Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-06-05

Dilini Seneviratne 

Trailblazing Kandyan Dance: The British-Sri Lankan Pioneer Making Waves in London

උඩරට, පහතරට, සබරගමු කියන අපේ රටේ ප්‍රසිද්ධ නැටුම් සම්ප්‍රදායන් තුන අතරින් උඩරට නැටුමට ලැබෙන්නේ ප්‍රධාන තැනක්නේ. ඒ නැටුමේ උත්පත්තිය ගැන තියෙන්නෙත් හරි රහ කතාවක්. ඒ වෙනකොට රටේ රජකම් කරලා තියෙන්නේ පඬුවස්දෙව් රජතුමා. ඔය රජතුමා රජවෙලා දෙතුන් දවසක් යද්දී නින්දෙන් භයානක හීනයක් පෙනිලා තියෙනවා. ඒ අඳුන් දිවියෙක් තමන්ගේ ඇඟට කඩාගෙන පනිනවා. ඒක වෙලාවේ ඉඳන් රජතුමා හිතුවේ තමන්ට කලින් රටේ රජකම් කරපු විජයට කුවේණිය කරපු ශාපය තමන්ටත් බලපාලා කියලලු. මොකද එදා විජය රජ්ජුරුවෝ කුවේණියව රජ මාලිගාවෙන් පන්නලා දැම්ම වෙලාවේ කුවේණි විජයට විතරක් නෙවෙයි මුළු පිරිමි සංහතියටම ශාප කළාය කියනවනේ. කොහොමහරි ඔය හීනෙට බයවෙලා ලෙඩෙක් ගාණට වැටුනු රජතුමා ඉන්දියාවේ ඉඳන් ලංකාවට යකැදුරන් කණ්ඩායමක් ගෙනැවිල්ලා කොහොඹා කංකාරිය කියන ශාන්තිකර්මය කරගත්තලු. ඒක දැකපු අපේ රටේ මිනිස්සුත් ඒ යකැදුරන්ගෙන් ඒක ඉගෙනගෙන. ඔය විදියටයි උඩරට නැටුම කියලා නැටුම් සම්ප්‍රදායක් ලංකාවේ ආරම්භ වුණාය කියන්නේ.

ඉතින් ඒ විදියට ආරම්භ වුණු නැටුමට උඩරට කියන නම වැටුනයි කියන්නේ ඒක මුලින් ඉගෙනගෙන තියෙන්නේ උඩරට පළාතේ උදවිය හින්දා. ඒ කියන්නේ මහනුවර, උඩුනුවර, යටිනුවර, හත්කෝරළේ, හතරකෝරළේ, දුම්බර හාරිස්පත්තුව වගේ ලංකාවේ මධ්‍යම කඳුකර පැතිවල මිනිස්සු. හැබැයි ඉතින් බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කරපු වෙලාවේ උඩරට රාජධානියත් එක්කම මේ කියන නැටුම් සම්ප්‍රදායත් බිඳවැටිලා. ඒක ආයෙත් පණගහලා ඇවිත් තියෙන්නේ 1948 ලංකාවට නිදහස ලැබීමත් එක්ක. ඒත් එදා උඩරට නැටුම් නටන්න අවසර තිබිලා තියෙන්නේ නම් පිරිමි උදවියට විතරයි. 19 වැනි සියවසේ අගභාගයේ විතර තමයි කාන්තාවන්ටත් ඒකට ඉඩක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ලැබුණු ඉඩෙන් කාන්තා උදවිය උපරිම පල ප්‍රයෝජන ගත්තලු. අන්න ඒ වගේ තරුණියක් ගැනයි මේ කියන්න යන්නෙත්. ඇය තමයි ඩිලිනි සෙනවිරත්න. පදිංචිය එංගලන්තේ. දන්නවද, ඩිලිනි කියන්නේ උඩරට නැටුමෙන් එංගලන්තයත් හොල්ලපු තරුණියක්. ඒ නිසාම ඇය එක්ක කතාබහක යෙදෙන්න අපිට හිතුණා.

මේ වෙනකොට මං එංගලන්තයේ ලන්ඩන්වල ‘Kandyan Dancers Company’ කියලා උඩරට නැටුම් සහ අනෙකුත් ශ්රී ලාංකික නැටුම් සහිත කම්පැනි එකක් කරනවා. හරහා මං මගේ නර්තන කණ්ඩායම් එංගලන්තයේ විවිධ අවස්ථාවන්වලට සහභාගි කරවනවා. ඒක එංගලන්තයේ මිනිස්සුන්ට වෙනස්ම අත්දැකීමක්.”

වැඩ දන්න මිනිස්සුන්ට තැන අදාළම නෑ කියනවනේ. ඩිලිනි කියපු පළවැනි කතාවෙන්ම මට හිතුණේ එහෙම දෙයක්. ඒ හින්දම මට හිතුණා ඇගේ කතාව කොණක ඉඳන් පිළිවෙලට අහන්න.

පුංචි කාලේ ඉඳන්ම මගේ ඇඟේ නැටුම තිබුණා කියලා අම්මා කියනවා. දවස්වල මොන්ටිසෝරියේ කොන්සර්ට් එහෙම තියෙනවනේ. ඒවගේ තියෙන නැටුම්වලට ආසාවෙන්ම ඉදිරිපත් වෙන ළමයා මමලු. අම්මා කියනවා අනෙක් ළමයි නටන්නේ එක නැටුම් අංගයකට විතරක් වෙනකොට මං හැම නැටුමකටම නටන්න ඕන කියලා අම්මට කියනවලු.”

ඒ විදියට ඇඟේම නැටුම තිබුණු හින්දා ඩිලිනි පුංචි සන්ධියේ ඉඳලම ආසාවෙන් ඉඳලා තියෙන්නේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් මුළු පවුලම ලංකාවට ආයුබෝවන් කියලා එංගලන්තයේ පදිංචියට ඇවිත් තියෙන හින්දා ඇයට ඒ ආසාව හිතෙන් අතෑරගන්න වෙලා. එදා එහෙම එනකොට ඩිලිනි ඇයගේ ළඟ තිබුණු නැටුම් පොත් ටිකකුත් අම්මට හොරෙන් බෑග් එකේ දාගෙන එංගලන්තෙට ගෙනාවලු.

එංගලන්තයට ආවත් මං නටන එක නම් අත්හැරියේම නෑ. ඔය අතරේ මට ලලිත කලාවේදිනි කුමුදු පෙරේරා ගුරුතුමිය මුණගැහුනා. ඇයගෙන් වැඩිදුර නැටුම් ඉගෙනගත්තා. පස්සේ මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුතුමා මුණගැහුනා. ඔහුගෙනුත් නැටුම් ඉගෙනගත්තා. වෙනකොට මං එංගලන්තයේ Southampton කියන විශ්වවිද්යාලයේ BSc Criminology and Computer Science උපාධියත් කරමින් හිටියේ. ඔය අතරේ මට හිතුණා නර්තනය ගැනත් විශ්වවිද්යාල මට්ටමින් දෙයක් ඉගෙනගත්තා නම් සෑහෙන වටිනවා කියලා. එහෙම හිතලයි ලන්ඩන්වල Middlesex විශ්වවිද්යාලයෙන් MA Professional Practice, Dance (Kandyan Dance) කියන උපාධිය සම්පූර්ණ කළේ.”

ඔය අතරතුරේ ඩිලිනි හරි අපූරු වැඩකුත් කරලා. ඒ පළවැනි වතාවට ඒ විශ්වවිද්‍යාලයේ හිටපු ළමයි එකතු කරගෙන උඩරට නැටුම් කණ්ඩායමක් හදපු එක. කොහොමින්හරි අන්තිමේ ඇය නැවතිලා තියෙන්නේ ඇය කතාබහ ආරම්භයේදී කියපු විදියට උඩරට නර්තනය සම්බන්ධ ලොකු කම්පැනි එකකුත් සුද්දගේ රටේ පටන් අරන්.

එංගලන්තය වගේ රටවල රටවලට ආවේණික සම්ප්රදායික නර්තනාංග තියෙනවා. ඒත් හැම එකකටම වඩා උඩරට නර්තනයේ පැහැදිලි ආකර්ෂණයක් තියෙනවා කියලා මට හිතුණා. ඒකට යොදාගන්න ඳුම් පැළඳුම්, සංගීතය වගේ දේවල් හරි ආකර්ෂණීයයි. නොදන්න රටක වුණත් මට මේ වගේ කම්පැනි එකක් පටන්ගන්න හිතුණේ ඒකයි. මොකද වෙද්දිත් කොච්චර නැටුම් ගැන ඉගෙනගෙන තිබුණත් ඒකෙන් වැඩක් ගන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ.”

ඊළඟට අපි ඩිලිනිගෙන් ඇහුවේ ‘Kandyan Dancers Company’ එක හරහා මේ වෙනකොට ඇය කරන වැඩ කටයුතු ගැන.

අපිට මේ රටේ විවිධ වූ ප්රසංගවලට, උත්සව අවස්ථාවලට ආරාධනා ලැබෙනවා. දැන් අපි එංගලන්තයේ ඉන්න ලංකාවේ අය වෙනුවෙන් නර්තන පන්ති, වැඩමුලු පවත්වාගෙනත් යනවා. ගොඩාක් වෙලාවට ඒවට එන්නේ මෙහේ කැම්පස්වල ඉගෙනගන්න ලංකාවේ ළමයි සහ පොඩි දරුවෝ. වගේම ලංකාවේදි නැටුම් කරලා, එංගලන්තයේ පදිංචියට ඇවිත් ඉන්න අයත් මගේ ගාවට ආයෙත් නැටුම් කරන්න එනවා. මගේ නැටුම් පන්ති වලට වයසක්, ස්ත්රී පුරුෂ භාවයක්, ජාතියක් කියලා නැහැ. එන්න කැමති, නටුමට ආස ඕනකෙනෙක්ට මම නැටුම් කියලා දෙනවා.”

කොවිඩ් කාලේ හැමෝටම සුපුරුදු වැඩකටයුතුවලින් චුට්ටක් ඈත්වෙලා ඉන්න වුණානේ. හැබැයි ඩිලිනි නම් එහෙම ඉඳලා නෑ. ඇය ලියලා උඩරට නර්තනය ගැන පොතක්.

පොතට නම දැම්මේ ‘An Introduction to Kandyan Dance’ කියලා. ඒක ගොඩාක් ප්රසිද්ධ වුණා. මේ වෙනකොට එංගලන්තයේ ප්රසිද්ධ පුස්තකාල පහක මගේ පොත තියෙනවා. කැමති අයට අන්තර්ජාලය (Amazon) හරහා වුණත් අරන් කියවන්න පුළුවන්. 2021 තමයි පොත දැම්මේ ඉතින් දැන් දෙවෙනි පොත ලියන ගමන්.”

උඩරට නැටුමෙන් එංගලන්තයම අල්ලපු ඩිලිනිගේ දැන් බලාපොරොත්තුව එංගලන්තයම හෙල්ලිලා යන විදියේ දැවැන්ත ප්‍රසංගයක් තුන්වෙනි වරටත් කරන එකලු. හැබැය්‍ විශේෂත්වය තමයි මේ අව්රුද්දේ ඩිලිනිගේ ලමයි හය දෙනෙක් කලඑලි බහින එක​.

මේ මාසේ, කියන්නේ ජූනි 30 වැනිදා එංගලන්තයේ ලන්ඩන්වල අපිනර්තනනමින් ප්රසංගය තුන්වෙනි වරටත් කරනවා. ප්රසංගයේදී කලඑලි ප්රසංගයට මූලිකත්වය දීලා උඩරට, පහතරට, සබරගමු, භරත ඇතුළු ලංකාවේ හැම නැටුමක්ම නටන්න අපි බලාපොරොත්තු වෙනවා. ලන්කාවෙන් බෙර වාදනය සදහා ප්රසන්න රූපසිංහ සහ කොශාන් මාපටූන ශිල්පීන් දෙදෙනත් සහබාගී වෙනවා. අතුල දස්සන පන්සලේ තමයි මේ වැඩේ වෙන්නේ, එහි ලොකු හාමුදුරුවන් වඳුරබ කශ්යප වහන්ස මේ වැඩේට ලොකු සහායක් දෙනවා.”

ඉතින් මෙච්චර ලස්සන ලොකුවට එන් ගලන්තයේ කෙරෙන වැඩේකට ඔබ සැම දෙනාටම ඇවිත් සහබාගී වෙන්න කියා අරාධනා කරනවා.

ඩිලිනිට අපෙන් සුබ පැතුම්! 

Sign up for our newsletter