Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

එංගලන්තයේ නිවාස සිහිනය සැබෑකරන අපේ ලාංකිකයා

රොෂාන් විතාරණගේ  කියන්නෙ කවුද? ඔයාගෙම වචනෙන් කිව්වොත් සහ පවුලෙ විස්තර ටිකක් කිව්වොත්

රොෂාන් විතාරණගේ  කියන්නේ team එකක්. මම තනියම වැඩකරන කෙනෙක් නෙවෙයි.හැම මොහොතකම මගේ පිටුපස ශකිතිමත් කණ්ඩායමක් ඉන්නවා.එය හරිම අපූරු බැදීමක්. එකිනෙකට උදව්කරන, ශකිතියක් උන, මහා පෞරක් වගේ දෙයක්. අපිට හැමදාම සුන්දර දවස් තිබුනේ නෑ . අමාරු හැම අවස්ථාවකම එකට මුහුණ දීලා, පෙරට වඩා හොදින් ඉදිරියට යන්න අපිට හැකියාව ලැබුනේ මේ කණ්ඩායම් ශක්තිය .

මගේ පවුල ගැන කතකොලොත්, මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ . මට සහෝදරයින් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේලංකාවේ. මගේ බිරිඳ, දුවල දෙන්නා බ්‍රිතානයේ මා සමග ජීවත් වෙනවා. මගේ පවුල මට හැමවිටම ශක්තියක්.

BVS ගැන කතාකරොත්, එංගලන්තෙට ඇවිල්ලා තමන්ගෙම කියලා දෙයක් ආරම්භ කරන්න හිතුනද නැත්තම් වෙන කාගෙහරි අදහසක් එක්ක ආපු දෙයක් ද?

මට, මගේම කියල දෙයක් පටන්ගන්න හීන දැකපු කෙනෙක්.BVS කියන්න මටයි මගේ බිරිදටයි අපු අදහසක්. BIZVIZ Solutions කියලා  තමයි  අපි මුලින්ම 2010 දී  වියාපාර ලෝකෙට ඇතුල් උනේ. 2018 වෙනකොට අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා, අපිට පොඩි කණ්ඩායමක් සිටියා. අපිව විශ්වාස කරන පොඩි පාරිභෝගිකයින් පිරිසක් ගොඩනගාගන්නට හැකියාව ලැබුණා. ඒක බාධා මැදින් ආව සුන්දර ගමනක්. හැමදවසක්ම වෙනස් දවසක්. වෙනස්  පාරිභෝගික අවශ්‍යතා.වෙළඳපොල වෙනස් වීම්. කණ්ඩයමේ වෙනස් වීම්. මේ හැම  දෙයක්ම අපිව ඉදිරියට අරගෙන යන්න උදව් උනා. 

2018 දී අපි BVS Brand එක ස්ථාපිත කලා. එය BIZ VIZ Solution එකේ මුල් අකුරු තුන එකතුකරලා හැදුවේ. මම හීන දැක්කේ අලුත් දෙයක් වෙනස් විදියට කරන්න.BVS Brand එක හැදුණේ මගෙයි මගේ බිරිදගෙයි ඒ හීනේ ප්‍රතිපලයක් විදියට.අපි මුලින්ම Mortgage Industry එකට ඇතුල් වුණා. ඉන්පසුව Accounting practice එක BVS නමින් rebrand කලා. ඉන්පසුව BVS Legal , BVS Consultancy සහ BVS Digital Marketing business පටන් ගත්තා.ඉදිරියේදී තව බොහෝ දේවල් කරයි කියලා බලාපොරොත්තු තියාගන්න අපේ පාරිබෝගිකයන්ට පුලුවන්.

රොෂාන්ගෙ තියෙන දැනුමත් එක්ක එංගලන්තයේ වසර ගානක් Mortgage පැත්තට තිබුන පලපුරුද්දත් එක්ක තමන්ගෙ ව්‍යාපරයේ පුලුල්වීමක් අපි දැක්කා. ඒ ගැන කිව්වොත්

මම මේ පැනයට පිළිතුරු දෙන්න එංගලන්තයට එන්න කලින් මම ගැන කියලා ඉන්නම් . මම පොඩි කලේ ඉඳලා ක්‍රීඩා වලට ගොඩක් ඇලුම් කල කෙනෙක්. කණ්ඩායම් ශක්තිය ගැන කියලා දුන්නේ ක්‍රීඩා දිවිය කියලයි මට හිතෙන්නේ. මම උසස් පෙළ ගණකාදිකරණය විෂය ධාරාව හැදෑරුවේ. එය මට මුල්‍ය ශේෂ්ත්‍රයේ දැනුම දුන්නා. විශ්වවිද්‍යලට ගියේ Marketing ඉගෙන ගන්න.මේ Finance සහ Marketing දැණුම විශාල අතවැලක් උනා ව්‍යාපාර ලෝකයට ඇතුල් වෙන්න. 

එංගලන්තයට ඇවිත් මම වසර 7ක් London Real Estate Agency එකක Accountant කෙනෙක් විදියට වැඩකලා. 2014 වෙනකොට මට පුළුවන් උනා Professional Land Lord කෙනෙක් වෙන්න.මේ හැම දැනුමක්ම එකතු කරගෙන තමයි ව්‍යාපාර ලෝකයට ඇතුල් උනේ.

මගේ කණ්ඩායම තරුණ ජවයක් තියෙන, වෙනස් හැකියාවන් වලින් පිරුණ කණ්ඩායමක්. ඒක නිසා වියාපාරයෙ පුලුල්වීම ඉක්මන් උනා. අපේ team එකේ ශක්තියත් එක්ක අපි තව ඉදිරියට යයි.

ඔබගේ ව්‍යාපාර ජාලයට අපේ ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන කතාකරොත්.

අතිවිශිශ්ටයි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපි මුලින්ම ඉලක්‌ක කළේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්. පසුගිය වසර 5 තුල ඉතා සාර්ථක ලෙස ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, ඔවුන්ගේ අවශ්‍යතා උපරිමයෙන්ම සපුරාලන්නට BVS කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන්ගේ නිර්දේශය තමයි අපේ ඉහලම වත්කම. මට සතුටින් සඳහන් කරන්න පුළුවන්, අපි ශ්‍රී ලාංකිකයින්ගෙන් ආරම්භ කරලා, මේවනවිට අනෙකුත් පාරිභෝගික ප්‍රජාවන් වලටත් සාර්ථක ලෙස සමීප වී තිබෙනවා. 

මගේ කණ්ඩයමේ ඉන්නෙ ශ්‍රී ලාංකියින්. ඔවුන් එංගලන්ත වෙළඳපොලෙන් ගන්න දැනුම, ශ්‍රී ලාංකිකයන්ට ගැලපෙන ආකාරයට රිසිකරණය කර ලබාදෙනවා. ඒනිසා ඔවුන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගන්න පුළුවන්. 

මම මගේ ශ්‍රී ලාංකිකයන්ට මුළු හදවතින්ම ස්තුති වන්ත වෙනවා අපිව විශ්වාස කර අපගේ සේවාවන් ලබාගැනීම පිළිබඳව. ඔවුන් දුන් ධෛර්යය මේ ගමන එන්න ගොඩක් උදව් උනා. ඔවුන්ගේ සහයෝගය ඉදිරියට එහෙමම බලාපොරොත්තු වෙනවා.

එංගලන්තයේ ජීවත්වෙන අපේ අයගේ මූලික වෙන දෙවල් තමයි ගෙයක හෝ ව්‍යාපරයක සිහිනය. ඒ සිහිනයට යන්න පුලුවන් කාටද සහ කොහොමද කියලා කෙටියෙන් දැනුවත් කරොත්

කෙටියෙන්ම කිව්වොත්  , ගෙයක සිහිනය විශාල ආයෝජනයක්, මම අවුරුදු 33 ක් rent එකට හිටියෙ. හරියටම අවුරුදු 20 කට කලින් ලන්කාවෙ 1 bedroom Rental flat එකක අපි 6 දෙනක් සිටියා. අමරු කාලයක්. තමන්ගෙම කියලා ගෙයක් තිබීම කියන සිහිනය මම හොදටම අදුරනවා. මේ සිහිනය හමෝටම ලගාකර දීම තමයි මගේ සහ BVS Mortgages කණ්ඩායමේ සිහිනය වෙලා තියෙන්නෙ.

ව්‍යාපාරයක් සාර්ථක කරගන්නවා කියන එකත් ගොඩ දෙනෙකුට තියෙන සිහිනයක්. ඒ සිහිනය හැමෝටම සැබෑ කරගන්න පුළුවන්, හැබැයි එකට ලොකු විශ්වාසයක්,  උනන්දුවක්, කැපවීමක් සහ සැලැස්මක් තියෙන්න ඕනේ.සමහර විට හොඳ මගපෙන්වීමක් තිබුනොත්, ඒ සිහිනිය සැබෑ කරගන්න තවත් පහසුයි. BVS Accounting කණ්ඩායම ස්ථාපිත කළේ අන්න ඒ මගපෙන්වීම අවශ්‍ය අයට ලබාදෙන්න. ඒක ටිකක් ගැඹුරින් කතාකරන්න අවශ්‍ය මාතෘකාවක්.  එකිනෙකාගේ සිහින වෙනස්. එකම සැලසුම හැමකෙනාටම ගැලපෙන්නේ නෑ. හැබැයි ඒ හැම හීනයක්ම සාක්ෂාත් කරගන්න පුළුවන් කියල මම නැවතත් කියන්න කැමතියි.

ව්‍යාපාර කටයුතුත් එක්ක ලංකාවෙ community එක රොෂාන් Handle කරන්නෙ කොහොමද?

ගොඩක් දෙනෙක් හිතන්නේ  ව්‍යාපාරයක  යෙදෙනවා කියන්නේ මුළු ජීවිතයම ඒවෙනුවෙන් යොදවන්න ඕනේ කියල. ඒක වැරදි වැටහීමක්. අපි සාර්ථක  ව්‍යාපාරිකයෙක්නම් හැමදෙයක්ම සමබර කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මගේ කාලය ව්‍යාපාරයට, මගේ පවුලේ අයට, මගේ කණ්ඩායමට වගේම ශ්‍රී ලාංකික මිතුරන්ට සමබරව ලබාදෙනවා. අපි හැමමෝම ජීවත් වෙන්නේ උපන් බිමේ නෙමේනේ. ශ්‍රී ලාංකික මිතුරන් සමග කාලය ගෙවීම හරිම සතුටක්. අපේ කම තදින් දැනෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවකට උදව් කරන්න ලැබුනාම හරි සතුටක් දැනෙනවා. මම පුළුවන් හැම වෙලාවේම ශ්‍රී ලාංකික මිතුරන් සමග ඉන්නවා. 

මම ඒ හැමදෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. මොකද, ඒ හැමෝගෙම උදව්ව, සහයෝගය,විශ්වාශය මගේ මේ ගමන එන්න විශාල රුකුලක් උනා.ලන්කාවෙ community එකේ සහයෝගයට බොහොමත්ම ඉස්තුතියි.

අපි දැක්කා සමහර තැන්වලදි ඔයාගෙ ව්‍යාපරයත් එක්ක ඉන්න ලොකු Team එකක්. ඒ ගැන මොනවද කියන්න තියෙන්නෙ.

ඒ තමයි මගේ වත්කම, හයිය. මගේ කණ්ඩායම විවිධයි. වෙනස්  හැකියාවන් තියෙන, වෙනස් විදියට හිතන, හැමෝටම උදව් කරන කණ්ඩායමක්. ඇත්තටම මම හරි ආඩම්බරයි මගේ කණ්ඩායම ගැන. මට විශ්වාසයි අපිට ලොකු ගමනක් යන්න මේ ශක්තිය පිටුවහලක් වෙයි කියල.

අපේ විදියට ඇහුවොත්, ලංකාවෙ අපේ අයව ගොඩදාන්න පුලුවන් නම් ඔයාගෙ මගපෙන්වීමෙන් ඔයා කොහොම තැනකද ඉන්නෙ සහ රොෂාන් ගෙ ඉදිරි සැලසුම්

අනිවාර්යෙන්ම. ඕනෑකමක් තියෙනවනම්, මගපෙන්වීම කරන්න මම සුදානම්. මම පටන් ගත්තේ හරිම සුළුවෙන්. පියවරෙන් පියවර. මේ වසර ගණනක  අත්දැකීම් තව කෙනෙක්ගේ හීනයක්  සැබෑ කර ගන්න  උදව් වෙනවා දකින එක තමයි  මගේ සතුට. මම විවෘත ආරාධනාවක් කරනවා, අපිට කතාකරන්න, එක පියවරක් තියන්න.හෙටට කල්ද දමන්න එපා. හැමදාම පුංචි පියවරක්න්නෙ තියන්න ඕනෙ. දන්නේම  නැතුව ලොකු ගමනක් යයි.

අපිට ඉදිරි සලසුම් ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදී දකින්නට සලස්වන්නට team එක prepare වෙමින් ඉන්නවා.

මගේ අන්‍තිම ප්‍රශ්නෙ, අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ

මට හිතෙන්නේ අපි Magazine එක එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් මහගු මෙහෙයක් ඉටු කරන්න උත්සහ කරනවා. විවිධ මාතෘකා ඔස්සේ අපේ රසිකයන්ට තොරතුරු ගොනුකර දෙනවා.ගයාන් සහ කණ්ඩායම දරන මේ වෑයම අගය කරනවා. අලුත් දෙයක් අලුත් විදියකට කරන්න හදන කණ්ඩායමක්. අපි ඔබලාට හදවටතින්ම සුබ පතනවා.

Sign up for our newsletter