Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Lihiniya Restaurant

ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍රයෙන් එංගලන්තයේ සුද්දන්ව පිනවන ලිහිණියා..

ලංකාවෙන් දුරස් වෙලා අපි ගෙවන මේ ජීවිත වල අපිට මතක් වෙන අපේ

ආදරණීයතමයන් අතරෙ තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කාලෙ අපි

අපේ බඩ පිරෙන්න කාපු රසම රස බත් පිගානෙ, අපේ අම්මාගේ ආදරෙත් දාලා

එදා ඒ රසට සුවදට පාටට කාපු ලංකාවෙ කෑම පිගානෙ මතක් වෙනකොට

අදටත් ඔබේ කටට කෙළ උනනවා ඇති, ලංකාවෙ කෑම නං ඉතිං කාලා

තියෙන කෙනෙක් ආයෙ හොයන් ඇවිත් කන එක සැකයක් නැති

කාරනාවක්නේ, හැබැයි එංගලන්තේ වගේ ලුණු ඇඹුල්, මිරිස් තුනපන

අදුරන්නෙවත් නැති රටක ගමේ රසට අපේ කෑම හරිම ආකර්ෂණීය විදියට

පිළිගන්වමින් ශ්‍රී ලාංකේය අපූරු කෑම වට්ටෝරු ඉංග්‍රීසි ජාතිකයන් අතර

අතිශය ජනප්‍රිය කරන්නට සමත් වුන දශක තුනක ඉතිහාසයකට උරුමකම්

කියන එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකේය සිනහව තේමාව කරගනිමින්

පවත්වාගෙන යන ලන්ඩනයේ ක්‍රික්ල්වුඩ් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ තිබෙන ලිහිණියා

රෙස්ටුරන්ට් පිළිබදව සුහද කතාබහක යෙදෙන්න අපි තීරණය කරා.

කවුද මේ ශ්‍රී ලාංකේය අපේ සූප ශාස්ත්‍රයෙන් එංගලන්තෙ සුද්දන්ව පිනවන

ලිහිණියා ?

මම ලසිත ජෝතිරත්න. ලංකාවෙ කිරුළපනේ තමයි මගේ ළමා කාලය ගත

වෙන්නේ, කොළඹ මහානාම විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. අසූවේ

මුල් භාගයේ මගේ දෙමව්පියො මාව මගේ බාප්පා, නැන්දලා ගාව නවත්තලා

රැකියා කරන්න මේ රටට එනවා. නිවාඩුවක් ලැබෙන වෙලාවට නිතර ආව

ගියත් මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙනකන්ම ජීවත් වුණේ ලංකාවෙ.

1992 තමයි මම වැඩිදුර අධ්‍යාපන කටයුතුත් ස්ථිර පදිංචියටත් මේ රටට

එන්නෙ, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ රැකියා කිහිපයක්ම කරා. මට

අක්කා කෙනෙක් ඉන්නවා , අක්කා ලංකාවෙ. මේ රටේ මගේ දරුවො

හතරදෙනත් බිරිදත් එක්ක ව්‍යාපාර කටයුතු ත් කරගෙන සතුටින් ජීවත්

වෙනවා.

ලිහිණියා රෙස්ටුරන්ට් එකේ ආරම්භය ගැන අපි මතක් කරොත්?

මගේ තාත්තා උපාලි ජෝතිරත්න, අම්මා මීපාලි ජෝතිරත්න, මුලින්ම වෙනත්

තැන් වල රැකිවා කරත් පසු කාලීනව ලිහිණියා නමින් මේ ව්‍යාපාරය ආරම්භ

කරලා තියෙනවා.

අපේ අම්මා මුලින්ම පොඩි සුපර් මාර්කට් එකක් විදියට තමයි මේ ව්‍යාපාරය

ආරම්භ කරලා තියෙන්නේ, ලංකාවෙ කෑම ඒ වගේම පත්තර ගන්නත්

ලංකාවෙ බොහෝ පිරිසක් එතනට එකතු වෙලා තියෙනවා. කාලය ගතවෙද්දි

මගේ දෙමව්පියන් ලිහිණියා රෙස්ටුරන්ට් එක පටන් ගන්න තීරණය කරනවා.

ශ්‍රී ලාංකිකයන් ඇවිත් කෑම රසවිදලා යනවා වගේම අපේ සංස්කෘතික ආහාර ,

ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය විදේශිකයන් අතර ප්‍රචලිත කරන එක

තමයි එයාලගේ අරමුණ වෙලා තියෙන්නෙ.

දෙමව්පියන් ආරම්භ කරපු මේ ව්‍යාපාරය දැං ඔබ අතට පත් වෙලා තිබෙනවා,

ඔබේ අරමුණු ගැන කතා කරොත්?

මට මේ ව්‍යාපාරය දෙමව්පියන් භාර දෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ.මගේ

අරමුණ වෙන්නෙත් මගේ දෙමව්පියන්ගේ වගේම අපේ ශ්‍රී ලාංකික කෑම

විදේශිකයන්ට හදුන්වා දෙන එක වගේම ලංකාවෙන් ඈත් වෙලා මෙහෙ ජීවත්

වෙන ශ්‍රී ලාංකික අපේ පිරිසට ඇවිත් කෑම රසවිදලා යන්න අවස්ථාව සළස්වන

එක. ලංකාවෙ සංචාරය කරපු බොහෝ විදේශිකයන් ලංකාවෙ කෑම

හොයාගෙන අපේ අවන්හලට එනවා. අපි සෑම සෙනසුරාදා දිනකම මැටි භාජන

වල පිළිගන්වන බුෆේ එකක් තියෙනවා. අපේ සංස්කෘතික කෑම තමයි එදාට

තියෙන්නෙ. ලාංකිකයින් වගේම විදේශිකයින් දෙපිරිසම මේ බුෆේ එක හරිම

කැමැත්තෙන් රස විදිනවා. විදේශිකයින් ට එය වෙනස්ම අත්දැකීමක් වගේම

අපේ ලාංකිකයින් ට එය විශේෂ අත්දැකීමක්.

ලිහිණියා රෙස්ටුරන්ට් කාර්ය මණ්ඩලය ගැන අපි මතක් කරොත්?

දැනට ලංකාවෙ හතර දෙනෙක් මාත් එක්ක වැඩ කරනවා. මගේ බිරිඳත් පුතත්

මාත් එක්ක මේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා, මගේ

දෙමව්පියො ආරම්භ කරපු ව්‍යාපාරය මම පවත්වගෙන යනවා දෙවනි

පරම්පරාව නියෝජනය කරමින් ඒ වගේම තුන් වෙනි පරම්පරාව විදියට මගේ

පුතා මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න එක මට ලොකු සතුටක් ඒ

වගේම ලොකු ශක්තියක්.

ව්‍යාපාරයේ ඉදිරි සැළසුම් මොනවගේද?

මේ රෙස්ටුරන්ට් එක තවත් දියුණු කරන්න වගේම තවත් ශාඛාවක් පටන්

ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තව කිහිප දෙනෙක් කාර්ය

මණ්ඩලයට එකතු කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවට ජීවත්

වෙන රැකියාවක් හොයන කැමැත්තක් තියෙන අයට අපිත් එක්ක කතා කරලා

එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා.

අවසාන වතාවට අපි මැගසින් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

ඇත්තටම අද මේ ලංකාවෙ හැමෝම එකතුවෙලා පවත්වගෙන යන අපි

මැගසින් එක ගැන ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඉස්සර

තාක්ෂණය අද වගේ දියුණු නැති කාලෙ අපේ තාත්තයි අම්මයි තමයි ලංකාවෙ

පත්තර අපේ වෙළෙඳසැල හරහා බෙදාහැරියේ. ඊට අමතරව නිව්ස් ලංකා,

ලංකා විත්ති , වොයිස් ඔෆ් ලංකා වගේ එංගලන්තයේදී ශ්‍රී ලාංකිකයින්

වෙනුවෙන් නිර්මාණය කරපු පත්තරත් ඔවුන් බෙදා හැරලා තියෙනවා.ඒ කාලෙ

තිබුණ සියලුම පන්සල් වලට සෑම සතියකම පත්තර බෙදාහැරලා තියෙනවා.අද

තත්වෙ ගොඩක් වෙනස්. තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා මේ වගේ

දේවල් සංවිධානය කරගෙන ලංකාවෙ හැමෝම එක තැනකට එකතු කරලා

තියෙන එක ගොඩක් වටිනවා. අපිටත් සම්බන්ධ වෙලා උදව් කරන්න පුළුවන්

නං අපිත් හරිම සතුටුයි. රෙස්ටුරන්ට් එකට දාලා මැගසින් එක ප්‍රමෝට් කරන්න

අපේ අය අතරට යවන්න පුළුවන් නං අපි ඕනිම වෙලාවක සූදානම්. ඇත්තටම

අගේ කරන්න ඕනි සේවාවක් ඔයාලා එකතු වෙලා කරන්නෙ.

කේෂි රාජපක්ෂ

Sign up for our newsletter