Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

The “Era of Global Boiling” has Arrived 

The “Era of Global Boiling” has Arrived 

ලෝකයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උණුසුම් ම මාසය පසුගිය ජුලි මාසය බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. සමහර පරේෂකයන් විශ්වාස කරන්නේ ගෙවුනු වසර 120,000 වඩා කාලයේ මෙතරම් උණුසුම් මාසයක් වාර්තා වී නොමැති බවයි. වාර්තා වන මෙම අධික උෂ්ණත්වයට ප්‍රධානතම හේතුව පොසිල ඉන්ධන දහනය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අතර පසුගියදා පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ප්‍රකාශ කරන්නේ ලෝකය global boiling යුගයකට ඇතුළු වෙමින් සිටින බවයි. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මේ වන විට ලෝකයට පවත්නා ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාස යන්න කිසිවෙකුට බැහැර කල නොහැකි තර්කයක් බවයි.

ලොව පුරා පිහිටුවා ඇති කාලගුණික මධ්‍යස්ථාන වල වාර්තා වන උෂ්ණත්ව අගයන් ලබා ගනිමින් පරේශකයන් විසින් ගෝලීය උණුසුම ගණනය කරයි. කෙසේ වෙතත් ලෝකය පිලිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා දීමට තරම් දේශගුණික මධ්‍යස්ථාන ලොව පුරා නොමැති වීම හේතුවෙන් ලබාගත හැකි දත්ත සමඟ වායුගෝලයේ වෙනත් සමහර මිණුම් පරිඝණක පද්ධතියකට ඇතුළු කර ලබා ගන්නා සාමාන්‍යය අගය, ගෝලීය උණුසුම වශයෙන් ඔවුන් ගණනය කරයි. දත්ත රැසක එකතුවෙන් ලබා ගන්නා මෙම අගය විශ්වාසවන්ත අගයක් බව විද්‍යාඥයන් විශ්වාස කරයි.

ජූලි මාසයේ පළමු දින 25 සඳහා වාර්තා කල සාමාන්‍ය ගෝලීය උණුසුම් අගය 16.95C වන අතර එයින් ජුලි 6 වනදා ලෝකයේ උණුසුම් ම දිනය ලෙස සැලකේ. ගෙවුණු මාසයේ දින 23කදීම වාර්තා කල උණුසුම් අගයන් ඉතිහාසයේ මින් පෙර වාර්තා වූ සියළු උණුසුම් අගයන් ඉක්මවා ගිය අතර ඒ හේතුවෙන්ම 2023 ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය ලෙස නම් කිරීමට ඔවුන් තීරණය කර ඇත.

මේ වන විටත් ඇමරිකානු එක්සත් ජනපදය, නැගෙනහිර යුරෝපය, අප්‍රිකානු කලාපය සහ චීනය ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයක් දැඩි උණුසුමකින් පීඩා විඳින අතර එය ගෝලීය උණුසුම තහවුරු කිරීමට කදිම සාක්ෂියක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් යුරෝපය උණුසුමින් දැවෙද්දි එක්සත් රාජධානිය අසාමාන්‍ය සීතල කාලගුණයක් වාර්තා කරන නමුත් ඉදිරි කාලයේදී එක්සත් රාජධානියද දැඩි උණුසුමක් බලාපොරොත්තු විය යුතු බවයි කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කරන්නේ.

තිලාන් ජයසේකර

Sign up for our newsletter