Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Branding

ලොවක් දන්න නමක්, ඔබේ නම.

ඔබ දැන සිටියාද? ඔබේ නම මුලු ලෝකෙම දන්න නමක් කරන්න පුලුවන් කියලා. ඒ

වගේම ඔබ දැන සිටියාද ඔබ කරන හොඳ හෝ නරක සියලුම දෙයින් ඔබව විනිශ්චය

වෙන බව, හෝ ඔබව තව කෙනෙකු හඳුනවන බව? එන්න අපි අද කතාකරමු Personal

Branding ගැන.

සන්නාම (Branding) ගැන සිතනවිට, McKinsey විසින් කරනලද පරීක්ෂණයකින් පෙනීගියේ

ඉතා ශක්තිමත් වෙළඳනාම ඔවුන්ගේ හඳුනාගත නොහැකි තරඟකරුවන් අභිබවා 73%

කින් පමණ ඉහල යන බවත්, වර්තමාන ගනුදෙනුකරුවන්ගෙන් 64% විශ්වාසය මත

පදනම්වූ ගැනුම්කරුවන් බවත්ය. එමනිසා ඔවුන්ගේ ගැනුම් තීරණ වෙනස් කිරීම සඳහා

සන්නාමය ප්‍රබල බලවේගයක් විය හැකි බවත්ය.

මුලින්ම මොකක්ද මේ personal branding කියන්නේ?

සරලවම personal branding කියන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ පෞරුෂය, කුසලතා,

ආකල්ප, අත්දැකීම් සහ හැසිරීම ඇතුලු තවත් කරුණු මත පෙනවන ප්‍රතිරූපය වන අතර

එය ඔවුන්ගේ අනන්‍යතාව නිර්වචනය කරයි. K.G.F හී රාජ් ක්‍රිශ්නප්ප භේර්‍යා, Rocky උන

හේතුවත්, මිනිස්සු ඔහුගේ මුහුන හඳුන්නනේ නැති උනත් නම කිව්වම හැමෝම

අඳුරගන්න හේතුවත් personal branding 0 තවත් සරලව පෙන්වන්න පුලුවන්.

නිර්වචනය කරන ලද පුද්ගලික සන්නාමයක් නිර්මාණය කිරීම වර්තමාන තරඟකාරී

වෙළඳපල තුළ ඔබව වෙන්කර හඳුනා ගැනීමට විශිෂ්ට ක්‍රමයකි, මන්ද එය ඔබ නොමැති

තැන පවා, ඔබ කවුරුන්ද යන්න තේරුම් ගැනීමට මිනිසුන්ට ඉඩ සලසනු ලබයි.

කොහොමද අපි අපේ නමින් සන්නාමයක් වෙන්නේ?

1- ඔබට පෞද්ගලික vision (දැක්මක්) නිර්මාණය කරගන්න.

ඔබට ජීවිතයේදී, ලෝකය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද? ඔබට වෙනස් කල යුත්තේ

කුමක්ද? ඔබට අලුතෙන් එකතු කල යුත්තේ කුමක්ද? ඔබෙන්ම විමසන්න. එය ඔබේ

වර්තමාන තත්වයෙන් ඔබට යාමට අවශ්‍ය තැනට දැනුවත්ව ගමන් කිරීමට උපකාරී වේ.

උදාහරණයක් ලෙස "මම පරිඝණක මෘදුකාංග මගින් මිනිසුන්ගේ ජීවිතයේ වැඩ පහසු

කිරීමට උදව් කරන්න කැමතියි", හෝ "මම සාගර සත්ව ප්‍රජාව සුරැකීම සඳහා

දායකත්වය දෙන්න කැමතියි" යනාදී ලෙස ඔබ ආස දේ (passion) එක මත ඔබට දැක්මක්

ගොඩ නගාගන්න.

2- ඔබට ඔබව හැදින්විය/ජනප්‍රිය විය යුතු අංශය තීරණය කරන්න.

ඔබෙන් අහන්න, ඔබ නිශ්චිත මාතෘකාවක් පිළිබඳ ලෝකයේ විශේෂඥයෙකු ලෙස

ප්‍රසිද්ධියට පත් වූයේ නම්, එය කුමක් වනු ඇත්ද? බලගතු පුද්ගලික සන්නාමයක්

නිර්මාණය කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ යම් ප්‍රදේශයක පිළිගත් අධිකාරියක් වීමයි.

එම වෙළඳපොලේ තරඟකාරිත්වය ගවේෂණය කර ඔබ ඔබව වෙනස් කරන්නේ කෙසේද

යන්න තීරණය කරන්න. ඔබව අද්විතීය කරන්නේ කුමක්ද? ඔබේ විශේෂතා උපයෝගී

කර ගැනීමෙන්, ඔබ අන්‍යන්ගෙන් කැපී පෙනීමට වැඩි ඉඩක් ඇත. ඔබේ පුද්ගලික වෙළඳ

නාමය ඔබේ ආශාවන්, කුසලතා, වටිනාකම් සහ විශ්වාසයන් පිළිබඳ නිවැරදි පිළිබිඹුවක්

විය යුතුය.

3- ඔබේ ප්‍රේක්ෂකයින් ඔබ විසින් නිර්වචනය කරගන්න.

ඔබ පුද්ගලික සන්නාමයක් ගොඩනඟන විට ඔබට කළ හැකි ප්‍රධානතම වැරැද්දක්

වන්නේ සෑම කෙනෙකුටම ඔබේ සන්නාමයෙන් සේවා කිරීමට උත්සාහ කිරීමයි. බිලියන

8ක ජනගහනයෙන් ඔබ කතා කරන්නේ කුමන කොටසට නිර්වචනය කිරීම ඉතා වැදගත්

වන්නේ එබැවිනි. ඔබට සේවය කිරීමට අවශ්‍ය කාටද? “විශිෂ්ට සන්නාමයක් ආරම්භ

වන්නේ ඔබ කවුරුන්ද, ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ කුමක් ද යන්න, ඔබේ වෙළඳපල

අවබෝධ කර ගැනීම සහ වෙළඳපොල තුල ඔබේ ස්ථාන ගත කිරීම අවබෝධ කර

ගැනීමෙනි. ඔබ ඔබේ ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් තේරුම් ගන්නා තරමට, ඔවුන්ට

අවශ්‍ය සහ අවශ්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට ඔබ වඩා හොඳින් සූදානම්

වනු ඇත.

4- ස්ථාවර පණිවිඩයක් (Consistent message) සාදාගන්න.

ඔබ කරන, ලබාදෙන සේවා තුළ, නිරතුරුව එය ශක්තිමත් කිරීමට ඔබට අවශ්‍ය

පණිවිඩය කුමක්ද? ඔබ එය කුමක්දැයි තීරණය කළ පසු, ඔබගේ සියලු සන්නිවේදන

නාලිකා හරහා එකම පණිවිඩය භාවිතා කරන්න. වැදගත්ම දේ ඔබේ ප්‍රේක්ෂකයින්

සමඟ විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනඟයි. ඔබේ ස්වරය සහ පෞරුෂය එක

හා සමානව තබා ගැනීමට අමතරව, සැලසුම් අංග (ඔබේ ලාංඡනය, වර්ණය, ඔබ අඳින

ඇඳුම, භාවිතා කරන මෙවලම් ආදිය) අඛණ්ඩව තෝරාගත් ආකාරයකට භාවිතා

කරන්න.

5- ඔබේම පණිවිඩය නිරතුරුව ප්‍රචාරය කරන්න.

සමාජ මාධ්‍ය (social media) තුල ඔබේම contents ඔබ කැමති ලෙස තෝරාගත් අංශයේ

බෙදාගන්න. YouTube, Tik Tok, Facebook, Instagram, LinkedIn, Twitter, Threads ඇතුලු සමාජ මාධ්‍ය

තුලින් ඔබේ සන්නාමය සඳහා අවශ්‍ය මාධ්‍යන් තෝරා එය තුල ප්‍රචාරය කරන්න. ඔබේම

වෙබඅඩවියක් සකසා එය තුල blogs ලෙසද,YouTube ඇතුලු අනෙක් සමාජමාධ්‍ය තුල කුඩා

විඩියෝ ලෙසද සියලු දෙනා සමග බෙදාගන්න. ඔබේ ප්‍රේක්ෂකන් සමග සම්බන්ධ වන්න.

අන්තර්ගතය නිරන්තරයෙන් වැඩි දියුණු කරන්න.

අවසානය කුමක් වුවත් මිනිසුන් ඔබ දැනුවත්ද හෝ නොදැනුවත්වම ඔබව brand කරනු

ලබයි. උදාහරණයක් ලෙස ඔබ හොඳ කරුණාවන්ත කෙනෙක් නම් සියලු දෙනා ඔබව

එසේ හදුනාගනීවි, ඔබ නිරන්තරයෙන් පරක්කු වී වැඩකරන පුද්ගලයෙක් හෝ ඉතා

කෝප පුද්ගලයෙක්නම් ඒ ආකාරයෙන්ද ඔබව brand වේ. එබැවින් ඔබ ඔබ වෙනුවෙන්

ගොඩනඟන වෙළඳ නාමය පිළිබඳව අව්‍යාජ සහ මධ්‍යස්ථ වීම ඉතා වැදගත් වේ.

බලගතු පුද්ගලික සන්නාමයක් සංවර්ධනය කිරීම ඔබට මාධ්‍ය තුළ විශේෂ වීමට, ඔබේ

ජාලය (network) පුළුල් කිරීමට, ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ කල්

පවත්නා නමක් නිර්මාණය කිරීමට උපකාරී වේ. අපි හිතුවත් නැතත් අපි හැමෝටම

පුද්ගලික වෙළඳ නාමයක් තියෙනවා. හිතාමතා නොවී එයින් උපරිම ප්‍රයෝජන

නොගන්නේ මන්ද?

සටහන

මලීෂ රන්දුනු ද සිල්වා.

Sign up for our newsletter