Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Lemon Pudding Cake

අවශ්‍ය ද්‍රව්‍ය:

බිත්තර 3

කිරි 250 ml

Lemon zest තේ හැඳි 1

Lemon යුෂ 100 ml

බටර් 50g

සීනි 200g

පිටි 50g

වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය:

– කුඩා custard cups 8 ක් බටර් තවරා සකස් කරගන්න. Oven එක සෙල්සියස් අංශක 170 ට  (non fan) කලින් රත් කර ගන්න.

– custard cups 8 තබා bake කිරීමට  අඟල් 12″x9″ බේකින් ටින් එකක් හෝ බේකින් ඩිෂ් එකක් සූදානම් කර ගන්න.

– බටර්, සීනි, lemon zest භාජනයකට දමා hand mixer එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කර ගන්න.

– ඉන් පසුව ලෙමන් යුෂ, බිත්තර කහ මද, පිටි, කිරි සහ වැනිලා කලින් සකසා ගත් මිශ්‍රණයට ටිකෙන් ටික දමා හොඳින් whisk කරන්න.

– බිත්තර  සුදු මද ඝණ මිශ්‍රණයක් වන තුරු hand mixer එකක් ආධාරයෙන් හොඳින් ගසා ගන්න.

– මෙම සුදු මද මිශ්‍රණය කලින් සකසා ගත් මිශ්‍රණයට දමා spatula එකක් ආධාරයෙන් සෙමින් මිශ්‍ර කරගන්න. (Folding method)

– දැන් මිශ්‍රණය කුඩා custard cups වලට වත් කරගන්න. එම custard cups අඟල් 12″x9″ බේකින් ටින් එකේ එකිනෙකට නොගෑවෙන ලෙස තබන්න. ඉන්පසුව උතුරාගත් වතුර custard cups තුලට නොයන ලෙස,  බේකින් ටින් එකට සෙමින්  වත් කරගන්න.

-කලින් රත් කරගත් oven එකේ විනාඩි 45-50 බේක් කරගන්න.

– මෙම lemon පුඩිම උණුවෙන් මෙන්ම සීතල වූ පසුවද පිලිගැන්විය හැකිය. තවත් රස කර ගැනීමට whipped cream හෝ berries වර්ගයක් එකතු කරන්න.

Anushka Nanayakkara

 (Diploma in Cake Decorating. RL Clement Cake School, Sri Lanka)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter