණ වෙන්නේ මෙයාල යම් දෙකට ප්‍රතික්‍රියකරන්න ප්‍රමාද වීම, නුසුදුසු ප්‍රතික්‍රිය සහ බොහෝමයක් මේරෝගීන්  සමාජයෙන් ඇත් වෙනවා, සමාජ ආශ්‍රයෙන් ඇත් වෙනවා.

මේ රෝගීන්ට ප්‍රශ්නයක් ගැන හිතන්න තියන මානසික ශක්තිය අඩු යි. ඒ නිසාම මෙයාලට ජීවිතේ තීරණ ගන්න තවත් කෙනෙක්ගෙ උදව් අනිවාර්යයෙන්  අවශ්‍යයි. 

මේ තමයි  cognitive රෝග ලක්ෂණ.

Schizophrenia රෝගය නිශ්චය කරගන්නේ positive සහ negativeරෝග ලක්ෂණ මස 6ට වැඩි කාලයක් තිබීමෙන්. මස  6 ඇතුලත රෝගලක්ෂණ අඩු වැඩි වීමෙන්, රෝගියා මානසිකව withdrawn තත්වයක ඉන්න පුළුවන්. Schizophrenia වලදී රෝග ලක්ෂණ අඩු වැඩි වෙන එක චක්‍රයක් වගේ. මානසිකව සිදුවෙන මේ වෙනස්කම් චක්‍රානුකුල වුනත්, හරි ආකරව රෝගය අදුනගෙන treatment නොකර හිටියොත්, රෝගියා ටිකෙන් ටික දුර්වල වෙනවා..

මාස 6 රෝග ලක්ෂණ තිබුනද කියල හොයල බලන්නේ, අනිත් මානසික රෝග rule out කරගන්න නිසා. 

දැන් හිතල බලන්නකෝ අපිට මේ රෝග ලක්ෂණ තියන එක්කෙනෙක් ගැන හරි අහන්න දකින්න හම්බවෙලා නැද්ද කියල. අපි කොයිතරම් කතා වෙලා ඇතිද ” ඒ  මිනිහට පිස්සු කියල” “තනියම හිනා වෙනවා, තනියම කියවනවා ඌට පිස්සු”. මමත් එහෙම හිතපු/කියපු කාලයක් තිබ්බා, දැන් නම් අහන්නේ, “ඔයාල මෙයාට බේත් කරනවද” කියලා. මානසික රෝග ගැන දැනගෙන අපේ approach එක වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මානසික රෝග ගැන අපේ සමාජයේ තියන මිත්‍යා මත වෙනස් වෙන්නත් ඕනේ.

ඇත්තටම හිතල බලන්නකෝ කීයෙන් කීදෙනාද මේ ලෙඩේට හරියටtreat කරනවද කියල. ලංකාවේ මන් දැකලා/අහලා තියනවා, තමුන්ගේ පවුලේ කෙනෙක්ට මේ රෝග ලක්ෂණ තියෙද්දී තොයිල් නටනවා, යකෙක් වැහිලා කියනවා, එහෙමත් නැත්තම් පවුලටම හූනියම් කරලා කියනවා., ගුරුකම් වලින් ලෙඩ සනීප කරන්න හදනවා. අනිත් කාරණාව තමයි Doctor කෙනෙක් Psychiatrist කෙනෙක් ගාවට ගිහින් මේ ලෙඩ කියන්න මිනිස්සු ලැජ්ජයි. 

මේ රෝගය කලින් අදුනගෙන පිළියම් කලොත් මේ රෝග ලක්ෂණ බොහෝ දුරට පාලනය කරන්න පුළුවන්. මේ රෝගයට අපි treatකරන්නේ Antipsychotic medication  වලින්. මේ රෝගය long term/chronic condition එකක් නිසා, Antipsychotic Medication ජීවිත කාලයටම ගන්න වෙනවා. ඒ වගේම Cognitive behaviour therapy වගේ අතිශයෙන් ප්‍රයෝජනවත් Counselling Therapies තියනවා.

Schizophrenia රෝගය උත්සන්න වෙලා ජීවිත හානි සිද්ද වෙනවා, දිවිනසා ගැනීම් වෙනවා, අනිත් ජීවිත වලට හානි කරන්න පෙලඹෙනවා. මේ රෝගයෙන් පෙලෙන අ යට තමුන්ගේ ක්‍රියාවන්වල හොඳ නරක පෙන්නේ නැති තරම්. බොහෝ වෙලාවල් වලට එයාලගේ ඔලුවෙන් ඇහෙන commands වලට එයාල react කරනවා වෙන්න පුළුවන්.

මට මේ ලිපියෙන් කියන්න ඕනේ වුනේ මෙහෙම රෝග ලක්ෂණ තියන කෙනෙක් ඔබේ පවුලේ හෝ යාළුවන් නෑදෑයන්  අතර හෝ ඉන්නවා නම් එයාලව ප්‍රමාද නොවී treatment වලට යොමු කරන්න. මානසික රෝග අපි හංගගෙන ඉන්න ඕනේ නැහැ . අපි අද ඉන්නේ හරිම Stressful ජීවිතයක් ගත කරන වකවානුවක. ඉතින් අපේ ශරීරය වගේම මනසත් දුර්වල වෙන වාර අනන්තයි. අද වෛද්‍ය  විද්‍යාව සහ ඒ සම්බන්ධ  සෑම සේවාවක්ම දියුණුයි , ඉතින් අපිව කවුරුත් judge කරයි කියන සිතුවිල්ලෙන් මානසික අපහසුතා හංගගෙන ඉන්න එපා.

සටහන

තෝෂිණි මුණසිංහ

Sign up for our newsletter