Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-01

මොහොතක් සිතන්න

(රෝම 6:23)

"මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත්

දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමීවූ

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය."

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි මොහොතක් ඔබ

ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. ඉහත බයිබල් පදය

දෙස ද ඔබගේ මනස හොඳින් යොමු කරන්න.

ඔබ තවමත් පාපය තුළ ජීවත් වෙන කෙනෙක්ද….? එසේ නම්

ඔබ සිටින්නේ මරණය අභියසයි. මගේ ප්‍රේමවන්ත

සහෝදරියනි ඔබගේ ජීවිතයේ විනාශයට ඉඩ නොදී පාපය

නමැති මාරයාගෙන් ගැලවී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්

සදාකාල ජීවනයට ඇතුල් වෙන්න. මන්ද පාපය ඔබගේ

ජීවිතය විනාශ කරයි ඔබගේ ප්‍රීතිය, සමාදානය, ආශිර්වාදය

ඔබගෙන් අහිමි කරයි.

නමුත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ වෙනස්

වෙනවා නම් ඔබ සදාකාලික ප්‍රීතිය අත්පත් කර ගනී. ඉතිං

මොහොතක් සිතන්න ජීවිතය දෙස අලුතෙන් හිතන්න පටන්

ගන්න ජීවිතය වෙනස් කරගන්න..

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදරෙයි!!

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

Sign up for our newsletter