Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

24-06-11

සිනමාව හා සබැඳි තතු අපි මැගසීන්හී පාඨක ප්‍රජාව වෙතට ඉදිරිපත් කරනා

වෘත්තීයෙන් සිනමාවේ සහ ටෙලිවිෂනයේ තිර රචකයෙකු වශයෙන් කටයුතු

කරමින් සිටින හිරාන් ගමගේ නම් ඔහුගේ

ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි සහ වෘත්තීත්වයේ ප්‍රථූල

හරසකඩක් පාඨක ඔබ වෙතට සම්මුඛ කරවීමට ලත් වෑයමකි මේ. 

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු. 

මම මා පිළිබඳවම විචාරන්න වෙහෙසෙන, කලාවට ලැදි, සංවේදී, මනුදම් ගරුකරන

මනුස්සයෙක්.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද යන්න පිළිබඳව

හැඳින්වීමක් කරමු.

මම ජීවිතය හඳුනාගන්නේ මඟහැරීමට නුපුළුවන් අභියෝග ලබාදෙන සූර

මායාකරුවෙක් හැටියටයි.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද

යන්න සඳහන්කොට ඔබ අවබෝධකොටගත් ආකාරයට එම ආගමේ හෝ

දර්ශනයේ මූලික හර

පද්ධතිය පිළිබඳව සෛද්දාන්තිකවිග්‍රහයක් ඉදිරිපත්කරමින් ඒ තුළින්

ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ

දේවල් මොනවාද යන්න පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

බුද්ධ දේශනාව තමයි අනුගමනය කරන්නෙ. එය ආගමක් හෝ දර්ශනයක් නොව

දහමක් ලෙසයි මම හඳුනාගත්තෙ. ඒ තුළින් විග්‍රහ කෙරෙන්නේ සොභාදහමයි.

කෙටියෙන් කිවහොත් කාරණා දෙකයි. එනම්, පවතින දෑත්, සිදුවන හැටිත්

යන්නයි.

~ තමන් යනුවෙන් හැඳිනෙන දෙයෙහි පැවැත්ම පිහිටන ලෝකය යන්න, තමන්

යනුවෙන් හැඳිනෙන දෙය තුළම පිහිටයි ~

තමා ලෙස හෝ තමාගේ ලෙස හෝ තමා විසින්ම සිදුකෙරෙන, එනම් ශේෂව

පවතින පෞද්ගලික ගොඩනැගීමක් හෝ සත්‍යවශයෙන්ම නොපවතින්නක් වන

අතර ස්වභාවධර්මය තුළ හේතු – ඵල ධර්මතාවයට අනුකූලව එකිනෙකට

සම්බන්ධව ක්‍රියාත්මක වන විවිධ සංකීර්ණ යාන්ත්‍රණවල එක් කුඩා අංගයක්

ලෙස තාවකාලික පැවැත්මක් පමණක් නිරූපණය වේ, යනුවෙන් සෛද්දාන්තික

විග්‍රහයක් සිදුකිරීමට පුළුවන්.

පැවැත්මේ නැවැත්ම සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය සෛද්දාන්තිකව නිවැරදිව

ඉගෙනගැනීමට හැකිවීමත් එය ප්‍රායෝගිකව නිවැරදිව භාවිතයේ යෙදීමට

හැකිවීමත් තමයි මා බුදුන් වහන්සේගේ දේශනාවෙන් ලබාගත් වටිනාම දේවල්

වන්නේ.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරුත්ගන්වාගන්නේ කෙසේද

හා ඒ හට ඉහළම වටිනාකමක් හිමිකරදෙන්නේ කෙසේද

යන්න පිළිබඳව විස්තරයක් සිදුකරමු.

මනුසත්භව කියන්නෙ අතිශයින්ම දුර්ලභ මහා භාග්‍යයක්. සොභාදහමේ

ක්‍රියාකාරිත්වය දැකගැනීමට දැනගැනීමට උත්සාහ කිරීමත්, එම උත්සාහය

සඵල කරගැනීමත් තුළින් මනුශ්‍යත්වයේ වටිනාකම උපරිමයට පත්කරගන්න

පුළුවන්.

Q). ඔබේ ජීවිතාර්ථයන් මොනවාද?

ප්‍රමුඛ ජීවිතාර්ථයන් තුනයි. ඒවා කේන්ද්‍රකොටගත් අවශේෂ ජීවිතාර්ථයන්

අවස්ථානුකූලව සකස්වෙනවා.

1). ස්වකීය ආද්‍යාත්මය ගවේෂණය

2). කලාත්මක නිර්මාණයන්හී නියැලීම

3). ස්ත්‍රිය යන විෂයෙහි නිරාමිස ප්‍රේමය ප්‍රමුඛ සොඳුරු හැඟුම් ශ්‍රේණිය

අත්විඳීම

4). පරෝපකාරය

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස සිනමාව හඳුනාගන්නේ කෙසේද යන්න

පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.

" සිනමාව යනු සකලවිධ කලා මාද්‍යයන්ගේ කූඨප්‍රාප්තියයි " යන්න විෂය

පිළිබඳ විශේෂ ප්‍රාගුන්‍යයක් සපිරි බොහෝ ශාස්ත්‍රීය විද්වතුන්ගේ මතය වන

අතර තාක්ෂණිකව සිනමාව යනු චලිත රූපය ලෙසින් කෙටියෙන් හැඳින්වෙනවා.

එනමුත් ලේඛනය, චිත්‍ර කලාව, සංගීතය, නර්තනය ආදී වූ ප්‍රමුඛතම

කලාංගයන් සියල්ලගේම නිර්මිතයක් ලෙසින් තමයි මම සිනමාව හඳුනාගන්නේ. ඒ

අනුව ඉහත දැක්වෙන මතයට මම එකඟවනවා.

Q). ඔබ වෘත්තීය තිර රචකයෙක්. සිනමාව සහ ටෙලිවිෂනය තුළ තිර රචනයේ

භාවිතාව පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු. 

සිනමා හෝ ටෙලිවිෂන් නිර්මාණය සුවිසල් නිවසකට උපමා කළහොත් තිර රචනය

යනු එහි ශක්තිමත් පාදම ලෙසින් සළකන්න පුළුවන්. දක්ෂ තිර රචකයෙකුගේ සහ

දක්ෂ අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් ප්‍රතිභාපූර්ණ

නිර්මාණයක් ව්‍යුත්පන්න විය හැකි සේම දුර්වල තිර රචකයෙකුගේ සහ දුර්වල

අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් හරසුන් නිර්මාණයක්

ව්‍යුත්පන්න විය හැකියි. එම තත්ත්වය සාමාන්‍යයි.

එමෙන්ම දුර්වල තිර රචනයකින් ප්‍රතිභාන්විත නිර්මාණයක් ව්‍යුත්පන්න වීම

සිදුවිය නොහැකියි සේම ප්‍රභල තිර රචනයකින් දුර්වල නිර්මාණයක්

ව්‍යුත්පන්න වීමද සිදුවිය හැකියි යන්න මගේ අත්දැකීමයි. එහීදී අදියුරුවරයාගේ

භූමිකාව නිර්මාණයේ ගුණාත්මක භාවය කෙරෙහි තීරණාත්මක සාධකයක් බවට

පත්වෙනවා.

Q). ඔබේ වෘත්තීය පසුබිම පිළිබඳ හැඳින්වීමක් සිදුකොට වෘත්තීය ජීවිතය තුළ

ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

චිත්‍රපට අද්‍යයක්ෂක කසුන් පතිරණ මහතා විසින් සිදුකෙරූ දැනුවත් කිරීමක්

හරහා වර්ෂ 2023 මාර්තු මාසයේදී පැවැත්වුණු " AURA DGSL සිනමාභිමාන –

2023 " නැමැති චිත්‍රපට ප්‍රදර්ශන සහ ඇගයීම් උළෙලේ ස්වේච්ඡා

නිළදාරියෙකු ලෙසින් කටයුතු කිරීමට මා හට භාග්‍යය සැලසුනා. එම සිදුවීම

මාගේ ජීවිතය ධණාත්මක මඟකට යොමුකළා.

එය සංවිධානය කරනු ලැබූයේ ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ සංසදය

විසින් නිසාම ඒ කාල සීමාව තුළදී එහි විධායක කමිටු සාමාජිකත්වය උසුලන

ප්‍රවීණ අදියුරුවරුන් ඉතාමත් සමීපව ඇසුරු කරන්නට මා වාසනාවන්ත වූවා. එම

ඇසුර සිනමාව නම් විෂය සම්බන්ධයෙන් මාව බොහෝ සෙයින් පෝෂණය කළා

පමණක් නොවෙයි සිනමාව විෂයක් ලෙසින් විධිමත්ව හැදෑරීමට මා තුළ ප්‍රථම

උත්තේජනය හට ගැන්වූවා. කුඩා කළ පටන් සිනමාව සම්බන්ධයෙන් මා තුළ

පැවති ඇල්ම ඊට පසුබිම සකසා තිබුණා.

එම ව්‍යාපෘතිය අවසාන වීමත් සමඟම කසුන් පතිරණ මහතාගේ දැනුවත් කිරීම

හරහා ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් සංවිධානය කෙරූ තිර රචනා.

වැඩමුළුවකට මා සහභාගි වූවා. මා ප්‍රථම වරට තිර රචනය විධිමත් ලෙසින්

උගත්තේ එහිදීයි. වැඩමුළුව අවසානයේ පැවති කෙටි චිත්‍රපට තිර රචනා

තරඟයේදී මා රචනා කළ කෙටි චිත්‍රපට පිටපත ඇගයීමට බඳුන් වූවා.

එහිදී කසුන් පතිරණ මහතා විසින් මා හට ඇරයුම් කර සිටිනවා ඔහුත් සමඟින්

නිර්මාණකරණයේ යෙදෙන ලෙසට. ඒ අනුව ඔහුත් සමඟින් නිර්මාණකරණයේ

යෙදෙමින් කාලය ගතවත්ම සමාජ මාද්‍යය ඔස්සේ පළ වූ දැන්වීමක් හරහා

ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා විසින්

සිනමාකරණය උගන්වන ජාත්‍යන්තර ආයතනයක් " Asian Film Academy

"ලෙසින් ආරම්භ කර ඇති බව මා හට දැනගැනීමට ලැබෙනවා.

එකල මා හට නිශ්චිත ආධායම් මාර්ගයක් නොතිබූ බැවින් මා පැළඳි රන්

ආභරණයක් උගස් තබා එම පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල

සපයාගැනීමට සිදු වූවා. අනතුරුව මා ඔහුගේ මඟපෙන්වීම යටතේ ගුරුවරුන්

රැසකගෙන් සිනමාකරණය පිළිබඳ මූලික පාඨමාලාවක් හදාරණවා.

එහිදී මා තුළ සිනමාව සහ තිර රචනය කෙරෙහි ඇති දැඩි උනන්දුව මෙන්ම තිර

රචනයේ නියැලීමට ඇති දක්ෂතාවය ඔහුගේ අවධානයට සහ ප්‍රශංසාවට

ලක්වෙනවා. ඒත් සමඟින් ඔහුව ඉතා සමීපව ඇසුරු කිරීමට මා හට භාග්‍යය

සැලසෙනවා. එය මා සළකන්නේ මගේ ජීවිතය තුළ මා ලැබූ සුවිශේෂී කඩඉමක්

ලෙසයි.

කාලය මෙසේ ගතවත්ම ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු මෙන්ම ප්‍රවීණ තිර

රචකයෙකු වූ අරුණ ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීමක් ඔස්සේ ආසියානු

මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) තිර රචකයෙකු උදෙසා පවතින රැකියා

පුරප්පාඩුවක් සඳහා මා ඉල්ලුම් කරනවා. ඒ අනුව ආයතන ප්‍රධානීන් හමුවේ

පැවරුම් සහ සම්මුඛ පරීක්ෂණ ශ්‍රේණියකට මුහුණ දීමෙන් අනතුරුව රැකියාවේ

නියුක්ත වීමට සමත් වෙනවා.

සිනමාව හදාරණ අතරතුරදීම ටෙලිවිෂනයට අත්පොත් තබන්නට පසුබිම

සැකසීමද ධණාත්මක දෛවෝපගත සිදුවීමක් ලෙසින් සැළකීමට මා කැමතියි.

Q). තරුණ වෘත්තීය තිර රචකයෙකු ලෙස ජාත්‍යන්තර සිනමාව ජයගැනීම

කෙරෙහි ඇති ඔබේ අභිලාෂය මුදුන්පත්කරගැනීම සඳහා ක්‍රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව කෙටි විග්‍රහයක් කරමු. 

වර්ථමානය වනවිටදී ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම්

මහතා අද්‍යයක්ෂණය කරන මීළඟ සිනමාපටයෙහි තිර රචකයා ලෙසින් කටයුතු

කරනවා. එහි නිෂ්පාදන කටයුතු භාරව සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට

නිෂ්පාදකයෙකු වන රාජ් රණසිංහ මහතායි.

එය බොහෝවිට විදේශීය රංගන ශිල්පීන් ශිල්පිණියන් යොදාගැනෙනා

අන්තර්ජාතික සිනමා වෙළඳපොළ වෙත ප්‍රමුඛ ලෙසින් මුදාහැරෙන කාන්තා

චරිතයක් මුල්කොටගනිමින් ධාවනය වන නාට්‍යමය – ප්‍රේමය ක්ෂානරයේ

සිනමාපටයක් බව විශේෂයෙන් සඳහන් කිරීමට හැකියි.

විදේශීය සිනමාකරණ පාසලක් වෙත ගොස් විධිමත්ව අධ්‍යාපනය ලැබීම මාගේ

සන්තානය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින එක් අහිංසක අපේක්ෂාවක් බව

සඳහන් කිරීමට කැමතියි.

Q). සිනමා  සහ ටෙලිවිෂන් කර්මාන්තය තුළ ඔබ වර්ථමානයේ නිරත වී

සිටිනනිර්මාණාංගයන් හා ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු. 

වර්ථමානයේ මා ආසියානු මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) ප්‍රමුඛතම වැඩසටහන

ලෙසින් සැළකෙන මෙන්ම මෙරට වඩාත් ජනගතම ටෙලිවිෂන් වැඩසටහන ලෙසින්

කාලාන්තරයක් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වූ " හිරු ස්ටාර් " සිව්වන අදියරේ

රූපවාහිනී තිර රචකයා ලෙසින් කටයුතු කරනවාེ.

එමෙන්ම සිනමා අදියුරුවරුන් කිහිපදෙනෙකුගේ ඉදිරියේදී පූර්ව නිෂ්පාදන කටයුතු

ඇරඹීමට නියමිත සිනමා නිර්මාණයන් කිහිපයක තිර රචකයා මෙන්ම සම තිර

රචකයෙකු ලෙසින් මගේ පරිකල්පන සහ ලේඛන කෞශල්‍ය ධායක කිරීමට

අපේක්ෂාවන් සිටිනවා.

Q). Api Magazine හී ලේඛකයෙකු ලෙසින් කටයුතු කරන්න අවස්ථාව සැලසීම

සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම වර්ෂ දෙකහමාරක් පමණ තිස්සෙ මගේ සමාජ ජාලා ගිණුම් හී මෙන්ම සිනමා

රසිකයින් විසින් නිර්මාණය කරන ලද සමාජ මාද්‍යය පිටුවල සිනමාව හා සබැඳි

ලේඛණයන් පළ කරමින් සිටියා. ඒවා කියවීමට ලොල් වූ ප්‍රාමාණිකව

සැළකියයුතු පාඨකයන් පිරිසක්ද මේ වනවිට නිර්මාණය වී තිබෙන බව සතුටින්

ප්‍රකාශ කරන්න කැමතියි.

මේ තත්ත්වය සඟරාවේ කතුවරයා වන ගයාන් කරුණාරත්න මහතාගේ අවධානයට

ලක්වීමෙන් අනතුරුව ඔහු මට සාදරණීය ඇරයුමක් සිදුකරනවා ඒ අයුරින්ම Api

Magazine හී සිනමාව පිළිබඳ ලේඛණයන් පළ කරන්නට. ඔහු මගේ පාසල වන

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් නිසාවෙන් මම දෙවරක්

නොසිතා ඔහුගේ ඇරයුම ඉතාමත්ම සතුටින් පිළිගන්නවා. ඔහු මගේ හිතෛෂීයෙක්.

මෙරට දැනට පවතින ඩිජිටල් සඟරාවන් කිහිපය අතුරින් සුවිසල් ශ්‍රී ලාංකීය

පාඨකයන් පිරිසක් ඒකරාශි කරගැනීමට මෙන්ම විදේශීය රටවල් කිහිපයකම

වෙසෙන ශ්‍රී ලාංකීය පාඨකයන් බහුතරයකගේ ප්‍රමුඛතම ඩිජිටල් සඟරාව බවට

පත්වීමට Api Magazine සමත් වී තිබීම පිළිබඳව මම ඉතාමත්ම ප්‍රමෝදයට

පත්වෙනවා.

විවිදාකාරයේ විෂයන් හා සබැඳි වටිනා තොරතුරු විශ්වසනීයව ජනගත කිරීමට

රිසි Api Magazine හී ලේඛක මඩුල්ල ලෙන්ගතුකමින් බැඳුණු පවුලක් කිව්වොත්

මා නිවැරැදියි. එබැවින් කතෘ තුමා ප්‍රමුඛ සඟරාවේ කාර්‍ය මණඩලයේ සියලු

පෞද්ගලික සහ වෘත්තීය අපේක්ෂාවන් මුදුන්පමුණුවාගත හැකි සෞභාග්‍යයමත්කාලවකවානුවක් උදාවේවායි මුළු හදින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter