Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තරුණකම හැකි ඉක්මනින් භාවිතා කරමු!

තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම වගේම අභියෝගාත්මක අවධියයි. ඒ සුන්දරත්වයට අපි සියලුම දෙනා ආශා කරන අතර ඒ කාලයේ අසිරියවිඳින්නට අපි සියලුම දෙනා තුළ පවතින්නේ දැඩි කැමැත්තක්.මනෝවිද්‍යාත්මකව තරුණ විය හදුන්වන්නේ ජිවිතයේ හැඟීම්බරතමකාල සීමාව ලෙසයි. ජිවිතය පිළිබඳ අත්දැකීම් ලබන්නට පෙරුම් පුරන අවධියේ දී තරුණ තරුණියන් ලෙස ජීවිතය හමුවේ අභියෝග රැසක්‌ පවතී. ඔබ ඔබේ ජීවිතය හමුවේ එන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නව යොවුන් වියට එළඹෙද්දීම සූදානම් විය යුතුයි. කායිකව හා මානසිකව වැඩි ශක්තියක් පවතින කාලයේ දී මේ ජවය, ශක්‌තිය යොදා ගනිමින් අලුත් අලුත් දේ කරන්නට සිතෙන, නව නිපැයුම් අත් හදාබැලීමට යොමුවන කාලයයි. සාම්ප්‍රදායික මත වාද පිලිබද නොතකමින්යමින් අලුත් මතවාදයන් සමඟ උරෙන් උර ගැටෙමින් මේ කාල සමයේ දී තරුණ ඔබ ඔබේ ජීවිතය හමුවේ පවතින අභියෝග හදුනා ගත යුතු අතර ඒ සඳහා සාර්ථවක මුහුණ දීම ද අත්‍යාවශ්‍යයි. මෙසේසාර්ථකත්වයට යෑමට නව යොවුන් විය පටන් ගැන්මේ පටන්ම ඒ සදහාසූදානම් වීම අවශ්‍යයි.

දැන් අපි බලමු මේ අභියෝග හදුනාගන්නේ කොහොමද කියලා.තාරුණ්‍ය කිනේනේ හැඟීම්, සිතුම් පැතුම් වර්ධනය වන කාල වකවානුවකි. ආදරය, රාගය වැනි තාරුණ්‍ය හා බැඳී පවතින හැඟීම් ඇති වන්නේත් වර්ධනය වන්නේත් මේ කාලය තුළයි. තරුණ තරුණියන් බොහෝ පිරිසකට තමන්ට තමන්වත් තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයට ජීවිතයේ වෙනස්‌කම් රැසක්‌ සිදුවන අවධියකි. එසේමනොයෙකුත් දෑ අත් හදා බැලීමට පෙලඹෙන්නේද මේ කාල සීමාවතුළය. එම වෙනස්‌කම් නිවැරදිව හදුනා ගතයුතුයි. තමන්ට තමන්වහදුනා ගැනීමට අතපසු වීම මේ අවධියේ තරුණ ඔබ හමුවේ පවතින සුවිශේෂම අභියෝගයකි. තාරුණ්‍යයේ පසුවන ඔබේ සිතුවිලි විවිධාකාරයි. ඒ හැඟීම් තේරුම් ගන්නට නොහැකි තරම් ඔබේ සිතුවිලි චංචලයි. මෙය වැඩිහිටියන් මෙන්ම ජීවිත ගමනට සැරසෙන ඔබත්අත්‍යවශ්‍යයෙන්ම හදුනාගත යුතුමයි. 

හැඟීම් වලට වහල් වී ජීවිතය ජය ගන්නට උත්සාහ දරන ඔබට ජීවිතයේ යථාර්ථය නොපෙනී යන කාල වකවානුවකි. තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය රැක ගැනීමට ඔබම උත්සාහ ගත යුතුයි. හැඟීම් සමඟ ඇති වන මානසික අරගලය නිසා ඔබට නොදැනීම ඔබේ ජීවිතයේ විවිධ වෙනස්‌ වීම් ඇතිවිය හැකියි. නමුත් මේ මානසික අරගලය නිසා ඔබේ ජිවිතය අතරමං කරගන්න එපා. මෙහිදී හදවතටමූලිකත්වය නොදී බුද්ධිය ක්‍රියාත්මක කලයුතුයි. ජීවිතයේ සුන්දරතම කාලවකවානුව එනම් තාරුණ්‍යයේ දී ඔබේ ජීවිතයේ සුන්දරත්වය විඳින්න. එය ඔබේ ජීවිතයේ සාර්ථක ඉදිරි ගමනට මඟ පාදනු ඇත. 

බොහෝ විට තරුණ අවධියේ හැඟීම් වල සිදුවන වෙනසත් සමඟම ඔබට දෙමාපියන්, ඥතීන් සමඟ තම ආශාවන් සහ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම අපහසු වේ. ඒ නිසාම නිතර නිතර ගැටුම් ඇති කර ගනී. තාරුණයේ පසුවන ඔබේ හැඟීම් නිතර නිතර ඒ මේ අත ගමන් කරන නිසාම බුද්ධියට කලින් හිත ඉක්‌මන් වන අවස්‌ථා බොහොමයි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. 

සම වයසේ පසුවන ඔබේ මිතුරන් සමඟ ඇසුරුකම් පැවැත්වීමේ දී ඔබට ඒ ගැන අවබෝධයක්‌ පැවතිය යුතුයි. සම වයස්‌ කණ්‌ඩායම් හා ඇසුරු කිරීමේ දි විශේෂයෙන් ඒ අයගෙන් ඇතිවන විවිධ බලපෑම් වලට හසු නොවී ඔබේ අරමුණු කරා ගමන් කළ යුතුයි. කුඩා අවධියේ සිටමඅරමුණු ගොඩ නගා ගනිමින් ඒ අරමුණු ජය ගැනීමට වෙහෙසෙන සිහින දකින ඔබ කිසි විටකවත් කුමන හේතුවක්‌ නිසාවත් ඔබේ අරමුණ අමතක නොකර ගතයුතුයි. එසේ වුවහොත් කවදා හෝ දිනක ඔබට ඔබේ ජීවිතය ගැනම විශාල කලකිරීමක්‌ හට ගනී. තාරුණ්‍යයේ ඔබේ ජීවිතය සුන්දරව විඳිය යුතුයි මිස විඳවිය යුතු නොවේ. 

තවද මෙම සමාජ අත්දැකීම් සාර්ථක ජිවිතයකට පාර කියා දේ. සමාජය තුළ ඒ ඒ කාල වලට විවිධ සමාජ රැලි ගොඩ නැගේ. ඒවායන්පළමුවෙන්ම බිල්ලට හසුවන්නේ ඔබේ ජීවිතයයි. එය බොහොමයක්‌ තරුණ ජීවිත වලට අමතක වී ගොස්‌ ඇත. තාරුණ්‍යයේ පසුවනබොහෝ දෙනෙක්‌ විවිධ සමාජ රැලි වලට හසු වනතුරුම දන්නේ නැති තරම්. විවිධ වාණිජ්‍ය උපක්‍රම වලට හසු වී තරුණ ඔබේ ජීවිත අතරමං නොකර ගෙන සැබෑ තාරුණ්‍ය ජිවිතයේ සුන්දරත්වය විඳින්න. වාණජ්‍යඋපක්‍රම වලට හසු වී විවිධ අත්හදා බැලීම් සිදු කරන්නට පෙළඹෙන්නඑපා. තරුණ හිත් බොහෝ සෙයින් සංවේදී නිසාම ඒම සංවේදී බවින් ප්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙක්‌ පෙළ ගැසී ඔබ දෙස බලා සිටිනවා. ඔබේ ජීවිතය ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බිලි නොදෙන්න. ඔබම ඔබේ ජීවිතය ආරක්‌ෂා කරගන්න වෙහෙස ගන්න. සියලුම දේ වාණජ්‍යකරණය වු මේ සමාජයේ ඔබේ තරුණ වියත් විකිණීමට ලක්‌ කරන්න එපා. 

ආකර්ශනය පසුපස හබා යන්නට වෙර දරන තාරුණ සමයේ දි ඔබේ සිතින් බොහෝ දේ ගිලිහී යා හැකියි. බාහිර ආකර්ශනයෙන් පමණක්‌ සිතුවිලි පුරවා නොගන්න. ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් ඉදිරියට ගමන් කරන්නට උත්සාහ ගන්න. තරුණ ඔබ සතුව විවිධ කුසලතා රාශියක්‌ සැඟවී තිබෙනවා. ඔබ ඒ හැකියාවන් හදුනා ගත යුතුයි. හැකියාවන් ඔස්‌සේ ඉදිරියට ගමන් කිරීමට වෙහෙස ගන්න. එය ඔබට ඔබේ ජිවිතයේ සැබෑ මඟ කියා දේවි. විලාසිතා තරුණ ඔබේ ජීවිතයට අවශ්‍යයි. ඒ තුළින් ගොඩ නගා ගන්නා ආකර්ශනය ද ඔබේ තුරුණු වියට අවශ්‍යම බව සැබෑවක්‌. නමුත් විලාසිතා මුවාවෙන් එන විවිධ රැවටීම් වලට හසු නොවන්න. 

තරුණ වියට එළබෙත්ම ඉගෙනුමට මෙන්ම ජිවිතයේ අභියෝග ජයගන්න ඔබම සැලසුම් සකසා ගත යුතුයි. ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. ඒ දැනුම ඔබට ලබා ගත හැකි වන්නේ පාසලකින්වත් කිසිදු පාඨමාලාවක්‌ හදාරාවත් නොවේ. පොතපතේ දැනුමට ඒහා ගිය සමාජ දැන්මකින් ඔබ පෝෂණය විය යුතුයි. විවෘත මනසකින් සමාජය දෙස බැලිය යුතුයි. එසේ වුවහොත් ඔබට සමාජ රැල්ලට හසු නොවී ජීවිතයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇත. හැමදාමත්හැමදෙයකින්ම ජිවිතය ගැන පාඩම ඉගෙන ගතයුතුයි. සමාජ දැනුමෙන් තරුණ ඔබ සන්සද්ධ විය යුතුයි. 

තමන්ගේ හැකියාවන් හදුනාගන්න. ඔබ සියලුම දෙනා සතුවම ඕනෑම අභියෝගයක්‌ ජය ගැනීමේ ස්‌භාවික ශක්‌තිය පවතිනවා. එය තමා විසින්ම කතමන්ගේ ජීවිතයෙන් මතු කර ගත යුතුයි. තමන් සතු කුසලතාවන් හදුනා ගෙන එම කුසලතාවන් දියුණු කර ගත යුතුයි. ඔබේ ජීවිතයේ ඔබ හමුවේ පවතින අභියෝග ජය ගන්න නිවැරදි තීරණ ගත යුතුයි. තරුණ ඔබ විශේ ෂයෙන්ම අන් අයගේ මත වලට ඇහුම්කම් දිය යුතුයි. තරුණ ඔබේ ජීවිතය හමුවේ ඇති අභියෝග ජයගන්න තමා සතු ආත්ම විශ්වාසය ශ පෞර්ෂය නංවා ගැනීම වඩා වැදගත්.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda| Motivational Speaker| Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM

Sign up for our newsletter