Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024-Feb-03

එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ

යටහත් වීම දාසයෙක් වීමේ ක්‍රියාවක් ලෙස ජේසුස් වහන්සේව නොදන්න

සෙනඟ සලකයි. අප දකිනවා රැකියා කරන ස්ථාන තුළදී අපට වඩා ඉහළින්

සිටින නායකයන්ට අපි යටත්ව සිටිය යුතුයි.සමහර ස්ථානවල දාසයන් මෙන්

යටත්ව සිටිය යුතුයි. නමුත් මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි මා ඔබට මෙම

ස්ථානයේදී පෙන්වන්නේ අපි දෙවියන් වහන්සේට යටහත් වන විට උන්වහන්සේ

අපට බලවත් ලෙස ආශිර්වාද කරන ආකාරය ගැනයි.

ඔබ මොහොතක් සිතන්න ඉහත බයිබල් පදය ගැන. එහි ප්‍රකාශ කර ඇති

ආකාරයට අපි දෙවියන් වහන්සේගේ බලවත් හත්සයට යටහත් වෙනවා නම්

උන්වහන්සේ සුදුසු කාලයේදී ඔබව මාව උසස් කරන්න යනවා.

ඒවගේම අපට තවත් ආශිර්වාද අත්පත් කර ගැනීම සඳහා අපි දෙවියන්

වහන්සේගේ දාසදාසියන්ට යටහත්ව සිටිය යුතුව තිබේ.

"ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන්

ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු

වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට

සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ."

මෙම බයිබල් පදය දෙසත් ඔබගේ මනස ඉතා හොඳින් යොමු කර බලන්න එවිට

දෙවියන් වහන්සේ ඔබට කතා කරනු ඇත.ඔබ ඔබගේ දේවදාසයන්ට දාසියන්ට

කීකරු වී අවනතව ඔවුන්ගේ හදවත් නොරිදවා ජීවත් වන්න එවිට ඔබ බොහෝ

ආශිර්වාද ලබයි. ඒවගේම ඔබ මොහොතක් කල්පනා කර බලන්න ඔබව

මෙලොවට ජාතක කළ පියාට ඔබ යටත් නොවනවා නම් එම පියා ඔබට

ආශිර්වාද කරනවද?….නැහැ නේද?…

එම නිසා මාගේ ප්‍රේමවන්තයෙනි ජීවිතය ජය ගැනීමට නම් දෙවියන්

වහන්සේගේ කැමැත්තට ඔබ මම යටත් විය යුතුමයි.

ජේසු පිහිටයි!!

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා කියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ

නාමයෙන් මම ප්‍රකාශ කර සිටිමි..ආමේන්!

ඉවෙන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.

Sign up for our newsletter