ආත්මාභිමානය අපි හැම කෙනෙක් තුළම වර්ධනය විය යුතු අනිවාර්ය සාධකයක් ලෙස පෞද්ගලිකව මම දකිනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් භෞතික හා ආධ්‍යාත්මික ජයග්‍රහණ හමුවේ නිහතමානීව සතුටුවීමට මෙන්ම, කොපමණ උත්සහ කළත් තමාට ළඟාවීමට නොහැකි වූ දිනුම් කණු අභිමුව යළි ප්‍රකෘති තත්වයට පත්වීමට තමා තුළ තිබූ ශක්‍යතාවට කෘතවේදී වියයුතුයි. ඒ ගැන නිතර සිහිපත් කළ යුතුයි. ඒ තුළින් තමාට තමා කෙරෙහි ඇතිවෙන අභිමානය ඉතා ප්‍රබල සිතිවිල්ලක් .
ආත්මාභිමානය හේතුවෙන් ඕනෑම පුද්ගලයකුට තමා ගැන ප්‍රියමනාප බවක්, ආදරයක් වගේම විශ්වාසයක් ගොඩ නැගෙනවා. එය කෙනෙක්ගේ මානසික ඒකාග්‍රතාව තහවුරු කරන උත්තේජකයක්.
අනිත් අතට, ඔයා ගැන හොඳින්ම දන්නේ ඔයා. හැකි හැම වේලාවකම තමන්ගේ අවංක උත්සාහයන් පිළිබඳව තෘප්තියක්, සාධාරණ තක්සේරුවක් පවත්වාගැනීමට වගබලා ගනිමු. මොකද මේ සිතිවිලි ක්‍රියාදාමය, අද දවසේදී වගේම හෙට දවසේදීත් ඔබව නිවැරදි ඉලක්ක හා අනපේක්ෂිත අභියෝග සාර්ථකත්වය ජයගැනීමට සුදුසු පුද්ගලයකු බවට පරිවර්තනය කරන නිසා.
ඔබේ වීරයා විය යුත්තේ ඔබයි. ඔබ මුහුණ දෙන සෑම අභියෝගක්ම, හෙට දවසේ ඔබ ඇතුළු ඔබේ ආදරණීයයන්ගේ සිනහව වෙනුවෙන් අද කරන කැපකිරීමයි. ඉතින්, කාටත් කලින් ඔබ ඉහළට ඔසවා තැබිය යුත්තේ ඔබමයි.
දිමුතු සේනාදි